57

3.1K 469 28
                                    

"කොහෙද යන්නෙ..? "

උදේ පාන්දරම ඇහැරන් මගෙ ඇඟ උඩින් පැනලා ඇඳෙන් බහින්න යන ඉෂූව මම ඇඟ උඩට වට්ට ගත්තෙ නිදිමරගාතෙන්ම. ඒත් ඇදලා ගත්ත පාර මගෙ බඩ උඩ ඉන්දවෙද්දි එයාට ' ආහ් ' ගෑවුන පාර මම පියවි සිහියට ආවේ නින්දත් පෑල දොරෙන් පැනලා යද්දි..

"රිදෙනවද..? දනවද? මොකද්ද වුනේ.අයියෝ මං නිදිමතේ.."

"මොකුත් වුනේ නෑ අනේ රශ්‍ර.. ඔහොම අහන්න එපා ලැජ්ජයිනෙ.."

ඇස් හීනි කරන් හිනා වෙවී ඉෂූ කියද්දි මම මගෙ උඩ ඉඳන් ඉන්න එයාගෙ ෂර්ට් එක උඩට කරලා කොණ්ද අත ගෑවා. යටට ෂෝටක් නැති ඒ ඇඟ මගෙ නිරුවත් බඩට දැනෙනවා. ඒකයි අයින් වෙන්න හදන්නෙ මගෙන්. එයා ඉන්නෙ ලැජ්ජාවෙන්. ඒත් මට ඒක ගාණක් නෑ. කොණ්ද රිදෙනවා ඇති.. මං හින්දා ඉවසුවට ඒ සියුමැලි ඇඟම රිදෙනවා ඇති..

"මම අද උයන්නම් මැණික. අපි තව ටිකක් නිදාගෙන ඉඳලා කමු.."

"එතකොට කප් කේක්..? "

"අදට ඕනි නෑ. එන්න නිදාගමු.."

බඩ උඩ ඉන්න එයාව ඇඟට ඇදලා අරන් පපුව උඩ තියාගෙන තුරුලු කරන් මම නිදාගත්තෙ පුලුන් පුරවපු ටෙඩියෙක් ගාණට. ටික වෙලාවක් ෂර්ට් එක උඩ ගිය බෝල පස්සට තට්ටු දාද්දි එයා මගෙ තුරුලෙම නින්දට වැටෙනවා මට දැනුනා. මටත් ඕනි වුනේ එයා ඇහැරන් මගෙ පස්සෙන් නොඑනවා දකින්න. නැත්තම් කොච්චර උයන්න උදව් එපා කිව්වත් පොල් ටිකක් හරි ගායි.උදේට කන්න මහ ලොකු දේවල් ඕනි නොවුනට අද වගේ දවසක කන්න එයාට රසට කන්න හදලා දෙන්න ඕනි වුනා. දොරත් අඩවන් කරලා පර්ස් එකත් අරන් කාගීල්ස් එකට ගියෙ ගන්න දේවල් හිතෙන් ප්ලෑන් කර කර. ඔය කිව්වට ගිහින් ගන්නේ වෙනමම ටිකක්.

සැමන්, පරිප්පු, අල කාට් එකට දාගෙන තවත් ඇවිද ඇවිද ගෙනියන්න දෙයක් හිතුවා. ඉෂූ ආස දේවල් මොනවා වෙන්න ඇතිද කියලා හිත හිත ගියෙ මම. සැමන් නම් ආසයි කියන්න මම දැනන් හිටිය.. ඒත් කවදාවත්ම එයා ගත්තෙ නෑ. ටින් එකේ ගාණ බලලා තියලා එනවා මිසක. මම ගන්න කිව්වත් මාවත් ඇදන් එනවා.එයා නැතුව මම අද ඒවා ගත්තා. කිරි පිටි දැක්කට ගත්තේ. අයිසින් සීනි ඉවර වෙලා තිබුන හින්දා ඒවත් අරන් බිල් කරගන්න යද්දි හිතුනා අයිස්ක්‍රීම් ගන්න. එයා ආස වෙයි.

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Donde viven las historias. Descúbrelo ahora