🌻 Chapter 37 🌻

11.7K 1.2K 498
                                    

🌻 semini28 ❤️ගොඩක් ලස්සනයි අක්කියෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌻 semini28 ❤️ගොඩක් ලස්සනයි අක්කියෝ......❤️
.
.
.
.
.
.
.

" ආහ්.....! අනේ...අම්මාහ්..."

කොට්ටෙට මූණ හිර කරන් අඩල අඩල හෙම්බත් වෙලා මන් කෑ ගැහුවෙ අම්මගෙ නම කියල ..... දරාගන්න බෑ වේදනාව..... ඊයෙ රෑ බෙහෙත් බිව්වා උනත් මහ රෑ මැද කකුල කකියන්න අරගත්තෙ නින්දත් නැති කරල දාලා..........

කොපුල් දිගේ උණු කදුළු බිංදු ගලන් යද්දි මෙලෝ සිහියක් නැතුව පාර පැන්න එකට මන් මටම ශාප කරගත්තෙ කීවෙනිදෝ වතාවට....

කකුල පිච්චෙනවා වගේ දැනෙද්දි ඉදල ඉදල බැරිම තැන මන් බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබ්බ පෝන් එකෙන් අඩ අඩම කෝල් එකක් ගත්තෙ මන් ඉදාගන්නකන් ඉදල කාමරේට ගිය එයාට.....

දෙපාරක් රින්ස් ගියත් එයා ආන්ස්වර් නොකරද්දි පෝන් එක මන් කේන්තියෙන් විසි කළේ ඇද උඩට...

ඇද වට්ටමට කොට්ටෙ හේත්තු කරල මන් ඇස් පියාගත්තෙ සිවිලිම දිහා බලන්.... වේදනාවටම ඇගත් රස්නෙ බව දැනෙද්දි මන් විනාඩි කිහිපයක් ගිහින් ආයෙ එයාට කෝල් එකක් ගත්තා.....

" හෙ....ලෝ....."

" අ....නෙ...ශා...න්....මගේ...කකුල... හුගක්....රිදෙන..වා..."

මන් කිව්වෙ නාඩා ඉන්න උපරොම උත්සහ කරන ගමන් උනත් එයාගෙ කටහඩ ඇහුනට පස්සෙ මට ආයෙ ඇඩුනා.....

" ආහ්....හ....රි...හරි..වස්තුව..මන් එන්නම්....ඉන්න..."

එයා කලබලෙන් පෝන් එක කට් කරද්දි මන් ඔළුව තියාගත්තෙ ඇද වට්ටම උඩින්.....

විනාඩියක් යන්න නෑ එයා තට්ටු හතරම බැහැන් ඇවිත් දොර අරිද්දි මන් ඇඩුවෙ එයාගෙ දිහා බලන්...

Bound To The Stars✨Where stories live. Discover now