24

2.6K 497 34
                                    

"නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ..
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ..

දිවියේ ආශා.. ගැඹුරින් ගැඹුරේ..
ළයගින් සනහා අපමයි තැවුණේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතඟේ රැඳුනා..

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ..
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ..

ඉර හඳ සේමා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා.."

මම ජීවත් වුනේ සිංදුව ඇතුළේ.. උස ස්ටූල් එකක තනියම ගිටාර් එක ප්ලේ කර කර සින්ග් කරද්දි මොකද්දෝ හේතුවකට මගෙ හිත සෑහෙන්න දුර ගියා.. ඊයෙ වුන දේ හින්දද මන්දා එකපාරටම අකුණු ගැහුවා වගේ මට මතක් වුනේ ඉෂේක්ව.. පරණම මතක විදිහට ඉස්කෝලේ මිදුල අතුගාපු විදිහ... මම සින්ග් කරන දිහා බලන් හිටිය විදිහ... මම බස් එකේ ඒ උරහිසේ නිදාගත්ත විදිහ.. ඉස්සෙල්ලම කප් කේක් එක මට දුන්න විදිහ.. ගැටපිච්ච මල් වට්ටි අරන් බෙල්ලන්විල විහාරේ වැන්ද විදිහ...

මට තේරෙන්නෙ නෑ සිංදු අතරෙ අතරමන් වෙද්දි ඇයි මට ඌව මැවුනේ කියලා.. ඒක ගොඩක් ගැඹුරු හිර කරලා තිබුන මතක ගොඩක් දුවිලි ගසලා එළියට ගත්තා වගේ.. ඒක අමාරුයි.. ඔය කිව්ව හැම වෙලාවකම මම හැසිරුණ නපුරු දුෂ්ට විදිහත් මගෙ ඔලුවට ආවා..

අන්තිමට හේතුවක් නැතුව එකම එක කඳුලක් මගෙ ඇස් වලින් පහලට බේරිලා ගියා. සංගීතය කියන්නෙ ආත්ම නිවන භාවනාවක් ම විතරක් නෙවෙයි.. ඒක වෙලාවකට ආත්මය දවන ගිණි පුපුරක්!

"වාව්..! ඕ ගෝඩ්! ඔයා නම් මාරයි.. කියන්න වචන නෑ..."

එකදිගට ඇහෙන අත්පුඩි සද්දෙ එක්ක මම ඇස් ඇරියෙ අඳුරු වෙලා තිබුන ඇස් ආලෝකයට හුරු කරන්. හැබැයි ඇස් අරිද්දි දැක්ක දේට මම නොසන්සුන් වුනා. රෙස්ටුරන්ට් එකේ මිනිස්සු මම ඇස් පියාගන්නකොට වගේ දෙගුණයකටත් වඩා පිරිලා හිටියා.. සර් විකුම් අයියා පවා ඈතට වෙලා මං දිහා බලන් හිටියා.. මීරා විතරක් මං ගාවට ඇවිත් කාලෙක ඉඳන් දන්න කෙනෙක් වගේ කතා කලේ මම ඉක්මනට ඉඳන් හිටිය තැනින් නැගිටලා ඔලුව නවලා ස්තූති කලා.

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin