08

2.7K 495 40
                                    


තවත් පැය තුනකට විතර පස්සෙ අපි හිටියෙ පානදුර බස් එකක. ඔව් මම අන්තිමට ඉෂේක් එක්ක යන්න තීරණය කලා. ඌ ඉන්න හොල්මන් ගෙදර ලැගගෙන ඉන්න නෙවෙයි. මෙහෙ නැති ජොබ් කොළඹ ඇති කියලා හිතුන නිසා. දවසක් දෙකක් නැතිකමට ඌගෙ හොල්මන් ගෙදර ඉන්න වෙයි. ඒත් වෙන කරන්න කියලා දෙයක් නෑ. වැඩිම වුනොත් මාසයක් ඉන්න වෙයි. ෆස්ට් සැලරි එකෙන්ම බෝඩිමක් හොයාගන්න ඕනි. ඒක තමා මගෙ ඒම් එක දැන්.

ඌ මට උගෙ මුලු කතාවම ලැජ්ජ නැතිව කිව්වට මම කිව්වෙ 'ප්‍රශ්න අහන්න එපා.මට මාසයක් විතර කීයක් හරි හම්බ කරගන්නකන් ඔහෙ ඉන්න පුළුවන්ද?' කියලා විතරයි. ඌ ඒකට පුදුම වුනත් ඊටපස්සේ ඔලුව උඩ පහල වැනුවා. වෙන වචනයක්වත් මගෙන් ඇහුවෙවත් කිව්වෙවත් නෑ. ඒක එක අතකට හොඳයි. හැබැයි මම පුදුම වුනා.

මූ වගේ එවුන් ඉතින් කොල්ලෙක් එන්න ඇහුවාම එපා කියයිද කියලත් හිතුනා ඉතින්. ඒක හිතෙද්දි කට කොණින් හිනා වුන මම පරිස්සම් වෙන්න තීරණය කළා. පොත්ත සුදු වුනාට මිනිස්සු විශ්වාස කරන්න බෑ.. ඉෂේකයා කොහොම එකෙක්ද කවුද දන්නෙ..

"පැය දෙකක් විතර යයි. බහිද්දි කියන්නම්.."

ඒකා මගෙ ඉස්සරහ සීට් එකේ ඉඳගන්න කොට මම එච්චර ගණන් ගත්තෙ නෑ. උස සීට් නෙවෙයි නිසා ඌ බහිනවා නම් මට කොහොමත් පේනවා. බස් එකේ එච්චර සෙනඟ නෑ. ඌ ගාව අනිත් පැත්තෙ සීට් එක හිස්. ඒත් ඌ එක්ක එකට ඉඳගන්න මට කිසිම අදහසක් තිබුනෙ නෑ. ඒත් 'බහිද්දි කියන්නම්' කිව්ව එකා නැග්ග වෙලාවෙ ඉඳන් නිදි කිරනවා. ගිහින් 'ටෝං' ගාලා ජනේලෙ ඔලුව හැප්පුනාම ඇස් අරිනවා. ආයෙ පිටිපස්සට ඔලුව තියාගෙන නිදාගන්නවා. වංගු ගන්න ගන්න දැන් වැදෙන සැරේට බහිද්දි මූට වෙනමම ඔලුවක් දාන්න වෙනවා. බැරිම තැන මම ජනේලේ වහලා දැම්මා. දැන් ඒ සැරේ අනිත් පැත්තට වැනෙනවා.

"මූ මහ සාපයක් වුනානෙ.."

සීට් එක උඩට පත බෑවිලා ඌ එක්ක නැග්ග මටත් ලැජ්ජ වෙන්න බෑ. ඒත් ඒ එක්කම ඒකා බැලන්ස් නැතුව මේ සීට් එක පැත්තට ඇලවෙන්න ගියෙ. ඒකට පිටිපස්සෙ ඉඳන්ම මං ඒකාගෙ කඩන් වැටෙන බෙල්ලට අත තිබ්බ මම හීනියට හොරෙන් බෙල්ල මිරිකුවා.

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Wo Geschichten leben. Entdecke jetzt