🌻 Chapter 16 🌻

12.8K 1.4K 353
                                    

ස්කොලෙ ඇරෙන්න බෙල් එක ගැහුවට පස්සෙ මන් ගේට් එකෙන් එළියට ආවෙ ශාන් ගේට් එක ළග බලන් ඉද්දි...මන් දන්නෑ මේකේ තේරුම මොකද්ද කියල .....ඒත් මේ දැනෙන හැගීමට මන් ආදරෙයි ......

ශාන් ළගට ලන් වෙද්දි මන් හිනාවුනේ ශානුත් මාත් එක්ක හිනා උනා නොවුනා ගානට හිනා වෙද්දි....කොහොමත් ශාන්ගෙ මූණෙ එච්චර ලොකු හිනාවක් නම් ඇත්තෙ නෑ ඉස්සර ඉදන්ම....ඕකා හෙන අයිස් කුට්ටියනෙ....මන් තමයි ඔය දිය කරල අරන් තීන්නෙ.....

" ස්කොලෙ වැඩ කිව්වා නෙහ්..."

" ම්ම්....."

සාක්කු දෙකටත් අත් දෙක දාන් ශාන් ඉස්සර උනේ මාත් ශාන් එක්කම වගේ ඇවිදන් යද්දි....

එයා ආවෙ මාව ඇරලවන්නද ?? හිතාගන්න බැරි උනත් මාත් ශාන් වගේම නිහඩව ස්ටෑන්ඩ් එක දිහාවට ඇවිදන් ගියේ කවුරුහරි දැක්කොත් හරි නැති නිසා....

" පරිස්සමෙන් යන්න...."

මගේ අත ඒ අතට තද කරගෙන මිරිකලා අතෑරලා එයා කිව්වෙ මන් ශාන්ගෙ දෑස් දිහා බලන් ඉද්දි.....

ඔයා හරිම වෙනස් විදියට ආදරේ කරන කෙනෙක් ශාන්..... හිතාගන්නත් බැ වගේ...

" හ්ම්......"

ඔළුව වනලා මන් බස් එකට නැග්ගෙ ශාන් ආපස්සට හැරිලා ස්කොලෙ දිහාවට යද්දි....

අද ශාන් ස්කොලෙ නතර උන නිසා ගෙදර මොකද්දෝ පාළුවත් දැනුනත් මගේ එදිනෙදා වැඩ ටික කරගනිද්දි නිකන්ම මට ඒක මගෑරුනා.... ශාන් හරියට මුකුත් නොකිව්වත් මන් ශාන්ටත් එක්ක රෑට උයලා ( වියලා නෑ අද උයලා 🙂 ) සාලෙන් වාඩිගෙන අම්මලට කෝල් එකක් ගත්තෙ දානෙ ළග නිසා....

අප්පච්චීගෙ දානෙ ලබන අගහරුවාදා.... මන් ඉරිදා උදේ තියෙන ක්ලාස් දෙකකුත් කරල ඉවර වෙලා හිතන් ඉන්නෙ ඉරිදා හවස ගමේ යන්න.... ඒ කොහොම උනත් මේ මාසෙ නම් වියදම් බොහොම වැඩි මාසයක්.....

අල්මාරිය අවුස්සල මන් ඉතුරු කරල තිබ්බ රුපියල් විසි දාහක් එක්ක තව දහයක් මන් ලෑස්ති කරගත්තෙ මාලෙට අමතරව.... හෙට අනිද්දම ගිහින් මාලෙත් දැඩිගමට උකස් කරල කීයක් හරි ගන්න ඕනෙ.... මොනා උනත් ඉන්න තැනක හොදින් ඉන්න අප්පච්චිට පිං දෙන්න එපැයි...

Bound To The Stars✨Where stories live. Discover now