55

2.9K 471 30
                                    


කොහොම වුනත් සර්ට හිත හදන් රෙස්ටුරන්ට් එක කරන්න බැරි වෙන්න ඇති. නැත්තම් පුතාට ඇත්තටම ස'චරි එකක් කරන්න වෙනවා ඇති. මොකකින් හරි වුනේ සර් එයාගෙ මල්ලිට රෙස්ටුරන්ට් එක පවරලා රට ගිය එක. ඒ ආව සර් නම් මොනා වුනත් මරු කොල්ලෙක්. මිනිස්සු එක්ක සුහදව කතා කරලා ඉන්න පොළවෙ පය ගහපු මනුස්සයෙක්. කිසිම අවුලක් නැතුව ටේබල් එකක් වුනත් පිහදාලා කස්ටමර්ස්ලා එක්ක පවා මෙතන වැඩ කරන කෙනෙක් වගේ හැසිරෙන කෙනෙක්.

එයා කතාව දැනන් එන්න ඇත්තෙ. සමහරවිට සම්පූර්ණ කතාවම නෙවෙයි වෙන්න ඇති. මාව ගෙන්නලම වුන දේ ඇහුවාම මම ඇත්තම කිව්වා.

"රශ්‍ර දැන් එතකොට ඉෂේක්ට කොහොමද? අවුලක් නැහැ නේද? "

"එයා හොඳින් සර්. හීනෙන් බය වෙනවා, ගැස්සෙනවා වගේ දේවල් තියෙනවා තාම. ඒත් ඩොක්ටර් කිව්වා ටික කාලෙකින් රිකවර් වෙයි කියලා..."

"ම්.. අපේ අයියගෙ කොල්ලා ඔහොම්මමයි. කාගෙන් හරි ගුටි කාපු එකට සතුටුයි. උබ මරු කොල්ලෙක්. ඔය යකා පොඩි කෙල්ලො කීයකට බලහත්කාරකම් කරලා තියෙනවද දන්නෙ නෑ. මම රට හිටියෙ. මෙරට හිටියා නම් ඌ මගෙන් කන්නෙ.."

ඒ සර් කියවන් ගිහින් මගෙ උරහිසට තට්ටුවක් දාලා අතේ තිබ්බෙ චෙක් එකක්..ඒක මම බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි හින්දා මම පුදුමෙන් ඇස් හීනි කරලා සර් දිහා බැලුවෙ.

"මේ මොකද්ද සර්..? "

"වන්දියක්.. පොඩි එකාට බෙහෙත් වලටත් උබට සෑහෙන්න යයි. ඒවට වැරදි අර අලුගුත්තේරුවනෙ. උබට අවුලක් නැත්තම් කොල්ලො ඉෂේක්වත් මෙහෙ වැඩට ගන්න මම අකමැත්තක් නෑ. කොහොමත් ස්ටාෆ් එක මදි. සර්ව් බෝයි කෙනෙක් විදිහට කොල්ලා කැමති නම්....අනිත් උන්ට ගෙවන පඩියම දෙන්නම්.."

සර්ගෙ මල්ලි කියද්දි මම දරාගන්න බැරි පුදුමෙන් අහන් හිටියෙ. එයා මගෙ පේන මානෙ ඉන්නවා කියන එක මට පඩියට වඩා වටිනවා. ' දැන් මට හොඳයි. මමත් ජොබ් එකක් හොයාගන්නම් රශ්‍ර..' කියලා නටන එයාව මේ දවස් ගාණට මම බොහොම අමාරුවෙන් නවත්තන් ඉන්නෙ.

" කොච්චර දෙයක්ද සර්.. මම අහලා බලන්නම්.."

හිතේ ඇතිවුන සතුටටම මම එහෙම කියලා ඉෂේක්ව හොයන් දුවන්න යද්දි සර් හිනා වෙවී බලන් හිටියා.

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now