38

3K 499 32
                                    


සීතලේ ඉඳලා ඉෂේක්ව තවත් ලෙඩ කරන්න ඕනි නැති හින්දා මම එයාව පපුවෙන් ඈත් කලේ.ඒකත් ලොකු අකමැත්තකින්. තෙත අන්ඩර්වෙයා එක එතනම ගලවලා දාලා ටවල් එක අරන් ඉණ වටේ ඔතද්දි ඉෂේක්ගෙ ඇස් තිබුනෙ මගෙ මූණේ. මමත් ඒ ඇස් දිහා බලන් හිටියා විතරයි.

"මෙහෙ එනවා බලන් ඉන්නෙ පිළිමෙ වගේ.."

මමත් තෙත ඇඳුම් ගලවලා දාලා ෂෝටක් දාගෙනම ඉෂේක්ව ඇදලා ලඟට අරන් ඒකත් එක්කම කුස්සියෙ දොරෙන් ඇතුළට ගියෙ තෙත රෙදි ටික වැලටත් දාගෙනම.

"ඇඳුමක් දාගෙන එන්න කන්න.."

මගින් ගත්ත රයිස් එක තාමත් රස්නෙයි. මම උයන්න කියලා මහ ගොඩක් දන්නෙ නෑ. ඒත් මොනවා හරි කරලා උයන්න වෙනවා. දවස ගානේ කඩෙන් කෑවොත් ඉතුරුවක් නෑ. අන්තිමට දෙන්නටම පාරට බහින්න වෙයි ලයිට් බිල් ගෙවන්න වෙද්දි. කාමරේ දොර ඇරෙද්දි මම ඒ දිහා බැලුවෙ දාහක් දේවල් හිත හිත. ඉෂේක් ගාව තිබුනෙම ඒ වගේ දෙකක් බහින්න පුලුවන් ටී ෂර්ට්. ඒකක් ඇන්දම පිටට පේන්නැති තරම් ෂෝටවල්. ඉස්සර මම ඒක විකාරයක් වගේ දැක්කට අද මට හිතුනෙ 'මූ එහෙම මාර කියුට්නෙ' කියලා. පොඩි එකෙක් වගේ අවුල් වුන කොණ්ඩෙයි ලොකු ටී එකයි ඉෂේක්ට දුන්නෙ හුරතල් පෙනුමක්.

"මාත් එක්කම අතින් කමුද? කවන්න ඕනිද? "

ඒකා දිහා වගේ බලන් ඉන්න එක හෙනම අවුල් හින්දාමම මේසේ උඩ රයිස් එක දිග ඇරලා සෝස් එක දාගත්තා. මොකුත්ම උත්තරයක් නොදී ඉෂේක් මං ගාවින් ඉඳගෙන අතින් කන්න වගේ අත ගත්තා. සමහරවිට එයාට තේරෙන්න ඇති මමත් බඩගින්නෙ කියලා. කන්නෙ කුරුලු හොටින් පැටවුන්ට කවනවා වගේ.

"බලනවා කන පොඩ්ඩ. කෝ 'ආ' කියනවා..ඔහොම කාලා ඇතෑ."

මම බලෙන්ම කටක් දෙකක් කැව්වෙ මම කන ගමන්ම. පොඩ්ඩක් මූණ බෙරි කරගත්තට කැව්වම අගේට කෑවා.

"ඉෂූ.. හෙට ඉඳන් ආපහු කප් කේක් හදන්න ඕනි. ඒ ටික කඩ වලට දාලා ඊට පස්සෙ මං එක්ක අපේ රෙස්ටුරන්ට් එකට යමු. හරිද? "

".........."

"කප් කේක් හදනවා නේද? "

"ම්හු..."

මේකා ගත්කටටම බෑ කියන්න දෙපැත්තට ඔලුව වනනවා. ඒත් මගෙ ඔලුවෙ ඩොක්ටර් කිව්ව දේවල් තිබුනෙ.

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now