03

2.6K 487 21
                                    


"ඕ කියනවා මොකටද කතා කලේ...? "

දේශා ඇවිත් බැම්මට හේත්තු වුනේ දෙවනි විෂය කාණ්ඩෙට චිත්‍ර මැඩම් නෑ කියලා. අපේ ඉතින් සංගීතකාරයා ආවත් එහෙම ඉගැන්නිල්ලක් නෑ. ඔය ඕනි වාද්‍ය භාණ්ඩයක් ගහන් දෙයියනේ කියලා හිටියෑකි. උගන්නනවා දවසක් ඇර දවසකට. අද උගන්වන දවසක් නෙවෙයි.

ඒ වෙලාවෙ තමයි දේශා ඇවිත් කතා කරන්න ඕනි කියලා ගියෙ.මටත් ඇති වැඩක් නැති හින්දා ගිහින් ඒකි හම්බෙමු කිව්ව ගල් බැම්ම ගාවට ගියා.. එතන කොල්ලෝ කෙල්ලො කොහොමත් ඉන්නවා.

"රශ්‍ර මම ඔයාට කාලෙක ඉඳන් කතා කරන්න හිටියෙ හලෝ.."

කෙල්ලො ඇයි කතා කරද්දි හලෝ හලෝ කියන්නෙ කියලා මට හිතාගන්න බෑ.විකාර.

"කියපන් ඉතින්.."

"මේකයි.. ඔයාලගෙ අම්මා ගැන හරිද.."

"මගෙ අම්මා නෙවෙයිනෙ බං කුඩම්මා කියපන්. උබ දන්නවනෙ හැමදේම. මට ඔය ගැන කතා කරන්න නෑ.."

මං ගල් බැම්මෙන් පහල පිට්ටනිය දිහා බලන් කිව්වෙ දේශා දිහා ඕනිවට එපාවට බලලා.මේකි ගේ ගාව හින්දා සේරම දන්නවා කියන්න මම දන්නවා. ඒ හින්දමයි මට කතා කරන්න ඕනි නැත්තෙ..ඒත් ඒකි ඔලුව දෙපැත්තට වැනුවා.

"නෑ නෑ අහන්නකෝ.. කුඩම්මා තමා.මේවා කියන්නත් බෑ ඒත් ඔයා දැනන් ඉන්න එක හොඳයිනෙ... අනික මටත් ඒ ගැන දැනගන්න ඕනි ඔයාගෙන්.."

"මොකද්ද? වටේ යන් නැතුව අහපන්.."

මම තද වෙනවා ඉතින් ඔය බබා වගේ කතා වලට. කෙල්ල ගැස්සුනා. ඒකිට එහෙම කතා කරන්නෙ නැතුව ඇති කවුරුත්.මට මොකො ඉතින්..

"රශ්‍ර ඇත්තටම ඔයාලගෙ කුඩම්මා අපේ අම්මා එක්ක කියලා ඔයා කුඩු ගහනවා කියලා.. අපේ අම්මා මගෙන් අහනවා ඇත්තද කියලා.. මම කිව්වා මොන බොරුද අම්මේ රශ්‍ර එහෙම එකෙක් නෙවෙයි කියලා. ඒත් මට කියන්න ඇත්තටම එහෙම නෑ නේද? "

"....හහ්? "

හිතාගන්නත් බෑ.. මේ ගෑණි මගෙ ජීවිතේ විනාස කරනවා. ගමේ ගෑණුන්ට නැති වැරදි කිය කිය මාව විනාස කරලා දානවා.. දේශා අම්මට නෑ කිව්වද ඔව් කිව්වද මම දන්නෙ නෑ.. ඒත් ඇත්තටම මට කලකිරීමක් ඇති වුනා විතරයි.. මොනවා වුනත් දේශා මං දිහා බලන්නෙ දැන් සැකෙන්.මට හෙන අවුල් හිතුනා.

"කියන්නකෝ රශ්‍ර.. නෑ නේද.. ඔයා ඔය වැරදි කරන්නෙ නෑ කියලා මට විශ්වාසයි."

"විශ්වාස නම් මොන මගුලක්ද නැද්ද නැද්ද අහන්නෙ? ප්ලීස් මට ඉන්න දීලා යනවා දේශා..." මම කෑ ගැහුවෙ කොණ්ඩෙන් ඇදගෙන ගල් බැම්මට බර වෙලා. ඒකි බය වෙලා වගේ බලන් ඉඳලා යන්න ගියාද මන්දා..

ඇයි මෙහෙම වෙන්නෙ.. මට තේරෙන්නෙ නෑ ඇයි මෙහෙම කියලා.මම කුඩු ගහන්නෙ නෑ.. හැබැයි මම සිගරට් එකක් ඉඳලා හිටලා බොනවා. ඒකත් මේ වගේ ප්‍රශ්න වලින් ඔලුව පිරිලා ගියාම, සැනසීමක් නැතිම වුනාම, වෙන කරන්න කියලා දෙයක් හිතාගන්න බැරිම වුනාම.

බෙල් එක ගහන සද්දෙට ඔහේ ඈත බලන් හිටිය මම පියවි සිහියට ආවේ ආයෙ පන්තියට යනවද සංගීත කාමරේට ගිහින් ඉතුරු ටික නිදාගන්නවද කියලා හිතන්න. ඔන්න ඔහේ ඉගෙන ගන්න මානසිකත්වයක් නැති එකේ සංගීත කාමරේටම යනවා. මම හැරෙද්දි දැක්ක දේට මම පුදුම වුනා වගේම තරහ ගත්තා.

අරූ.. ඉෂේකයා. ඌ ඉඳලා තියෙන්නෙ මගෙ පිටිපස්සෙ.. ඌට අපි කියපුවා ඇහෙන්න ඇතිද? නෑ එක්කෝ ඌ දැන් එන්න ඇත්තෙ..මං ඌව ගණන් නොගෙන යන්න ගියා.

ඉස්කොලේ සංගීත තරඟ වලට , රැස්වීම් වලට, උත්සව වලට මාව ඕනිම චරිතයක් නිසා සංගීත සර් මට හරි ආදරෙයි. මිනිස්සු හරි කපටියි.. මං වැඩකට නැති එකෙක් නම් මාව කපලා දානවා.ඒත් දැන් ගිහින් ඔලුව රිදෙනවා සර් කිව්වොත් සර්ගෙ රෙස්ට් කරන රූම් එක පවා මට ඇරලා දෙනවා.

රූම් එකේ දොරත් වහලා දාලා ඉස්පිරිතාල ඇඳ වගේ එකක පුරවලා තියෙන බඩු ටික පැත්තකින් තියලා මම ඒකට පැනලා ඇස් පියාගත්තා. හිතන්න දේවල් එමටයි. ඇත්තටම ඔලුව පැලෙන්න රිදෙනවා. ලකේෂයලා දෙවනි කාණ්ඩෙන් කලේ සාහිත්‍ය රසාස්වාදය නිසා දැන් ක්ලාස් එකේමයි ඇත්තෙ පනින්න විදිහක් නැතුව. මොකද ඒ විෂය කලේ පංතියෙමයි. උන් මාව හොයනවා ඇති...

ටිකකින් මගෙ ඔලුවට ලොකු සහනයක් දැනුනා.. හරියට මගෙ අම්මා මගෙ ඔලුව අතගානවා වගේ.. ඒක හරි සනීපයක්.. මම නින්දෙන්ම අම්මට තුරුලු වුනා..

ඕක වුනේ එකොළහ වසරෙ අන්තිමම කාලේ. අපි ඕලෙවල් ලියන්න ලැහැස්ති වෙනවා මට මතකයි.


_________________________________

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now