09

2.5K 485 25
                                    


"සොරි.."

මට වොෂ් එකක් දාගන්න කියලා ඒකා පොඩි කුස්සි කෑල්ලට ගියෙ ඇඳන් හිටිය ඇඳුම් පිටින්මයි. ඒත් පාරෙ එද්දි වුන දේට හිතට හරි නැති නිසාම මම ඌට සොරි කිව්වා.

"ඒ මොකටද? " ඉෂේකයා මගෙන් අහන්නෙ මං දිහා බලන් නැතුව. චූටි රයිස් කුකර් එකක බත ගහලා ඌ පොල් ගාන්න ගත්තෙ ආව විනාඩි පහට.

"මොකකට හරි සොරි."

සොරි කිව්ව හේතුව කියන්න ලැජ්ජ හිතෙද්දි මම එහෙම කියලා යන්න ගියෙ ඔය හේතු කියන්න ගිහින් කරේ යන්න එයි කියලා හිතුන නිසා. කොහොමත් ඌ අඩි පහක් මගෙන් ඈත ඉන්න එක හොඳයි.

මේ ගේ දැක්කම හොල්මන් ඇති කියලා හිතෙන්නෙ නෑ. උඩ තට්ටුවක් තියෙනවා. හැබැයි ආව ගමන් ඉෂේකයා කිව්වා උඩට යන්න එපා පහල කාමරේ ඉන්න කියලා. එක කාමරයයි පහල තියෙන්නෙ. සාලෙයි කුස්සියයි. කුස්සියෙන් එළියට පොඩියට ලිඳයි බාත්රූම් එකයි. උඩ කොහොමද කියන්න දන්නෙ නෑ..සමහරවිට උඩ වෙන්න ඇති හොල්මන ඉන්නෙ.

මම වැඩි කතාවක් නැතුවම ගිහින් වොෂ් එකක් දාගත්තා. කොහොමත් හරි තෙහෙට්ටුවෙන් හිටියෙ. අන්තිමට අකමැත්තෙන් වුනත් මේ වගේ හොල්මන් ගෙදරක මම ජීවිතේ වෙනස් කරගන්න යනවා. මේ අහල පහල ගෙවල් හරි ලොකුයි මේකත් එක්ක බලද්දි. ඒත් මේකත් යම් තරමක හොඳයි. ඒ අතින් බලද්දි කොට්ටෙ ගෙයක් තියෙන්න ඉෂේකයලගෙ ආච්චිලට සල්ලි තියෙන්න ඇති.

"රශ්‍ර කාලා නිදාගන්න කාමරේ.."

වොෂ් එකක් දාගෙන ඇතුළට එද්දි මම බාත්රූම් එක අස්සෙ ඉඳන්ම ෂෝටකට ටී එකක් දාගත්තා. ඉෂේකයා එක්ක ඉඳිද්දි අනිත් කොල්ලෝ එක්ක වගේ ඉන්න බෑ..මම කුස්සිය හරහා සාලෙට එද්දි ඌ සැටියට කොට්ටෙකුයි බෙඩ්ෂීට් එකකුයි දාගෙන.

ආ.. පහල තිබුන එකම කාමරේ ඌ ඉන්න ඇත්තෙ. මං ආවම ඒක මට දෙන්න ඇති.

"මට මෙතන හොඳයි.. තමුසෙ ඇතුලෙ නිදාගන්නවා.."

"බෑ මං මෙහෙ ඉන්නම්. මං කොහොමත් උදේම ඇහැරෙනවා. පැය දෙක තුනට මොන නින්දක්ද? "

"ඒ මොකටද උදේ ඇහැරෙන්න? "

මම ඇස් හීනි කරලා බලද්දි ඌ කුස්සියට ගිහින් පිඟන් දෙකට බත් බෙදනවා.දෙන්නෙක්ගෙ ගාණට කොහොම ඉව්වද මන්දා.. බත් ඇටයක් විසික් කරන් නැති වෙන්න ඌ උයලා. පරිප්පුත් හදලා. හාල් මැස්සෝ තෙල් දාලා.

"හාල් මැස්සෝ උදේ ඒවා. රත් කරලා ගත්තා... "

මං අහපු ප්‍රශ්නෙ මගෑරලා ඌ උත්තර දුන්නෙ කර කර හිටිය දේට. හාල්මැස්සො ටිකයි හිටියෙ.ඌ ඒ ටික සේරම එක පිඟානකට බෙදලා. ඒ කරලා අනිත් එක අරන් ඒකා කන්න ගත්තෙ කිසි කතාවක් නැතුව. දැන් ඌ ඒ මටද බෙදුවේ...

"තමුසෙට එපාද හාල්මැස්සො? "

"එපා මම කන්නෙ නෑ එහෙම ලොකුවට.."

"හහ්? එතකොට රෑට කන්න ඉතුරු කරගන්න ඇත්තෙ මං එනවා කියලා දැනගෙන මට කියලා හිතාගෙන වෙන්න ඇති. ෂෝ නොදා කාපන්.."

මං එතනින් යන ගමන් ඌටත් හාල්මැස්සො දෙන්නෙක් දාගෙන ඉතුරු දෙන්නා මට තියාගත්තා. ඌ කෑවෙ පඩිපෙලේ දෙවනි පඩියෙ ඉඳගෙන. මම ගිහින් සැටියෙ තනි පුටුවක ඉඳගත්තා. අපිට කතා කරන්න දෙයක් තිබුනෙ නෑ.පුදුමයක් නෑ මම කතා කරන්න ඕනි කමක් කලේ නෑ. ඌත් දෙයියනේ කියලා පාඩුවෙ හිටියා. කාලා ඉවර වෙලා ඌම වළං හෝදලා දාලා වොෂ් එකක් දාගන්න හිතාගෙන බාත්රූම් එකට ගියා. මං සාලෙට වෙලා ෆෝන් එකෙන් ලකේෂයටයි තාරකයටයි මම කොළඹ ආවා කියලා විතරක් දැම්මා. ඒ ඉෂේකයා එක්ක කියලා කිව්වෙ නෑ. උන් මොනවා නොහිතයිද..

ඉෂේකයා කාපු පඩිපෙලේ දෙවනි පඩියෙ මමත් ඉඳන් හිටියෙ. ඉෂේක් නාලද කොහෙද කොණ්ඩෙත් ගස ගස සාලෙට ආවා. බලන්න හිතන් හිටියෙ නැතත් මට ඌ දිහා බැලුනෙ ඒ ඇඳන් ඉන්න එකට. හෙන ලොකු ටී ෂර්ට් එකකට පේන නොපෙනෙන ගානට ෂෝටක් දාගෙන මූ. ඕවට තමා කොල්ලො වුනත් බලන්නෙ කියලා මූ හිතාගෙන ඇති. දැන් මූ හිතන් ඇත්තෙ ඕවට මාත් වැටෙයි කියලද දන්නෙ නෑ. පරයා.

"නිදාගන්න රශ්‍ර.. හෙට ටිකක් දවල් වෙලා ගිහින් ජොබ් එකක් බලන්න. ගුඩ් නයිට්.."

"හ්ම්.."

මං ඕනිවට එපාවට කියලා දාලා කාමරේට යද්දි ඌ සැටියට යනවා මම දැක්කා. මට ඇඳත් අලුත් බෙඩ් ෂීට් දාලා ඌම හදලා. කාමරේට දොරක් තියෙන්නෙ වෙලාවට. මම ඒකත් වහලා දැම්මා..අපෝ ඒ මගුල ලොක් වෙන්නෙ නෑ.. ෂිට්. යතුරෙන් නම් වෙනවා ඇති..

"රශ්‍ර.."

"ඇයි!? "

මම තරහින් වගේ ඇහුවෙ දොර ලොක් වෙන්නෙ නැති එකටත් එක්ක. ඒත් ඉෂේක් මං දිහාට දික් කලේ යතුරක්.....ඒක දොරේ යතුරු හිලට කැපෙන යතුර.


__________________________________

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now