30

3K 526 43
                                    

උදේ වෙද්දිත් මම ඇස් ඇරන් හිටියෙ. මුලු රෑම මම කල්පනා කලා..ඇස් පියවෙන්න තරම් මහන්සියක් තිබුනත් බයටම ඇස් පියවෙන්න නැතුව ඇති. ඉෂේක් වුනත් ඇහැරන් හිටියෙ පාන්දර වෙනකන්ම. අන්තිමට කොල්ලට නින්ද ගියෙ තුනහමාරට විතර ඊට පස්සෙ පහ විතර වෙද්දි ඒකා මගෙ පැත්තට හැරුණේ නින්දෙන්ම.

වැස්ස හෙමීට පායන ගමන් තිබුනා.. හරියට මටත් දැනුනෙ කුණාටුවක් ඇති වෙලා නැති වෙලා ගියා වගේ. ඒත් කුණාටුවෙන් සිද්ධ වුන ව්‍යවසන වල මතක සටහන් ඉතුරු වෙලා තිබුනා. හරියට මගෙ කැපුන ඇඟිල්ල වගේ.මම ඒක ලේන්සුවකින් බැඳගත්තෙ ඇතුලෙන් හිරි වැටෙනවා වගේ දැනෙද්දි. ඒත් ඉෂේක්ට හීරීමක්වත් නොවුන එකම මදෑ.. දැන් නම් පොඩි එකා වගේ මගෙ පපුව අස්සෙ ගුලි වෙලා නිදි.. ඊයෙ මේකා නටපු නාඩගම් වල හැටියට අනින්න හිතෙනවා දෙකක්.

මම හිතුවා උදේ වෙද්දි හැමදේම හරියයි කියලා.. ඒත් මම හිතුව දේ වැරදියි කියලා මට තේරෙන්න එච්චර වෙලාවක් ගියේ නෑ..

උදේ හය විතර වෙද්දි ඉෂේක්ගෙ ෆෝන් එක රින්ග් වුන නිසා මම හෙමින් ඉෂේක්ව ඈත් කරලා ඒක සාලෙට ගියෙ සයිලන්ට් කරන්න.. ඒක තිබුනෙ සාලෙ මේසෙ උඩ. ඒත් ඒකෙ වැටුනෙ 'බොස්' කියලා වෙද්දි මම කල්පනා කලේ අද වැඩට ඉෂේක්ව යවන්නෙ නැතුව ඉන්න. ටිකක් ගෙදර ඉඳලා රෙස්ට් කරන එක හොඳයිනෙ. ඒත් මූ ඊයෙ රෑ වගේ ගොන් වැඩ කරගන්න හදයිද? එක්කොත් ඔන්න ඔහෙ වැඩට ගියාවෙ.

මම හිත හිත ඉන්න වෙලාවෙ කෝල් එක කට් වෙලා ආයෙත් රින්ග් වෙනවා. බොස්ට මොකද්ද යකෝ මෙච්චර තියෙන රුදාව කියලා හිතෙද්දි ඔන්න ඔහේ මම ඒක ආන්සර් කලා.

"හෙලෝ..."

"කොහෙද කොල්ලෝ හිටියෙ.. මම කෝල් කීයක් නම් ගත්තද? "

"ආ සොරි සර් .. මම ඉෂේක්ගෙ යාලුවෙක් මේ කතා කරන්නෙ...ඉෂේක් තාම නිදිනෙ.."

"ආ.. එහෙමද.. ඒකත් හොඳයි.මොකද මට මේක කොල්ලට කෙලින්ම කියනවට වඩා ඔය පුතා ලව්ව කියවන එක සහනයක්. මොකද මටත් අවුල් මේක කියන එක. ඊයෙ ඉෂේක්ව අපේ කැෆේ එකෙන් අස් කලා කියලා එහෙම ඇවිත් කියන්න ඇතිනෙ? "

"මොකක්? මොකද්ද? "

මම ගැස්සිලා ගියෙ එකපාරටම. අස් කලා? ඉෂේක්ව? එහෙම කොහොමද?

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now