17

2.6K 495 25
                                    


"කෝ එකක් දීපන් මෙහෙට.."

ඉෂේක් එක්ක බස් එක හිටන් ඉන්න ටිකට ඌ අත් දෙකේ තියන් හිටිය කාඩ්බෝඩ් පෙට්ටි දෙක දිහා බලලා මම එකක් ඉල්ලුවා.

මටත් පිස්සු. නිකන් නෙවෙයි හොඳටම. හෙට වැඩට යන්න නම් මම ඇඳුම් සපත්තු ගන්න යන්න හිතන් හිටියෙ අද කොහොමත්. ඒත් මට තියෙන පිස්සුව කියන්නෙ උදේ පාන්දර අරන් හදාගත්ත ළමයාවත් ඇදගෙන යන එක. ඌ හදනවා නම් මකලම හදන්න ඕනි.. ඇඳුමෙ ඉඳන්.. කොණ්ඩෙ ඉඳන්.. මූ නිකන් රෝස බබෙක් වගේ. හැමදේම හරිගස්සන්න ඕනි. ඒකයි මමත් ඇඳුම් ගන්න යන එකට ඌත් ඇදන් යන්නෙ. හැබැයි මම ඒම කිව්ව ගමන් සල්ලි නෑ නොගා ඒකත් හරි උවමනාවෙන් ඌ ලැහැස්ති වුනා.

පව් කියලත් හිතෙනවා. ඌට මාරම උවමනාව මේකට. මටත් කලින් එළියට බැස්සෙ ඌ.

"මට පුලුවන් රශ්‍ර.."

"දීපන් මෙන්න මෙහෙ නටන් නැතුව.."

මම උගෙ අතින් එකක් අරන් ඌ එක්කම බස් එකට නැග්ගෙ මේ මගුල් ටික ඉක්මනට කඩ ටිකට දාලා කරලා ඇඳුම් ගන්න යන්න. අද බස් එකේ සිට් ගානට මිනිස්සු. වෙනදා පුරුද්දට ඉෂේක් පිටිපස්සෙම සීට් එකේ ඉඳගනිද්දි මම ඌ අතට පෙට්ටිය දීලා දොර ගාවින් හිටගත්තා. ටික දුරක් යද්දි ඌ මගෙ කලිසමෙන් ඇදලා ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා කියලා ඇස් වලින් කිව්වා.

ඌ කප් කේක් දාන්නෙ හොඳ හයි ක්ලාස් ෂොප්ස් වලට. කියව ගන්නත් බැරි නම් තියෙන ෂොප් එකක නැවතුන ඉෂේක් දොරත් තල්ලු කරන් ඇතුළට යද්දි මමත් ගියා. කෙල්ලෙක් ටේබල් පිහ දා දා ඉඳලා ඉෂේක් දැක්ක ගමන් හිනා වුනා. මූත් හිනා වෙලා පෙට්ටිය මේසේ උඩින් තියලා දුන්න ට්‍රේ එකක කප් කේක් පරිස්සමට තියනවා.

"ඉෂේක් මල්ලි කවදාවත් නැතුව යාලුවෙක් එක්ක වගේ.."

"අහ්.. ආ ඒකනෙ අක්කා.."

ඒ කෙල්ල මං දිහා බලලා හිනා වෙද්දි මම නිකන් පොඩි හිනාවක් දුන්නා විතරයි. මං මගෙ යාලුවෙක් නෙවෙයි හැබැයි. මොනවා වුනත් ඒ අක්කා බබා මං දිහා සැරින් සැරේට බලනවා. මම කට කොණින් හිනා වෙලා ඉෂේක් එක්කම ආපහු එන්න හැරුණේ ඒ කෙල්ලව එච්චර ගණන් නොගෙන.

ඕක හෙන පුරුදු දෙයක්. ලොකුකමට කියනවා නෙවෙයි. ඒත් කෙල්ලන්ගෙ ආකර්ෂණය මට නුපුරුදු දෙයක් නෙවෙයි.මට වයසට වඩා තරුණ පාටක් තිබුනා. ඉස්කොලේ මතක ඇති කාලෙ ඉඳන් යගුලිය, හෙල්ල, කවපෙත්ත වගේ පිටියේ තරඟ වලට ඇඟ හදපු නිසාම බලපු එකෙක්ට මම ඒලෙවල් කියන්න බෑ. විසි තුනක විතර පෙනුමක් මට තිබුනා. පොත්ත සුදු නම් කෙල්ලො කොහොමත් බලනවා. මගෙ අම්මාගෙන් මට ලැබුන දේකට තියෙන්නෙ එච්චරයි.... ආදරේ නැතත් එයාගෙ පෙනුම මට තිබුනා.. මගෙ අම්මා හරි ලස්සන කෙනෙක්.

ඒකටත් එක්ක මේ හිච්චි ඇටයා. ඌව මට කවපෙත්ත විසි කරනවා වගේ ඈතට විසි කරන්න පුලුවන් තනි අතින්. ඉෂේක් වුනත් පොත්ත සුදු කොල්ලෙක්. මගෙ උරහිසටම ඌත් උසයි. මූ කන්නෙ නෑ. කෙට්ටුයි ඉතින්. උගෙ තොලයි නහයයි අතරෙ පැත්තකට වෙන්න ලපයක් තියෙනවා. අර ඉෂි අම්මා ඉන්න කතාවෙ පොඩි එකීගෙ ලපේ තියෙන තැන. ඒක තමා ඌව කෙල්ලෙක් වගේ ලස්සනට පේන්න තියෙන දේ. මම මොකාද වගේ මේ ටික දවසට රැවුල වැවුවට ඌ ලොකුවට රැවුල වවලා නෑ.

"රශ්‍ර..."

".........."

" රශ්‍ර..... අහන්නකෝ.."

"........."

"රශ්‍ර අහපන්කෝ බං.."

"ඈ මොකද්ද? "

මම අහසින් පොළොවට කඩන් වැටුනෙ ඉෂේකයා කෑ ගැහුව විදිහට. යකෝ මූ!

අපි හිටියෙ අත් සැහැල්ලු කරන් අර මගුල් කේක් ටික සේරම ෂොප් වලට දාලා. ඊලඟට තියෙන්නෙ ඇඳුම් කඩ ගානෙ රස්තියාදුවක් තමා. ඒකට ඉතින් කොටුවට පයින් යන ගමන් හිටියෙ. ඇවිදන් යන ගමන් මම ලොකු කල්පනාවක හිටියෙ ඌ මොනවා හරි කිව්වට ඒ තරම් අවදානයක් නොදී. ඒකට මේ බූරු පුතා කන ගාව බෙරිහන් දීලා කෑ ගැහුවා. ඒකත් ' රශ්‍ර අහපන් බං' කියලා.

එතකොට ඌ දැන් මට බං කිව්වා? අහපන් කිව්වා... ඇයි දැන් මූ මට එහෙම කතා කලාට මට කේන්ති යන්නෙ? ඌට මම එහෙම කතා කරන්න කිව්වට මට එහෙම කතා කරන්න කිව්වේ නෑනෙ?

'ඇයි උබ කියලා වෙනසක් කරන්නෝනිද? ' මගෙ හිත සමච්චලයට වගේ අහනවා.. මේක මහ පටලැවිල්ලක්නෙ!

"බෙල්ලන්විල පන්සලට ගිහින් යං..පළවෙනි පඩිය හින්දා මල් මිටක් පූජා කරමු.."

ඉෂේක් මට අමතක වෙන්න ගිය දෙයක් මතක් කරද්දි තාමත් අර ගැන හිත හිත හිටිය මම 'ම්න්' කිව්වා විතරයි. මං මූව වෙනස් කරන එක හරිද? ඇයි මට අවුලක් වගේ දැනෙන්නෙ?

__________________________________

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now