36

2.9K 503 33
                                    


"ඉතිං කොල්ලෝ මොකෝ වුනේ? "

මං පියවි සිහියට ආවේ වීදුරුවකින් වෙන් කරපු එහා රූම් එකේ ඉඳන් අපි දිහා බලන් හිටිය ඉෂේක්ගෙන් ඇස් අහකට අරන්. ඩොක්ටර් නිකේතට මට තනියම කතා කරන්න ඕනි වුන හින්දා ඉෂේක් මොන තරම් අකැමති වුනත් එයාට එහා රූම් එකට යන්න වුනා. කොල්ලා මූණ බෙරි කරන් මං දිහා බලාගෙනම ආව නර්ස් එක්ක යද්දි මගෙ හිතත් එක්ක පිච්චිලා ගියා. මියුසික් වලට ආසයි කිව්ව හින්දා අතට ගිටාර් එකක් දුන්නට ඒක ඔහේ අත් වල තිබුනා විතරයි. ඒ ඇස් තිබුනෙ වීදුරුවෙන් පේන මං ගාව.

"මොකද්ද ඩොක්ටර්? "

"මාත් අහන්නෙ මොකෝ කියලා. ඇයි එයා  කතා නොකරන්නේ? ඒ තරම් වෙන්න ඔය දෙන්නා අතරේ මොකද්ද වුනේ?"

ඩොක්ටර් ප්‍රශ්න සීයක් විතර ඇහුවට මට නෝට් වුන එකම දෙයයි . ඒක කොහොමද ඩොක්ටර් දන්නෙ? ඉෂේක් එහෙම මොකුත් කිව්වෙ නෑ..

"අපි දෙන්නා අතරෙ? "

මම අහද්දි ඩොක්ටර් හිනා වුනා. හිනා වෙලා පුටුවෙ හොඳට හේත්තු වෙලා මං දිහා බලන් හිටියා.

"මගෙ අවුරුදු ගාණක පළපුරුද්දට කියන්නද දෙයක්. ඉෂේක්ට ඔහොම වුන එකට හේතුව රශ්‍ර..! මං හරි නේද?" ඩොක්ටර් මේසෙටත් තට්ටුවක් දාලා කියද්දි මම ඇත්තටම පුදුම වුනා.ඒත් ඒක මම පෙන්නුවෙ නෑ.

"නැහැ ඩොක්ටර් එයා වැඩ කර කර හිටිය තැනින් අයින් කළා. ඒකයි හේතුව.."

"ඒක විතරමද? "

ඩොක්ටර් කට කෝණින් වගේ හිනා වෙලා අහද්දි මම කියන්න ඕනි මොකද්ද නැත්තෙ මොකද්ද කියලා හිතුවා. මම ඇත්තටම එදා වුන දේවල් කියන්න ඕනිද? ඉෂේක් මැරෙන්න හැදුව ඒවා පවා? මම ඒකට උත්තර නොදීම ඉෂේක් දිහා බැලුවා. මම දන්නවා මම ඇත්ත කිව්වොත් මානසික හිංසනයක් කියලා මට නඩු දාන්න පවා පුලුවන්. මොකද මමයි වැරදිකාරයා එයා මානසිකව වැටෙන්න. එදා ජොබ් එකෙන් අයින් කලත් එයා දරාගත්තා. මං එනකන් බලන් හිටියා. මම කියපු කතා වලටයි එයා ඒ වගේ වුනේ.. ඉතින් මම ඇත්ත කියන්න ඕනිද? ඒත් ඒකෙන් හොඳක් වෙනවා නම් ඉෂේක්ට මම ඇත්ත කියන්න ඕනි මම හිතන්නේ..

"හ්ම්.. තව දේවල් වුනා.. මම මුල ඉඳන්ම කියන්නම්.. ඉෂේක් කියන්නෙ මට ඕලෙවල් කාලෙදි හම්බුන කොල්ලෙක්.... ඌ කිව්වා වගේ ඇත්තටම අපි යාලුවො නෙවෙයි.................. දේවල් වුනාට පස්සෙ මට යන්න තැනක් නැතුව හිටියෙ...................... ඊයෙ වැස්ස වෙලාවෙ............... අන්තිමට අද මං වැඩ කරන තැන අයියා කෙනෙක් කිව්වා ඩොක්ටර්ව හම්බෙන්න කියලා. ඉතින් එච්චරයි..."

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now