"මොකක් හරි අවුලක් නම් කතා කරපන් ඈ මල්ලි.. බැරි වෙලා හරි ඕනි වුනොත් කියලා මගෙ බයික් එක මෙහෙ දාලා යන්නෙ.මාත් මුන් එක්කම යනවා."
විකුම් අයියා මගින් මගටම කියද්දි මම හරි කියන්න ඔලුව වැනුවා. රෑ දොළහත් පහු වෙනකන් එයාලා අපේ ගෙදර හිටියා. ටිකකට කලින් ඉෂේක්ගේ රස්නෙ සාමාන්ය අතට හැරිලා ඇස් ඇරලා සුප් එක පෙව්වාම නිදාගත්ත නිසා බයක් තිබුනෙ නෑ දැන්. ඒත් අයියලා කිව්වෙම අද මෙහෙ ඉන්නම් කියලා. ඒත් මම එපා කිව්ව එකට තරහෙන් ඔය ඉන්නෙ. බයික් එකත් දාලා යනවා කියලා යතුර මගෙ අතට විසි කලා.
"උබ මේ අපිව වඩාගෙන ඉන්නවා වගේ පන්නන හින්දා යන්නෙ යකෝ. නැත්තම් අද මෙහෙ ඉන්න එකනෙ බලපන් ඉතින්. නැද්ද සිළුවා" අනුල අයියත් පටන් ගත්තා ආයෙ.
"ඒ වුනාට අපිට ඇඳ උඩ නිදියලා අයියලා බිම නිදිකරන්න බෑනෙ අයියෙ.පව් පිරෙයි. අයියෙ තමුසෙලා මට සහෝදරයෝ වගේ.."
මම කිව්වෙ ඇල්ටො එකට නගින්න යන හතර දෙනාට. ගෙදර පහල තට්ටුවෙ තියෙන්නෙ එක කාමරයයි. උඩ ජීවත් වෙන්න බෑනෙ. එකෙක්ට විතරක් සෝෆා එකේ හිටියෑකි. එහෙම ඉන්නෙත් නෑනෙ. සේරම බිම නිදාගනී. ඉෂේක්ව තනි කරන්න බැරි හින්දා මට බිම නිදාගන්නත් බෑ. ඔය වගේ ප්රශ්න හින්දා මම කිව්වා එයාලට යන්න කියලා. අන්තිමට දොළහත් පහු වෙලා ගියේ රෑටත් අපේ දිහා උයාගෙනම කාලා.
මීට කලින් ලොකු සහෝදරයෝ ඉන්නවා කියන හැඟීම මට දැනිලා තිබුනේ නෑ. හිටියෙත් එකම සහෝදරයා කුඩම්මගෙ පුතා මහිංස විතරයි.ඒත් මේ සතිගාණට තමන්ගේ අයියා කෙනෙක් මොන වගේද කියලා මම තේරුම් ගත්තා. උන් ටික මට වැටෙන්න දුන්නෙ නෑ කොයි වෙලාවකවත්.
"අනේ අඬවන්න එපා යකෝ.. බලහම් මට ඇඬෙනවා.."
"ඊයා යකෝ නහය පිහන්නෙ මගෙ සුදු අම්මියා දුන්න ෂර්ට් එකේ.. සික්කේ.."
අනුල අයියා බොරුවට අඬලා විකුම් අයියගෙ ෂර්ට් එකේ මූණ පිහනවා. උන් හදන්නෙ මගෙ මූඩ් ෆික්ස් කරන්න කියලා නොදන්නවා නෙවෙයි මම. ඒත් මේ වෙලාවෙ මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ.
"පරිස්සමට ඉන්නවා මල්ලි හරිද.. මට හරි මේ එකෙක්ට හරි කතා කරනවා සුදු මල්ලිගේ වෙනසක් වුනොත්. අපි එනවා හරිද? " මන්සිලු අයියා මගෙ උරහිසට තට්ටුවක් දාලා කියද්දි මම 'හරි අයියෙ' කිව්වා.
YOU ARE READING
- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]
Non-Fiction_ සරූට පුළුවන් වුනා නම් ලස්සන කෙල්ලෙක් වෙන්න උබට ඇයි බැරි නියම පිරිමියෙක් වෙන්න... උබට පුලුවන් යකෝ වෙනස් වෙයන්.. උබ වෙනස් වුනොත් අප්පචිචි ආපහු උබ පුතා කර ගනීවි.... _ _ ඔයා අමතක කලා සරූගෙ අප්පච්චි එයා මැරෙන්නත් කලින් සරූගෙ ෆොටෝ එකට සුදු මල් මාලයක්...