06

2.5K 485 17
                                    

දවසක් දෙකක් නෙවෙයි දවස් තුනක් මම ලකේෂ්ලගෙ ගෙදර. ඒ මිනිස්සුන්ටත් මට පිනට කකා තියාගෙන ඉන්න බැරි හින්දා මම අද එළියට බැස්සෙ කොහොම හරි මොන මගුලක් හරි හොයාගන්නවා කියලා හිතාගෙන. බැරිම වුනොත් කාමර කෑල්ලක් හරි ගන්නවා දවසකට දෙකකට. මේ ගෙදර තවත් හිටියොත් ලකේෂයත් පව්. තාරකගෙ ගෙදර යන්න බෑ. ඌට දහය වසරේ නංගිලම දෙන්නෙක්. කෙල්ලෝ ඉන්න ගෙවල් අස්සෙ මට කොහොමත් එයාලගෙ අම්මලා එනවට කැමති වෙන එකක් නෑ.

ලකේෂ්ලට අද ක්ලාස් හින්දා උනුත් එක්කම මමත් එළි බැස්සා. උන් ක්ලාස් එකට ගියෙ එක හිතකින් නෙවෙයි කියන්න මම දන්නවා. මොන තරම් 'මට අවුලක් නෑ තොපි පලයව්' කිව්වත් උන් ගියෙ නොයා බැරිකමකට. ඉස්සර තුන්කට්ටුවම ක්ලාස් යන හැටි මතක් වෙද්දි මටත් හෙනම අවුල්. අන්තිමට තුන් දෙනාම එකට ගිය ජීවිතේ මට මගින් වෙන පාරකට හැරෙන්න වුනා..

"වයස යන්තම් දහාටයිනෙ කොල්ලෝ..ඒකයි අවුල.."

"කලින් මොකුත් එක්ස්පීරියන්ස් නැතුව මේවට ගන්නත් බෑ.. අපි බලමුකෝ.. දැනුම් දෙන්නම්.."

"ඒලෙවල් කරලා හිටියා නම් නේද..ඒකනෙ.."

"අපිට ඕනි කරන්නෙ කෙල්ලෙක් තමා.. දන්නෙ නැද්ද මල්ලා කස්ටමර්ස්ලා ඉල්ලන දේ අපි දෙන්න එපෑ.."

මේ දවස් දෙකට ගිය පහලොස් තැනකින් අහපු එකම කතා ටික මට දැන් කටපාඩම්. ඕනි තරම් ජොබ් කියන රටේ පොඩ්ඩක් එලියට බැහැලා බලන්න ඕනි ජොබ් එකක් හොයාගන්න විඳින්න ඕනි දුක. පිනට කන්න බැරිකමට ඊයෙ ලකේෂලගෙ ගෙදරට හාල් පරිප්පු ටිකක් අරන් ගිය එකෙන් දාහක්ම ඉවරයි.. ' අනේ මේ මොකටද පුතේ' කියලා අහන ගමන් ලකේෂ්ගෙ අම්මත් ඒ ටික දෝත බදලා ගත්තා.

අද කොහේ යන්නද කියලා හිතාගන්න බැරුව පාරේ අයිනෙ තිබුන පාක් එකක කෙළවරේ බංකුවක මම ඉඳගත්තා. තාම උදේ හින්දා මොනවා කරන්නත් කඩ අරින්න එපෑ. පොඩි ඇච්චො කීප දෙනෙක් මොන්ටිසෝරි යන ගමන්ද මන්දා පාක් එකේ ලිස්සන බෝට්ටු ඔංචිල්ලා පදිනවා. මම ඒ දිහා බලන් හිටියේ කිසිම හැඟීමක් නැතුව. ජීවිතේ තව කොච්චර දුර යන්න තියෙනවද.. මම මේ නැවතිලා ඉන්නෙ මගක නේද? මට එච්චර දුර යන්න තියා හිතන්නවත් පුලුවන්ද?

"අ..හ්ම්.. "

එකපාරටම වගේ මගෙ ලඟින් ආව උගුර පෑදීමකට මම ඒ පැත්ත බැලුවෙ. බලද්දි සුදු උස කොල්ලෙක් මං ගාව හිටන් ඉන්නවා. දැකලා පුරුදු මූණක් වුනත් එකපාරටම ඒ කවුද කින්ද මන්ද මොකුත් ඔලුවට ආවේ නෑ.

"කවුද? "

"මේ - මේ රශ්‍ර නේද? .."

"ඔව්..."

මේ කොල්ලා අපේ ඉස්කෝලෙ වගේ මතක් වෙනවත් එක්කම එකපාරටම මට මූව මීටර් වුනා. අපේ ඉස්කෝලේ පුරඟන... ඉෂේකයා.

"අඩෝ උබ කාමිනී..! නේහ්? "

මංම දාපු නම මට කොහොම අමතක වෙන්නද? මම කට කොණින් හිනා වෙලා ඌ දිහා බැලුවෙ එච්චර හොඳින් නෙවෙයි. ඌ එක්ක කතාවක් මට තිබුනෙ නෑ. මං දැක්කා මං එහෙම කිව්ව ගමන් මෙච්චර වෙලා ලා හිනාවකින් තිබුන ඒ මූණ ටිකක් පරල වෙලා යනවා. ඉතින් ඌ මොකටද ඔය කතා අහගන්න මං ගාවට ආවේ. යන ගුබ්බෑයමක යා ගන්නෙ නැතුව. හැබැයි හැබෑටම මූ ඒලෙවල් වලට මම දැක්කෙ නෑ ඉස්කෝලේ ඉන්නවා. එතකොට මූ එකොළහෙන් පස්සෙ මම දැකලා නෑ. පුදුමයක් නෑ ඌව අඳුනගන්න බැරි වුන එක.

"ඔයාට මාව මතකයි නේද.." නැළවි නැළවි ඔයා මෙයා කියලා කියලා කතා කරන හැටි. ෂික්..

"උබ අමතක වෙනවද බං. ඉස්කෝලේ ළඳ. ආ දැන් උබ ඒලෙවල් කරන්නෙ නැද්ද? මං දැක්කෙම නෑනෙ.."

"ම්.. නෑනෙ. ඉඳගන්නද මං මෙතනින්.."

"අනේ රඟන් නැතුව ඉඳගනින් බං.."

තරහත් යනවා මට. මම ආසම නැති චරිතයක්. මට හිතෙන්නෙම දෙකක් ඇනලා කොල්ලෙක් වගේ හැසිරියන් පරයො කියන්න. ඌගෙ මූණ හොඳටම නරක් වෙලා මගෙ කතා වලින්. මං මොනවා කරන්නද.. ඌ මොකටද මෙතෙන්ට ආවේ ඕවා අහන්න.

"මම ඉස්කෝලෙන් අයින් වුනා රශ්‍ර.. තවත් ඒකෙ මට ඉන්න පුළුවන් වාතාවරණයක් තිබුනෙ නෑ.. "

"උබ ඉතින් ඒ වාතාවරණෙ නැති කරගත්තා. යකෝ හරිහමන් පිරිමියෙක් වගේ හැසිරියන්කෝ ලබ්බ. එහෙනම් ඔහොම මගුලක් වෙන්නෙ නෑනෙ.."

"හිතන්නේ මම උවමනාවෙන් මෙහෙම වුනා කියලද? මම ආසාවෙන් මෙහෙම හැසිරෙනවා කියලද? ඇත්තටම හිතන් ඉන්නෙ එහෙමද? මටත් ඕනි.. මටත් - මමත් කැමතියි ඔය වගේ - ඔයා වගේ ඉන්න. ම.. මමත් ආස නෑ කතා අහ - අහන්න.."

_______________________________


●. දහයක් වෙනකන් දීලා නවත්තම් ඈ..🙂 ඔයාලා එකදිගට ඉල්ලද්දි දුකයිනෙ.. ඒත් ටයිප් කරපු ටික ඉවර වුනාම මට ආයෙ ටයිප් කරන්න වෙනෝනෙ..🙂

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now