43

2.8K 472 35
                                    


"සෂේන් කතා කරපන්.. සෂේන්.. සුදූ.. ඇයි කතා කරනවා.."

"ම්ම්..න්..."

මන්සිළු අයියා දුවන් ගිහින් ස්ටාෆ් රූම් එක මැද්දෙ නළලෙන් ලේ පෙරාගෙන වැටිලා හිටිය සෂේන් අයියා උරහිස් වලින් හොලවද්දි මම පියවි සිහියට ආවේ.සෂේන් අයියට සිහිය තිබුනා. ස්ටාෆ් රූම් එක හිස්.! ඒත් ඒ එක්කම මම දැක්කේ බාගෙට ඇරුණ බාත්රූම් එකේ දොර. වෙව්ලන කකුල් වලට පණ අරන් ඒ දිහාට මම දිව්වේ හිතේ හයියට. ප්‍රාර්ථනා කලේම හිතට එන නරක සිතුවිලි ඇත්ත වෙන්න එපා කියලා!

ඒත් දැක්ක දෙයින් මගෙ ඇඟේ හිටිය යකා ඔලුවටම ගැහුවා. මාව තරහින් වෙව්ළලා යනවා මට දැනුනා.

"පාහරයා! උබ මොනවද හු%$@ ඔය කරන්නෙ..! "

බිත්තියට ඉෂේක්ව තද කරන් ෂර්ට් එක උඩින්ම ඒ ඉණ මිරිකන් බෙල්ලට නැවිලා ඉන්න අසහනකාරයා දැක්කම මගෙ පයින් පාරක් ඌට වැදුනෙ කොණ්දෙ පැත්තකට.ඒකෙන් ඌ විසිවෙලා ගිහින් ටයිල් අල්ලපු බිත්තියෙ වැදිලා බිම ඉන්දෙද්දි මම ඌට කවර් වෙලා හිටිය ඉෂේක්ව හරියටම දැක්කෙ..

දෙයියන්ට ස්තූති වෙන්න මම වෙලාවට ඇවිත් දෙයියනේ..! ඌ තාම මගෙ එකාට අතක් තියලා නෑ. මොනවා වුනත් සෂේන් අයියා හොඳ ගේමක් දීලා වගේ. සෂේන් අයියව පැත්තට කරලා මෙතන්ට ඉෂේක්ව ඇදන් එන්න මූට වෙලාව ගිහින්.

"ඉෂූ.. ඉෂේක් කතා කරන්න.. ඉෂේක්.. අවුලක් නෑ නේද? හොඳින් නේද වස්තුව කියපන්.."

ටයිල් බිත්තිය දිගේ ලිස්සලා ගිහින් බිම ඉන්ද වුන ඉෂේක් ගාව මම දණ ගහන් හරව හරව හැමතැනම බැලුවෙ හරි හදිස්සියෙන්. ෂර්ට් එකේ උඩම බොත්තම කැඩිලා ගිහින් කොණ්ඩේ අවුල් වෙලා තිබුනට තාම අතක් තියන්න අරූට බැරි වෙලා. මම ඉෂේක්ව ඇදලා අරන් පපුවට තුරුලු කරගත්තෙ හරි වේගෙන්. ඉෂේක් ෂොක් වෙලා. ඇඬුවෙත් නෑ. කෑ ගැහුවෙත් නෑ.. නිකන් බලන් හිටියා..මගෙ නම් ඇස් වල කඳුලු පිරිලා.

"උබ! තෝ මට නේද පයින් ගැහුවෙ! උබට මම! "

"ආ වරෙන්. තෝව මම තාම අතෑරියෙ නෑ යකෝ.."

මම ඉෂූව ඈත් කරලා බිම කොණ්දත් අල්ලන් මම දිහා බලන් දත්මිටි කන එකා දිහා බැලුවෙ කට කොණින් හිනා වෙලා. මගේ තියෙන තරහෙ හැටියට ඌව මැරෙනවා පේන්නෙ නෑ. ස්ටාෆ් රූම් එකේ රැක් වල දාලා තිබුන ඇඳුම් අස්සෙ කාගෙ හරි බෙල්ට් එකක් මට අහු වුනේ. ඒක මගෙ අතේ පැටලෙනවා දැක්කත් ඌට නැගිටගන්න බැරුව බලන් හිටියෙ. ඒ තරමටම කොණ්දට වැදුන පාරට ඌ අඩපණ වෙලා තිබුනා.

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now