05

2.5K 486 5
                                    


"ඩෝ උබ ගෙදරින් ආවද භල්ලෝ එතකොට.."

"තවත් ඒ ගෙදර ඉන්න බෑ බං මට.."

මම ඩෙස්ක් එකේම ඔලුව ගහගත්තෙ හෙණ ගැහුවා වගේ ෆීලින්ග් එකක් දැනෙන නිසා. හිතේ තියන තරහට දුකට ආවට කරන්න දෙයක් කොහොමත් හිතේ තිබුනෙ නෑ. හිතේ තිබුන එකම දේ ඒ ගෙදර තවත් ඉන්න බෑ කියන එක විතරයි.මං දන්නෙත් එච්චරයි. ඒත් රුපියල් හයදාහෙන් මොන මගුලක් කරන්නද මම..

"උබට අපේ ගෙදර දවසක් දෙකක් හිටියෑකි මචෝ. හැබැයි පුතේ අපේ අම්මලගෙ කනටත් ඔය මගුල් කතාව ගිහින් නම් තෝත් එක්ක මාවත් එළියට දානවා බුදු ෂුවර්."

ලකේෂයා කියන්නෙ අවුලෙන්.මට තේරෙනවා උන්ටත් මට උදව් කරන්න විදිහක් නෑ තමා.ඒත් දවස් දෙකකටවත් මොකෙක්ගෙ හරී ගෙදරක් තිබුනොත් මට දවස් දෙකකින් මොකක් හරි වැඩක් අල්ල ගන්න පුළුවන්.

"දවස් දෙකකට පුළුවන් නම් ඇති බං.මම ජොබක් හොයාගන්න ඕනි. මම වීල් පාක් එකේ අයිය කෙනෙක්ටත් කෝල් කලා. ඌ කිව්වා මොකක් හරි බලන්නම් කියලා."

"එතකොට උබ දැන් ඒලෙවල් කරන්නෙ නැද්ද බං..? " තාරකයා ඉණටත් අත තියන් අහන විදිහට හිනා යන්නත් එනවා.

"ඉන්න තැනක් කන්න දෙයක් නැතිව මොන ඒලෙවල්ද බං? " මම ඇස් පියාගෙන පිටිපස්සට හේත්තු වුනේ එතනින් එහාට කතා කරන්න දෙයක් තවත් නැති නිසා.

කුඩම්මාගේ අදහස සාර්ථක වුන නිසා එහෙ පාටි ඇති. ඒ ගෑණිට මාව එළවනකන් නින්ද යන්නෙ නැති ලෙඩක් තිබුනෙ. පිටට 'මමයි මහත්තයයි පුතයි' කියලා පෙන්නන්න ඔය ඕනි වුනේ. 'මහත්තයගෙ කලින් කසාදේ කොල්ලෙක්' ඒකට ගැලපෙන්නෙ නෑනෙ. ඒකයි ඔතන ලෙඩේ වුනේ.

ඉස්කෝලේ ඇරෙන්න ගේට්ටුවෙනුත් එලියට බැහැලා ආයෙත් හැරිලා බැලුවෙ ඉස්කෝලේ දිහා. නවත්තන්න ඕනි නෑ මට. ඕලෙවල් විතරක් තියෙන එකෙක් විදිහට සමාජයට යන්න මට ඕනි නෑ.. ඒත් හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටනෙ. සමහර වෙලාවට තීරණ තියෙනවා ඒවා ඒ වෙලාවට ගන්නම වෙනවා. මමත් ඒ වගේ තැනක හිටියෙ. තාරකයා බලෙන්ම වගේ කරට අත දාගෙන ඇදගෙන ගියෙ මම මොකාද වගේ ඉස්කෝලේ දිහා හැරිලා බලන් ඉන්න නිසා.. අන්තිමට ගිහින් නතර වුනේ ලකේෂ්ලගෙ ගෙදර. ලකේෂ්ගෙ අම්මා හිටියෙ මවාගත්ත හිනාවකින්. 'එන්න පුතේ ගෙට' කියලා කතා කලාට මම දන්නවා ඔය හිනාව දවසකට දෙකකට වඩා තියෙන්නෙ නෑ කියන්න. ඊට කලින් ජොබක් සෙට් කරගන්නම ඕනි.

"යමන් මමත් එන්නම් උබ එක්ක... තාරකයත් එන්නම් කිව්වා."

ලකේෂ් මාත් එක්කම එලියට බැස්සෙ ටවුම පැත්තෙන් ජොබ් එකක් හොයාගන්න හිතාගෙන. මොනවා වුනත් උන් දෙන්නා තරම් මට ෆිට් වුන එකෙක්වත් නෑ. ටවුන් එක කිව්වට ඒකෙ හොඳ පඩියකට ජොබ් එකක් තියෙයි කියලා හිතන්න අමාරුයි. මේක හැමෝටම අමාරු කාලයක්. ඉස්සෙල්ලම මම කිව්ව වීල් අයියා හොයාගෙන ගියා නම් හරි. ඌ කියන්නෙ නෑ කියලා නම් නෑම තමා ඉතින්.

"මුදලි අයියෙ.. මං අර උදේ කිව්ව එක.."

"ආ ආ රසා මල්ලි. උබ එනකන් මම හිටියෙ කොල්ලෝ. උබලා වගේ පොඩි උන්ට රස්සා මේ පොඩි ටවුමෙ නෑ බං.මම හෙව්වා. ඒවා උබට බර වැඩී..."

මුදලි අයියා මගෙ වෙලාවට හයර් එකක් නැතුව වීල් පාක් එකේ හිටියා. කොට්ටම්බා ගහ යටින් හයර් එකක් ගන්න තරම් පෝසත් උදවිය ටවුමෙ නැතුව නෙවෙයි. ඒත් ඕකුන් කුණු ලෝබයි. පොසිටිව් උත්තරයක් බලන් ගියාට මොකද මුදලි අයියත් ගත් කටටම 'නෑහ්' ගෑවා.

"මොන වගේ බර වැඩද අයියෙ. මටත් ඕවා බැරි නෑ පුරුදු වෙලා ආවම.."

"උබට ඕවා බෑ බං. කරන්නත් එපා ඒවා. ඕවා මේ මේම කාලකන්නි වෙන්න ඕනි ජීවිත නෙවෙයි. උබට පුලුවන්ද සිමෙන්ති අනන්න ඈ? පලංචි ගානේ නගින්න? ඕවා කරන්න එපා යකෝ ඉගෙනගෙන හොඳ තැනකට පලයන්.."

"හහ්.."

මං ලොකු හුස්මක් පාත දැම්මා. තවත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.මම ඌට වුන දේ කිව්වෙ නෑනෙ ඉතින්. ඉගෙන ගන්න මමත් ආසයි. සල්ලි නැතුව මොනවා කරන්නද? සල්ලි යහමින් හම්බුනොත් රස්සාව කරන ගමන් ප්‍රයිවට් කරනවා ඒලෙවල්. ඉස්කොලේ යන්නයි රස්සා කරන්නයි දෙකක් බෑනෙ.

"යමන් බං. අපි මොකක් හරි බලමු.."

තාරකයා පිටට තට්ටුවක් දාගෙනම හැරෙද්දි 'බලමු අයියෙ' කියාගෙන ලකේෂයත් එන්න හැරුණා.මට මොකුත් කියන්න ඔලුවට ආවේ නෑ.

"පොඩි උන්.. ඕකුන්ට රස්සා කරන්න පුලුවන්ද මුදලි අයියෙ..." වීල් පාක් එකේ උන්ටත් විහිළුවක් වුන එක විතරයි වුනේ අන්තිමට.

_____________________________

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now