01

4.8K 522 41
                                    

[ ‼️ ප.ලි - ●. චැප්ටර්ස් වල නම්බර්ස් බලලා කියවන්න..මාරු වෙනවා ඒවා.‼️ ]

"අඩෝ අඩෝ අන්න ඉෂේකයා අදත් නාරි ලතා ගමනින් මේ පැත්තට එනවා. ඌ වනනවා වැනිල්ලක්.. අපේ නැටුම් ඒකි කවුද අන්න ඒකිගෙවත් නෑ එච්චර වැනිල්ලක්.."

ලකේෂයා බෙරිහන් දුන්න පාර අරලියා ගහට හේත්තුවක් දාන් සංගීත කාමරේ ඉස්සරහ තිබුන බංකුවෙ පොඩි නින්දක් දාන් හිටිය මං ගැස්සිලා ඇහැරුණා. මොකෙක් හරි ඈතින් එනවා පේනවා..

ඌ ඉෂේකයා තමා. ඌ වගේ ගොන් හරකෙක් මම දැකලා නෑ. ඌ සාමාන්‍ය උස කෙට්ටු සුදු කොල්ලෙක්. මන්දා උගේ පැද්දිල්ලයි වැනිල්ලයි නැත්තම් ඌට ඔහොම වෙන්නෙ නෑ. මහ ගොං ගහක්. පිරිමියෙක් වෙලත් පිරිමියෙක් විදිහට ඉන්න බැරි උන් තමා මට පේන්නම බැරි. ඉඳකින් කියලා හිතෙනවා එන විදිහට.

සඳුදා මට පේන්න බැරි දවස් වලින් එකක්. එදාට මිදුල අතුගාන්න තියෙන්නෙ මටයි ලකේෂයටයි තාරකයටයි ඉෂේකයටයි. බෙදපු පරයා ළමයි හතර දෙනාට මුලු ප්‍රාන්තයක්ම දීලා අතුගාන්න. ඒකත් සංගීත කාමරේ ඉස්සරහ. එතන අරලිය ගහක් තියෙනවා ඒකෙ කොළත් අපිටම කෙළවන්න වැටෙනවා හිටු කියලා.ගොඩක් දවස් වලට ගෙවුනෙ මෙහෙම හැබැයි. උදේම ආවත් අපි අතුගාන අන්තිම එකා එනකන් බලන් ඉන්නවා.

"තනුකි පණුකි බං. ඒ ගෑණිගෙත් නෑ තමා මුගෙ තරම් ලඳ ගතියක්.." තාරක ඉස්කෝලෙටම ඇහෙන්න බෙරිහන් දීලා හිනා වෙලා කියද්දි මම හිරි ඇරලා බංකුවේ හරියට ඉඳගත්තා.

ඉෂේක් ඉදලත් ඇදගෙන එන්නෙම අතුගාන්න බලන්. මොකද ඌ දන්නවා සඳුදා අතුගන්න ඉන්නෙ ඌ විතරයි කියලා. ඔව් පන්තියෙ මිකියෙක් ඇඳලා, බැලුම් බෝල ඇතුළෙ කැටයම් අකුරෙන් 'මිදුල පිරිසිදු කිරීම' කියලා ලියලා තිබුන බෝඩ් එකේ සඳුදට අපි හතර දෙනාගෙම නම් තිබුනට ඌ විතරයි අතුගෑවෙ. ඌ එනකන් ඉතින් අපි මිදුලට තනි මකනවා.

"මේ ඉෂේක කෙල්ලද
බුදු අම්මේ වැනිල්ල
ඈ සුර අඟනක් වැනිය
බොන්න වෙන්නෙ ධම්මික පැණිය.." ලකේෂයා හින්ට් එකට කිය කිය වටේ නටද්දි මම ඉදලත් තද කරන් බිම බලන් ඉන්න ඉෂේක් දිහා බලන් හිටියා. ඌ එහෙම හිටියත් මට කේත්ති යනවා. දෙකටම නෑ.

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now