34

2.9K 509 35
                                    


මන්සිළු අයියගෙ ඇල්ටෝ එකේ නවලෝකෙට යනකන්ම මම බලන් හිටියෙම වීදුරුවෙන් එහා පැත්තෙ ඈතට විහිදෙන මුහුද දිහා. ඈතින් හදාගෙන යන වරාය නගරය පේනවා.. මිනිස්සු ගෝල් ෆේස් එකේ ඇවිදිනවා.සෙල්ලම් කරන පොඩි උන්..... ෆෝටෝස් ගන්න කපල්.... ඔහේ ඇවිදන් යන මිනිස්සු.... මම ඒ දිහා බලන් හිටියා.

ඒත් මොන දේ දිහා බලන් හිටියත් හෙණ ගැහුවා වගේ ඔලුවට එන්නෙම අර දෙමළ ගෑණු කෙනා කිව්ව දේ..

"ඉත හරි කරදරේ නේද මේ දවස් වල.. මාත්තයාලා හොඳ අය ඉන්දා කියන්නෙ.. අර සුදු මාත්තියා බෝම දුකින් ඉන්නෙ. ඔය මාත්තියා ඔය හොඳ ඉත ඉක්මනට තේරුම් ගන්න මාත්තියා..ඔවා කාලය වැඩියෙන් ගන්නවා තමා.සීත කාලෙන් පස්සේ වසන්තය එනවා මාත්තියා.. "

ඒ ගෑණු කෙනා කිව්වෙ එච්චරයි. ඇයි මට මගෙ හිත තේරුම් ගන්න කිව්වෙ? මම මොකද්ද මෙච්චර කාලයකට තේරුම් නොගත්තේ? සීත කාලෙකට පස්සෙ වසන්තය එයිද ඇත්තටම? අපි මේ ගෙවන කාලෙනම් හෙණ විතරයි නැත්තෙ. ඉතින් මට නොඑන වසන්තේ හරි සැකයි බං.

"මොනවද බං ඔච්චර හිතන්නෙ? "

"මොකුත් නෑ අයියෙ.."

සෂේන් අයියා පැසෙන්ජර් සීට් එකේ ඉඳන් අහද්දි මම පියවි සිහියට ආවා. ඉෂේක් දිහා මම බලද්දි ඒකාට සීට් එකේම නින්ද ගිහින් තිබුනා. පව් ඊයෙ රෑම නින්දක් තිබුනෙ නෑ. මම ඒ පැත්තකට කඩා වැටෙන්න යන ඔලුව මගෙ උරහිසට බර කරගත්තේ එච්චර හිතන්නෙ නැතුව. ඒත් ඉස්සහරහ බලද්දි දැක්කේ ඩ්‍රයිව් කරන මන්සිළු අයියයි සෂේන් අයියයි දෙන්නම මං දිහා බලන් ඉන්නවා.

"මොකද යකුනෙ ඔහොම බලන්නෙ.."

"මෙහෙම නැතුව කොහොම බලන්නද? ඕයි මල්ලි උබ මහ පිස්සෙක් බං.. උදෙත් කිව්වා වගේ මී ගවයෙක්.." මන්සිළු අයියා කට කොණින් හිනා වෙනවා මිරර් එකෙන් පෙනෙද්දි සෂේන් අයියා බෙරිහන් දෙන්න පටන් ගත්තා.

"කෑ ගහන්න එපා අයියෙ මේකා නිදි. පව් ඊයෙ රෑත් නින්දක් නෑ.."

මම සෂේන් අයියාට රවලා කතා කලේ ගොඩක් හෙමින්. ඌ මහ නෝන්ඩියට මට හිනා වුනේ.

"උබ දන්නෙ නැති දෙයක් කියන්නද කොල්ලො..? "

"ම්ම්.."

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now