56

3.2K 480 30
                                    


"මහන්සියි අයියෝ...."

ඉෂූ ටී එකකට ෂෝටක් දාන් ඇඳට වැටෙද්දි මම හිනා වෙලා ඒ පස්සට එකක් දුන්නා. කලින්ම මට වොෂ් දාන්න කියලා එයා උයලා ඉවර කරද්දි මම වොෂ් එකක් දාන් ඇවිත් දෙන්නගෙම ඇඳුම් ටික අස් කලා. හෙට සැනසීමෙ ඉන්න තියෙන නිවාඩු දවස..ඒකෙත් රෙදි නව නව ඉන්න බෑ.

ඉෂූ වොෂ් එකක් දාන් ඇවිත් මහන්සියි කියාගෙන ඇඳට වැටෙද්දි මම ඇඳේ පැත්තකම ඉඳන් ඒ කකුල් මගෙ ඔඩොක්කුවට ගත්තා. රතු වෙලා. ඒකා ගොඩක් සුදු හින්දාම ඒක කැපිලා පේනවා. සපත්තුවේ විදිහට තද වෙලා විලුඹ රතු වෙලා. කුණු පොදක් නෑ.. රෝසම රෝස පාටයි.

"රිදෙනවද මගෙ මැණික..? උබට ගෙදර ඉන්න කියන්නේ ඒකනෙ දරුවො. මේ බලනවා කකුල් එහාට මෙහාට දුවලම රතු ගැහිලා."

මම ඒ කකුල් දෙක පහලට අතගාන ගමන් සනීපෙට මිරිකද්දි ඒකා පූස් පැටියෙක් වගේ 'පුරු පුරු' ගාලා ගොරවනවා. අත් වලට ගත්ත ඒ විලුඹ දෙකට තොල් තියලා ඉඹිද්දි පපුවට තදින් දැනුනේ ඒ හැඟීම ආදරේ. සිනිඳුයි.. ඒත් ඒ කකුල් මොන තරම් එහාට මෙහාට දුවනවද කියලා ඉඳන් ඉන්න මම දකිනවා. පළවෙනි පාර නොදැනුනාට දෙවනිපාරටත් ලෝබ කමට ඉඹිද්දි එයා ගැස්සිලා ගිහින් කකුල් ඇදලා ගත්තා.

"මොනවද කරන්නෙ රශ්‍ර. මට පව් පිරෙයි මහත්තයෝ. ඉඹින්න එපානෙ.."

"ඒ මොකෝ පවක්.. මගෙ දේවල් මම ඉඹිනවා."

මම කට කොණින් හිනා වෙලා එයාගෙ ඇඟ උඩට එද්දි ඒ ඇස් හිනී වෙලා හිනා වුනේ හුරතලේට. ලෝබයි මේකාට මම දැන්. ඒ හුරතලේට.. ඒ ආදරේට.. හැමදේටම. නළලට තොල් තද කලේ දරාගන්න බැරි ආදරේට වුනාට නළලින් තොල් වලට නැවෙද්දි හිතුවක්කාර හැඟීම් ගොඩකට මාව යට වුනා වගේ. තාමත් තෙත සීතල තොල් මගෙ තොල් අතරෙ හිර වෙද්දි , දඟ කරද්දි දැනුනා මගේ බෙල්ල වටේ යන ඇඟිලි. පිය වුන ඇස් දාර දිගේ දිග ඇස් පිහාටු දිහා බලාගෙන මම ඒ තොල් මගෙ යටතට අරන් තෙත් කරද්දි පොඩි පොඩි කෙඳිරිලි පිට පැන්නා.

තොල් රතු වෙලා ඉදිමිලා ලේ පුරද්දි තොල් වලින් පහලට නිකට සියුමැලි බෙල්ල මගෙ තොල් වලින් පහසවත් වෙද්දි දත් අතරට සියුම්ව හැපිලා ගිය තැන් නැතුව නෙවෙයි..

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now