11

2.6K 477 5
                                    


"රශ්‍ර අපි නගින බස් එක කෙලින්ම කොටුවට යන්නෙ. මම මගින් බහිනවා. මම අහන්නද අපේ සර්ගෙන් වේකන්සි තියේද කියලා.."

ඉෂේකයා අහන්නෙ මට අඩි පහක් විතර ඈතින් ඉන්න ගමන් ලොකු කාඩ්බෝඩ් පෙට්ටියකුත් උස්සන්. ඒකෙ පොඩි පොඩි සුදු පෙට්ටි වලට කප්කේක් හය ගානෙ මේකා අහුරලා තියෙන්නෙ. ලඟ එන ගමන් ෂොප් දෙකකට කප් කේක් දාලා ඉතුරුවා තවත් අරන් යනවා. උදේම මට පළවෙනි කප් කේක් එක දුන්නෙ කිසිම බයක් නැතුව. පළවෙනියට කන එකාට අනුවලු දවසේ වෙළඳාම. මම කාලා මූට බය නැද්ද දන්නෙ නෑ සේරම කප් කේක් ටික ඉතුරු වෙයි කියලා.. මගෙ එච්චරටම වාසනාව.

කොහොම හරි ඒක නම් දිව්‍ය ලෝක රහයි. බලන් හිටියෙ නැත්තම් මම විශ්වාස කරන්නෙ නෑ ඌ හැදුවා කියලා. හැබැයි ඌට උයමන නම් කෙල්ලෙක් වඩා පුළුවන් මං හිතන්නෙ. මොනවා වුනත් පට්ට රහට හදනවා. ඊයෙ හැදුව පරිප්පුයි හාල්මැස්සොයිත් අද හැදුව සම්බෝලෙත්. බලෙන්ම ඌ බත් එකක් බැඳලා දුන්නෙ ජොබ් එකක් හොයන එක ලේසි නෑ දවසම හොයන්න වෙයි කියලාම. ඒත් සම්බෝලයි බතුයි දවල්ට කන්න තියෙන කම්මැලිකමටම මම එපා කියලා සැර කලා. පස්සෙ ඒක ඒකා අරන් ගියා.

"අහලා බලපන්කෝ. කීයද පඩිය..? "

"වැඩිය නෑ තිහයි.."

තිහකට කරන්න පුලුවන් දෙයක් නෑ මේ ලංකාවෙ. ඌ කෑමත් කඩ වලට දාන එක පුදුමයක් නෑ. ඒ එක්කම බස් එක එද්දි ඒකා 'රශ්‍ර නගිමු' කියාගෙනම නැග්ගා. මමත් ඊට පිටිපස්සෙන් බස් එකේ එල්ලුනා. ඉෂේක් ඉඳගත්තෙ පිටිපස්සෙම සීට් එකේ. බස් එකේ එච්චර සෙනඟ නැති හින්දා ඌට ඌගෙ පෙට්ටිය තියාගන්නත් ඉඩ තිබුණා. මම දොරට ඉස්සරහ සීට් එකෙන් ඉඳගත්තා.

අන්තිමට මම කොළඹ රටේ.. මෙහෙ ඉන්නෙ කොහොම මිනිස්සුද කියන්න අදහසක් ගන්න නම් කොච්චර කල් මේකෙ ජීවත් වෙන්න වෙයිද මන්දා.. කොහොම හරි අල්ලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.. අහස උසට බිල්ඩින්. පේන හැමතැනම වාහන. බිසී මිනිස්සු.. ගහක් කොළක් නැතිම තරම්. කොන්ක්‍රීට් නගරයක්.

"මං බහිනවා..පරිස්සමට ගිහින් එන්න.."

මම මොකුත් කියන්න කලින් ඉෂේක් බැහැලා ඉවරයි. ටිකක් කලින් කියන්න බැරි වුනාද? සමහරවිට ඌ මගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති.

"පිටෝටුව පිටෝටුව පිටෝටුව.. "

කෑ ගහන කොන්දා දිහාත් බලලා මම බැහැගත්තෙ මගෙන් සල්ලි ගත්තෙ නෑනෙ කියලා හිතන ගමන්. ඉෂේකයා දෙන්න ඇති. ඕනි මගුලක් කියලා මම බැහැගත්තා. හැබැයි යන අතක් හිතාගන්න බැරි වුනා බැස්සට මොකෝ.. මෙහෙ ජොබක් හොයන්න කලින් ඉන්නෙ මොන වගේ සත්තුද කියලා බලන්න වෙනවා. කොළඹ අමුතු තැනක්. උබ මෙහෙට ගමකින් ගොඩ බැස්සා වගේ හිටියොත් ඇඳි වස්ත්‍රෙත් මුන් ගලවගන්නවා. හැබැයි උබත් මුන්ගෙන් එකෙක් වුනොත් උබට ජීවත් වෙන්න පුළුවන් වෙයි. හැබැයි කොළඹ උදව් වගේ දේවල් හරි අඩුයි.

මට මෙහෙට ආවම කතා කරන්නම් කියලා හිතුවෙම අපේ දුරින් නැන්දා කෙනෙක් වෙන පුතාට. ඌගෙ නම්බර් එකක්වත් මං ගාව තිබුනේ නෑ. ඊයෙ තමා මැසෙන්ජර් මැසේජ් එකක් දාලා ඉල්ලගත්තෙ. ඌ මෙහෙ හොටෙල් එකක වැඩ කිව්වා. ඌත් වේකන්සි තියේද හොයලා බලන්නම් කිව්වා.

අතේ තිබුන ෆයිල් එකේ තිබුනෙ සහතික ටික. තව තිබුන මෙඩ්ල් ඒවා මේවා ටික නම් දැන් උස්සන් ආවේ නෑ. ඒත් මම බෑග් එකේම ඔබාගෙන ආවේ ගෙදරින් එලියට බැස්ස ගමන් ඕවා කුඩම්මා කුණු ගොඩට දානවා කියලා දන්න නිසා.මෙඩ්ල් දොළහකුයි සහතික නම් බර ගාණකුයි තියෙනවා. ඒත් ඉතින් ඒ සේරම සංගීත ඒවා. හොටෙල් රස්සාවට මොන මගුලක මේ සමස්ත ලංකා සහතික ඕනිද කියලත් හිතෙනවා. ඒත් ඉතින් ඕලෙවල් සහතිකේ විතරක් උස්සන් යන්නද කියලා හිතලා අරන් ආවේ..

"විකුම් අයියෙ කොටුවෙ ඉන්නෙ මං.."

"ආ හරේ මල්ලා මේ ඔතනින් වන් ගෝල් ෆේස් පැත්තට වරෙනකෝ. මං එන්නම්.."

"වන් ගෝල් ෆේස් අයියෙ කොයි පැත්තටද.."

"ඔතන කෙනෙක්ගෙන් අහපන්. ගෝල්ෆේස් කියපන්කෝ. ඒ පැත්තට වරෙන්.."

ඌ කිව්ව හින්දම පොඩි වීදි කොල්ලෙක් වගේ එකෙක්ගෙන් මම ඇහුවෙ වන් ගෝල් ෆේස් එක පැත්තට යන විදිහ.. ඌ කිව්ව විදිහට ඇවිදන් ඇවිත් ඇවිත් මගත් දෙන්නෙක්ගෙන් යන පාරත් අහගත්තා. අන්තිමට දෙයියනේ කියලා මුහුද ඉස්සරහම වන් ගෝල් ෆේස් ගහලා තියෙන අහස උසට බිල්ඩින් එක ඉස්සරහ මම හිටගත්තා. අහල බහල ඇවිදිද්දි ඊට එහා ටාජ් එක ඒම. ඕවා අහලා තිබුනට දැකලා තිබුනෙ නෑ.

"මල්ලා කොහෙද ඉන්නෙ..? "

"වන් ගෝල් ෆේස් එක ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ අයියෙ. අර කොත්තු මී ට්‍රක් එකක් ඒම තියෙන්නෙ. එතන එහා කෝපි කඩේ කියලා පොඩි ලොරියක් තියෙන්නෙ. ආන්න එතන.."

"ආ ආ..හරි හිටපන් ඔතනම.."

________________________________



●. ඔයාලාව අවුස්සන්න හිතුනා..🙂

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now