"දෙයියනේ රශ්ර ඇයි මේ තෙ..මි..ආහ්........"
"පලයන් යන්න.."
මම හිටියෙ ඔලුවෙ ඉඳන් දෙපතුලටම තෙමිලා. හෙණ ගහන්න වහිද්දි මම කුඩයක් ගෙනිහින් තිබුනෙ නෑ.මට කඩෙන් කුඩයක් ගන්න ඕනිකමක් තිබුනෙත් නෑ. වැස්ස පායනකන් කොහෙවත් කඩ අයිනක ඉන්න ඕනි වුනෙත් නෑ. වැස්සෙ තෙමි තෙමිම මෙලෝ ගාණක් නැතුව බස් එකෙන් බැහැලා ගෙදරට ඇවිදන් එනකොට දකින මිනිස්සු හිතන්න ඇති මම පිස්සෙක් කියලා..
ඔව් මම පිස්සු වැටිලා හිටියෙ.. උන් දෙන්නා ආදරේ කරන එකටවත් වඩා මාව පිස්සු වැට්ටුවෙ මට දැනෙන නොසන්සුන්කාරී හැඟීම. මොකද මේ ලෝකෙට වෙලා තියෙන්නෙ. යකෝ කෙල්ලෙක්ට නැතුව උන් කොල්ලෙක් එක්ක මුලු ජීවිත කාලයක් ජීවත් වෙන්න හිතන්නෙ කොහොමද? ළමයි ගැන මොකද? උන්ට ළමයි හම්බෙන්නෙ කොහොමද? කෙල්ලෙක් වගේ තවත් කොල්ලෙක් කොහොමද කොල්ලෙක්ටම යට වෙන්නෙ?!
මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ.. වැඩ ඉවර වෙනකන්ම මම මන්සිළු සෂේන් දෙන්නම මගෑරියා. ඉස්සෙල්ලා අයියා අයියා කියලා කතා කලාට මට ඒ ගෞරවෙත් නැති වෙලා තිබුනා. උන් දෙන්නා ඇයි එහෙම.
ඒ සේරමත් හිත හිත ගෙට ගොඩ වෙද්දි ඉෂේක් සිරිකිඩට තෙමි තෙමිම ඉස්තෝප්පුවෙ. මම තෙමිගෙන ඈත එද්දිම ඒකා දුවන් ආවේ කුඩයක් උස්සන්. ඒත් මම ඌව තල්ලු කලා. මේ වගේ උන් තමා සේරටම මුල.. අරුනුත් මුගෙ ජාතිය.
ඒකා තණකොළ උඩට වැටෙද්දි කුඩේ අනිත් පැත්ත හැරිලා වැටිලා තිබුනා. ඌ තෙමීගෙනම මං දිහා බය වෙලා බලන් ඉඳිද්දි මම ඌව ගණන් නොගෙන ම ඇතුළට ගියෙ මූ කුඩයක් උස්සන් ඇඟේ නගින්න ආවට මාව තවත් තෙමෙන් නැති වෙන්න දෙයක් ඉතුරු වෙලා නැති හින්දා. ඇඳුම් ටික මග දිගට ගලව ගලවම වොෂ් එකක් දාගත්තෙ ගෝල්ෆේස් එක හරියෙන් පයින් එද්දි මුහුදු ලුණු හුළඟට ඇඟ ඇලෙනවා දැනෙද්දි. තව මට ඇහැට දැක්ක කනට ඇහුන දේවල් වතුරෙ දිය කරලා හරි යවන්න ඕනි වුනා.
"රශ්ර මේ කෝපි එක බොන්න.."
"මට ඕනි නෑ.. "
"අසනීප වෙයි.."
"ඉතින් යකෝ උබට මොකද.. මම අසනීප වෙච්චාවේ උබ දෙන් නැතුව පලයන් මෙතනින්."
YOU ARE READING
- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]
Non-Fiction_ සරූට පුළුවන් වුනා නම් ලස්සන කෙල්ලෙක් වෙන්න උබට ඇයි බැරි නියම පිරිමියෙක් වෙන්න... උබට පුලුවන් යකෝ වෙනස් වෙයන්.. උබ වෙනස් වුනොත් අප්පචිචි ආපහු උබ පුතා කර ගනීවි.... _ _ ඔයා අමතක කලා සරූගෙ අප්පච්චි එයා මැරෙන්නත් කලින් සරූගෙ ෆොටෝ එකට සුදු මල් මාලයක්...