🔞💥
" මට පොඩි බයක් දැනෙනවා ශාන්...."
කොත්තු කාලා ඉවර වෙලා එයා වාහනේ අලුත් ගෙදරට අරන් යද්දි හිතට දැනෙන දෙගිඩියාව නිසා එයාගෙ අත අල්ලන් මන් කිව්වෙ ඒ දිග ඇගිලි හෙමිහිට පිරිමදින ගමන්....
" ඇයි දැන් ?"
හෙවනක් යටින් වාහනේ නවත්තලා එයා ඇහුවෙ මගේ මූණ දිහා බලලා....
" අම්මා මට ගහවීද දන්නැ..."
" ....................."
" ම්හ් මන් කිව්වෙ ඉ..තිං....."
" අච්චර අර වෙඩිල්ලක් අස්සෙත් ඔයාව බේරගන්න මැද්දට පැනපු අම්මා ඔයාට මොන තරම් ආදරෙයි ද කියල ඔයාට තාම තෙරෙන්නැද්ද චූටි අයියේ ?"
" ම්හ්.... ඒක එහෙම උනාට එයා ඒවෙලෙත් මට හොදටම බැන්නා..... සෙලීනා කරපු හැමදේම එයා මට කිව්වෙ මට හොදටම බැන බැන..."
" හැමෝම එක වගේ ආදරේ කරන්නෑනෙ චූටි අයියේ....දහයකට එකක් හරි ඉන්නව ඔය විදියට ආදරේ කරන අය.... "
මගේ අත් දෙකම අල්ලන් එයා කිව්වෙ ලොකු හුස්මක් පිට කරලා...
" හ්ම්....කමක් නෑ.... බලමුකො...."
මන් කිව්වෙ එයාගෙ දෙඅත් මගේ දෙතොල් වලට ලන් කරන් සිපගෙන....
එයා ආයෙ වාහනේ ස්ටාර්ට් කරද්දි හදිසියේ පහළ උන සිතුවිල්ලක් නිසා මන් එයාගෙ මූණ මගේ දෙඅත් වලට මැදි කරන් ඒ දෙතොල් සිපගත්තෙ තදට..... මන් විතරයි දන්නෙ මේ ලිප්ස් මට කොච්චර මිස් උනාද කියල .....
" අපෝ....චූටි අයියේ...... හිල් උනාද කොහෙද ?"
එයාගෙ දෙතොල් තද රතු පාට වෙද්දි එයා කිව්වෙ ඇගිල්ලකින් පිරිමැදලා ලේ බිංදුවක් පෙන්නලා....
" මෙච්චර කල් මට කෝල් එකක් වත් නොදුන්නට පනිෂ්මන්ට් එක තමයි ඕක.... "
" හාකො "
එයා වාහනේ පාරට දාලා අරන් ගියේ බත්තරමුල්ලට....sen sal එක පහු කරන් චුට්ටක් එහාට යද්දි චයිනීස් රෙස්ටුරන්ට් එකකට එහා පැත්තෙ ගෙවල් වලට යන පාරකට එයා වාහනේ හැරෙව්වා....මොනා උනත් රෙස්ටුරන්ට් එකක් ළග තියෙන සෑහෙන්න වටිනවා දෙයියනේ ......
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...