29

3K 510 22
                                    

'අනේ රශ්‍ර.. ගෙදරට විතරක්.. හානේ? හාද? හා නේද? ඔයා හා කිව්වා..'

ඊයෙ කොටුවෙ කඩේක එල්ලා තිබුන මාස්මෙලෝගෙ බකට් එක තිබුන ලා නිල් පාට බැගී ටී එක අල්ලන් ඒකා හුරතල් විදිහට දැඟලුව හැටි මට මතක් වුනා.. ඒ ඇස් ගොඩක් ලොකු හුරතල් ඇස් කියලා මට ඇයි දැන් මතක් වෙන්නෙ? නොකිව්වට ඌට සැර කරලා හැරියා යන ටිකට ඇයි මගෙ තොල් අතරෙ පොඩි හිනාවක් ඇඳුනේ ඒ පිස්සු වැඩ වලට..?

ඇයි මම ඒවා දැන් තේරුම් ගන්නෙ..

සැටිය උඩ ගුලි වෙලා පූස් පැටියෙක් වගේ ඉන්න ඉෂේක් ඇඳන් හිටියෙ ඒ ගත්ත ටී එක. ඒකට ෂෝටක් ඇඳලා හිටියත් ඒක නොපෙනෙන තරම් ටී එක ඒකාට ලොකුයි.. ලොකු ටී එක අස්සෙ ගිලුන පොඩි එකෙක් වගේ..

මට හිතුනෙ නෑ ඉෂේක් පේන මානෙට ඈතින් තියන්න..ඒක බය හිතෙන වැඩක්. ඒකයි ලඟට ගිහින් කතා කලේ.

"නිදාගන්න යමු.."

බලාපොරොත්තු වුනා වගේම කිසිම උත්තරයක් ලැබුනෙ නෑ. කොණ්ද යටින් වගේම කකුල් යටින් අත් දාපු මම ඉෂේක්ව පුලුන් වගේ හරහට ගත්තෙ. ඒ අත් ඔහේ කඩන් වැටිලා තිබුනා. ඒ වගේම ඔලුවත් නිකන්ම පපුවට හේත්තු වෙලා තිබුනා විතරයි. ඉෂේක්ව ඇඳෙන් තියලා ඉස්සර දොර වහලා දාලා ලයිට්ස් ඕෆ් කරලා මමත් කාමරේටම ආවේ පැයකට දෙකකට කලින් වුන දේවල් නරක හීනයක් කියලා හිත හදාගන්න..

ඉෂේක් ඇඳේ කෙළවරටම ගිහින් ගුලි වෙලා. මම ඒක වෙනස් කරන්න ගියෙ නෑ. මට පිටිපස්ස හැරිලා නිදන් ඉන්න ඌ දිහා මම අනිත් පැත්ත කෙළවරේ ඉඳන් බලන් හිටියා. ඒ හිතේ මොනවා ඇතිද? මම බැන්නා කියලා මැරෙන්න තරම් දෙයක්ද? සියදිවි නසාගන්න තරම් දේවල් මම කිව්වද? නෑ මම එච්චර දෙයක් උබට කිව්වෙ නෑ බං.මොන තරම් තෙහෙට්ටුවෙන් හිටියත් රෑ දොළහටත් වෙලාව බලද්දි මම ඇහැරිලා. වෙනදට වැස්ස තියේ නම් ඇඳට වැටෙන පරක්කුව විතරක් වුන මට අද හෙණ ගහන්න වැහැලත් නින්ද ගියෙ නෑ.

නින්ද ගිය වෙලාවක් දන්නෙ නෑ.. ඒත් මාව එකපාරටම ඇහැරුණා! තාමත් වහිනවා.. අකුණු ගගහා වහින සද්දෙ ඇහුනා වගේම ජනෙල් වීදුරු වලින් විදුලි කොටනවා පේනවා. ඒත් එක විදුලි එළියකින් මම දැක්ක දේට මාව ඉඳේම ඉන්දුනා!

"යකෝ!! "

මම ඉෂේක්ගෙ අතේ තිබුන බ්ලේඩ් එක ඇදලා ගත්ත පාර මගෙ අතත් ඒකට ලාවට කැපිලා ගියා. ඇදලා අරන් ඒක විසි කරපු දිහා කොහෙදවත් මම දන්නේ නෑ. මම කැපුන ඇඟිල්ලවත් නොබලා ඌ ඇඳේ ඉඳන් කපාගන්න ගිය ඌගෙ අතේ මැණික් කටු දෙකම බැලුවේ අත් හරෝ හරෝ.

"ල්..ලේ..."

ඌ මුමුණනවා. ඒකා බලන් ඉන්නෙ මගෙ කැපුන ඇඟිල්ල දිහා. විදුලි කොටන පාරට ලේ පෙරෙන මගෙ ඇඟිල්ල ඒකාට පේනවා. මූ මොන මගුලක්ද මේ කරන්නෙ කියලා මට තේරෙන්නෑ. ඇස් පිය වුන විනාඩි ගාණට මේ පරයා ආයෙ මැරෙන්න හැදුවා..!

මම ඇඳෙන් පැනලා ගිහින් ලයිට් එක දැම්මේ මූ ආයෙ මොනවා හරි කරගන්න හිතන් ඉන්නවද බලන්න. නෑ ඒකා ඇඳ උඩට වෙලා ඉඳන් බලන් ඉන්නවා. ඒ ඇස් තියෙන්නෙ මගෙ ඇඟිල්ලේ.

"ලේ! ඔව් ලේ තමා මේන් බලාගනින් ලේ.. උබ මොකද්ද යකෝ මේ කරන්නෙ? උබට ලේ බලන්න ඕනි වුනාද? ආ බලාගනින් ඉතින්. හරිනෙ අමාරුව.. ආ.."

මම අත ඌ දිහාටම දික් කලා. ඒ ඇස් වල කඳුලුත් පිරෙනවා. ඒත් ඒකා අඬන්නෙ නෑ. මේක පිස්සුවක්. ඌට මොනවා වෙලාද කියලා මට හිතාගන්න බෑ. හැබැයි ඌ එහෙම හැසිරෙන එකෙන් මට පිස්සු හැදෙනවා. මේ ගෙදර අවුලක්ද? ඌට මේකෙ හොල්මනවත් වැහෙනවද?

"ඉෂේක් මේ බලපන් බං.. අඬන්න එපා යකෝ. නිදාගනින්. මැරෙන්න හදන්න එපා. කෝ.. නිදාගන්නවා.."

මම ලයිට් නිමුවෙ නෑ.මට බය හිතුනා මට නින්ද යයි කියලා. ඇහැ පියවෙන ටිකට මූ මැරෙන්න තව ක්‍රම අත්හදාබලයි කියලා මට බය හිතුනා. ඉතින් ඉෂේක්ව නිදි කෙරුවට මම ඇස් පියාගත්තෙ නෑ. නින්ද යන එකකුත් නෑ.ආයෙ ඌ ඈතට වෙලා නිදාගන්න යද්දි මම ඒ ඉණ වටේ අත දාලා ලඟට ඇදලා ගත්තා. ඌව පිටිපස්සෙන් බදාගත්තට පස්සෙ මගෙ හිතට හොඳක් දැනුනා.

ඉෂේක් ගාව සුවඳයි. ඌ හරි රස්නෙයි.. පුලුන් පුරවපු ටෙඩියෙක් බදාගත්තා වගේ. පුදුමත් නෑ.. මම ජීවිතේට මොකෙක්වත් තුරුලු කරන් නැහැ. ඒ එකම එකා ඉෂේක්. ඌගෙ පිට මගෙ පපුවට හේත්තු වෙලා තියෙද්දි මගෙ හුස්ම වැටෙන තාලෙ පවා ඌට දැනෙනවා ඇති.. ඒක හරි වේගෙන් ගැහෙනවා. මට බයයි...

මට බයයි මේ වෙන දේවල් වලට..



___________________________________

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Dove le storie prendono vita. Scoprilo ora