37

2.9K 506 27
                                    


"ඔය ඉස්සර පාරෙන් ඇතුළට අයියෙ...ඔතන කෑම කඩේ ගාව පාර.."

මම එච්චර හයියෙන් නෙවෙයි ත්‍රීවිල් අයියට කිව්වෙ. මොකද ඉෂේක් මගෙ උරහිසේ නිදි.. මම එයාවත් අල්ලන් නවලෝකෙ ගාවින් හයර් කරපු ත්‍රීවීල් අයියට අපේ ගේ තියෙන තැන පෙන්නුවා. මං තාමත් ඉන්නෙ මෙලෝ සිහියෙන් නෙවෙයි. ඩොක්ටර් කිව්ව හැම වචයනයක්ම මගෙ ඔලුව ඇතුලෙ විකාර වෙලා.

"ඔතන නේද මල්ලි.."

"ඔව් අයියෙ.. මිදුලටම දානන්කෝ.."

"නින්ද ගිහින් නේද අනින් මල්ලිට? අසනීපෙන්ද? නැග්ගෙත් ඉස්පිරිතාලේ ගාවින්නේ."

"ඔව් අයියෙ ටිකක්. කීයද ගාන.."

මිනිස්සුන්ටත් ඕනි නැති දෙයක් නෑ. මම කියන ගානක් ගෙවලා දාලා ඉෂේක්ව නින්දෙන්ම බස්සගත්තා. ඒකා තාම නිදිමතේ වැටෙන්න වගේ යද්දි මම මගෙ ඇඟටම එයාවත් බර කරන් ඇතුළට ගියෙ.

"ඉෂූ වොෂ් එකක් දාලා මිසක් ඇඳට යන්නෙ නෑ! හොස්පිට්ල් ගිහින් ආවේ."

ඒකා කෙලින්ම කාමරේට යද්දි මම කෑ ගැහුවෙ ගිය විදිහට කෙලින්ම ඇඳට වැටෙයි කියලා හිතෙද්දි. මම කෑ ගැහුවට පස්සෙ නම් කාමරේට යන එක නවත්තලා ආපහු හැරිලා ඇවිත් පුටුවකින් ඉඳගත්තා.

"වොෂ් එකක් දාන් එමු.."

උදේ වොෂ් දැමිල්ල මතක හින්දා මම ඉස්සරහ දොරත් වහලා දාලා ෂර්ට් එක ගලවන්ම බාත්රූම් එකට ගියෙ ඉෂේක් පස්සෙන් එනවා දකිද්දි. කොල්ලො දෙන්නෙක් එකට වොෂ් දාන එක අරුමයක් නෙවෙයි. ඒත් උදේ වගේ ෂෝට පිටින් නැතුව අන්ඩවෙයා එකෙන් ඉෂේක්ව දකින එක මාව මොකද්ද වෙලා ගියා. ෂවර් එක යට හිටන් ඉද්දි ඒ නළලට ඇලිලා ඇස් වැහෙන්න දික් වුන කොණ්ඩෙ, නහය තොල් වලින් පහලට වැටෙන වතුර බිංදු එක්ක ඉෂේක් හරි ලස්සනයි.. නිරුවත් පපුවේ තව වුන රෝස පාට නිපල්...ඇත් දළ පාට හම....යකෝ මම ජීවිතේට කොල්ලෙක් දිහා මෙහෙම බලන් ඉඳලා නෑ. අඩුම තරමෙ කෙල්ලෙක් දිහාවත්.

'කොල්ලට ඩිප්‍රෙෂන් රශ්‍ර! '

මම අහසින් පොළොවට කඩන් වැටුනා වගේ.. ඩොක්ටර් කිව්ව ඒ වචන තුනට වඩා මාව උස්සලා පොළවෙ ගැහුවා නම් හොඳයි කියලා හිතුනා. ඒක ඒ තරම් අමාරුයි.

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Wo Geschichten leben. Entdecke jetzt