පැයක් විතර මන් නිදාගත්තත් ශාන් ඇවිත් තිබ්බෙ නෑ.. එයා නිදිද කියල අහල මැසේජ් එකක් නම් දාලා තිබ්බා.....
මාව බලන්න ආවත් එයා ගොඩක් බිසී.....සීයා පපා ඉදල හිටල තමයි ඔෆිස් එකට යන්නෙ....එයාගෙ ඔළුවෙ තමයි හැම බරක්ම තීන්නෙ...
Knock .....Knock ....
" අනුක්...මන් එන්නද ??"
" එන්න දේශ්...."
දේශ්ගෙ කටහඩ ඇහෙද්දි මන් බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තියල තිබ්බ වතුර බෝතලේ බොමින් ගමන් කිව්වෙ එයා දොර ඇරන් ඇතුළට එද්දි....
" කාමරේට වෙලා ඉන්න කම්මැලී ඇති නේ......යන් එළියට...."
" කමක් නෑ දේශ්... තව ටිකෙන් ශාන් එයි...."
" බෙහෙත් බිව්වද ?"
දේශ් ඇහුවෙ මගේ ඇගට අතක් තියලා ....
" බිව්වා...මාව රස්නෙයිද දේශ් ..."
" චුට්ටක්...එළියට ගියාම ඕක හරි යයි...තුවාලෙ නිසා වෙන්නැති ...."
එහෙම කියල දේශ් මාව උස්සගත්තෙ දෝතට.....පපුවෙ සියුම් හැගීමක් කැකෑරෙන්න ගනිද්දි දේශ් මාව උස්සගෙනම ආවෙ එළියට....
" අප්පා.....මෙයාද මේ අපේ guest..."
එළියෙ පූල් එක ළග ගාර්ඩ්න් එක වගේ තැන ඉදගෙන යසිරු කිව්වෙ මන් දිහා බලලා....ශාන්ට නැන්දලා දෙන්නෙක් ඉන්නව......ලොකු නැන්දගෙ පුතා තමයි දේශ්......පොඩි නැන්දගෙ පුතා තමයි යසිරු කියන්නෙ....ඌ ශාන්ගෙ අනික් අප්පොච්චා....පොඩි කාලෙ ඉදන්ම ඌ ගිහින් තීන්නෙ ඉන්ටර්නැෂනල්..... ඉතිං ඌ ඉන්ටර්නැෂනල් ගනයේ පිස්සෙක්....
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...