16

2.6K 487 29
                                    


මම කල්පනා කලා.. ඌ නරක කොල්ලෙක් නෙවෙයි. ඇත්තටම ඌ හොඳ එකෙක්. ඌගෙ තියෙන එකම අවුල ඌ කොල්ලෙක් වගේ හැසිරෙන්නෙ නැති එක විතරයි. ඌගෙ තියෙන ලාමකගති, වැනිලි, කතා කරන විකාර ආචාරශීලීකම තමා ඌව කන්නෙ. අනික අඳින මෝඩ තාලෙ. ඔය දේවල් නැත්තම් ඌ සිරාවටම ගතියට ඉන්න පුලුවන් කොල්ලෙක්.

ඌ අඳින්න ගිහින් වැරදුනු චිත්‍රයක් වගේ.. ඉතින් මට තියෙන්නෙ ඌව මකලා හරියට අඳින්න.. මට ඒක කරන්න පුලුවන් වෙයි. ඒත් මොකටද මම ඒක කරන්නෙ?

"ඔයා ඒක කලොත්.. මාව වෙනස් කලොත් මම ඔයා කියන දෙයක් කරන්නම්.. මම ඕනි නම් ඔයාට ගෙවන්නම්. මොකද මටත් හරි මහන්සියි දුකයි.. මේ සමාජේ මං වගේ අයට කියන කතා ඔයා දන්නවද? ඒක - මම මෙහෙම ඉන්නෙ කැමැත්තෙන් කියලද හිතන්නෙ? උවමනාවෙන් කියලද හිතන්නේ? මම - දන්නෙ නෑ මම මොකද්ද කරන්න වැරැද්ද.. මම කොහෙද හදාගන්න ඕනි.. මම - මම........."

ඉෂේක් පාලනය කරන් හිටිය කඳුලු පාලනය කර ගන්න බැරි වෙද්දි මට ඇත්තටම දුක හිතුනා. ඇත්තටම මම වැරදි නම්.. ඒක මූ හිතලා කරන දෙයක් නෙවෙයි නම්..... ඇත්තටම මූට අනිත් උන් වගේ හැසිරෙන්න බැරි නම්......

ඌ මං දිහා බලන් ඉඳලා හැරිලා යන්න ගියෙ මාව පහුකරන්. ඇස් පොඩි කර කර කාමරේට රිංගන්න යන ඌ දිහා මම හැරිලා බැලුවා. මම දන්නවා මං දැන් කරන්න යන්නෙ මට කිසිම අදාල නැති වැඩක් කියලා..ඒත්.....

"හිටපන්... මම උබව හදන්නම්...."

ඌ යන එකත් නවත්තලා එකතැනම නතර වෙද්දි මම සාලේ මැද්දෙ නැවතිලා හිටිය ඒකා ගාවට ඇවිදන් ආවා..

"උබව මම කොල්ලෙක් කරන්නම්. නියම පිරිමියෙක් කරන්නම්. ඒක වෙනුවට හැබැයි පුතේ මම එක සතයක් ගෙවන්නෙ නෑ මේ ගෙදර ඉන්නවට. එකඟද? "

මම ඒක කිව්වෙ නිකමට. කොහොමත් ගෙවන එක නෙවෙයි මෙතන තියන ප්‍රශ්නෙ. මගෙ කැහිල්ල හින්දා ඌව මම කොල්ලෙක් කරන්නම් කියන්නයෑ. සිරාවටම මම එහෙම කරන්න හේතුවක් නෑනෙ ඌ ඉල්ලුව පලියට. ඉතින් නෝන්ඩි වෙන්න බැරිකමට මම වැඩකට නැති ඩීල් එකක් දැම්මා. ඌ මං දිහා බලන් ඉන්නවා..

"එකඟද කියපන්..?"

"ඔ - ඔව් ඔව් රශ්‍ර. ඔයා - සල්ලි කොහොමත් ගෙ වන්න ඕනි නෑ..මම කොහොමත් ඔයාගෙන්..."

"කොල්ලෙක් වෙන පළවෙනි නීතිය..! කෙල්ලෙක් වගේ අඬන එක නවත්තපන් භල්ලෝ.. කොල්ලන්ට අඬන්න තහනම් නෑ. හැබැයි බූරුවෙක් වගේ හැමෝම ඉස්සරහ නෙවෙයි. අඬනවා නම් තනියම කොහෙට හරි ගිහින් කෑ ගහලා අඬපන්. අනිත් වෙලාවට දත කාගෙන හිටපන්.."

මම කෑ ගහද්දි ඌ ගැස්සුනා. ඇස් ලොකු කරන් ඉක්මනට ඒකා ඇස් පිහදාගත්තෙ නහයත් උඩට ඇද ඇද.. ඒත් ඒ ඇස් බලන් ඉන්නෙම පිටාර ගලලා උතුරන්නමද මන්දා කඳුලු පෙරෙනවා. මම රවද්දි ආයෙ ඌ ඇස් පිහදාගත්තා.

"උබට තේරුණාද? "

"ඕ - ඔව් රශ්‍ර.. ඔයා කියන විදිහට ඉන්නම්.....මම..."

"දෙවනි නීතිය! ඔයා, මෙයා, අනේ හලෝ වගේ කෙලි කතා නෑ! උබ, තෝ, ප%$#, හු^@%$ වගේ වචන පාවිච්චි කරපන්. එන්න, යන්න, කන්න, බොන්න නෑ..! කාපන්, බීපන්, නටාගනින්කෝ වගේ වචන කියපන්. තේරුණාද උබට? "

ඒකා බය වෙලා ඉන්නෙ නිකන් යකෙක් දැකලා වගේ.සිරාවටම මට කියන්න එපා මේ පොල් බූරුවා ජීවිතේ 'වරෙන් පලයන්' කියලා නෑ කියලා.

"ඒක - කරන්නම ඕනිද රශ් ර...?? මට පුරුදු නෑනෙ.."

"ඉතිං පුරුදු වෙයන්.කරන්නෙ නැත්තම් කියපන් වැඩේ අල්ලලා දාමු. අපරාදේ මම හිතන් හිටියෙ උබ හැදුනොත් මගෙ බොක්කක් කර ගන්නවා කියලා.. කොහෙද ඉතින්.." මම ඕනිවට එපාවට කිව්වට ඌ ඒකට කලබල වුනා වගේ.

"ඇත්තටම? ඇත්තටම එහෙම කර ගන්නවද රශ්‍ර? පොරොන්දු වෙනවද? "

මට බෑ මූ එක්ක. දැන් ඌ ඇස් වල කඳුලු පුරවන් මගෙන් පොරොන්දුව ගන්න අත දික් කරන් ඉන්නවා.. මූ මොකෙක්ද බං සිරාවටම.. මම ඉණටත් අත තියන් ඒකා දිහා බලලා හැරිලා කුස්සියට යන්නත් හදලා ආයෙ ඔන්න ඔහෙ කියලා දික් කරන් ඉන්න අතට පාරක් ගැහුවේ උගෙ පොරොන්දුව ඌටම තියාගනින් කියලා හිතාගෙන.

"සමහරවිට උබ හරිහමන් කොල්ලෙක් වුනහම ගෙදරට බාර ගනීවි.. ඉතින් කොල්ලෙක් වෙයන්. සරූට පුළුවන් වුනා නම් ලස්සන කෙල්ලෙක් වෙන්න උබට ඇයි බැරි නියම පිරිමියෙක් වෙන්න..? "

මම ඒ යන ගමන් ඒ ටික කියන් ගියෙ ඌ දිහා බලන්නෙ නැතුව.

_______________________________



●. ඉෂේක්ගෙ වෙනස් වීම කොහොම වෙයිද..? හොඳ විදියට වෙයිද...? නැත්තම්........🙂😌

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Onde histórias criam vida. Descubra agora