52

3K 482 36
                                    

නිදියන්න කියලා වෙලාවක් තිබුනෙ නෑ... තුනත් පහු වෙලා තිබුනා අපි ගෙදර යද්දි. දාලා ගිය ෆෝන් එකට තුනයි ගාණකට මන්සිළු අයියා කෝල් කරලා තිබුනා. උන් දෙන්නට නින්ද යන්නෙත් නැද්ද කොහෙද.. දැන් නම් නිදි ඇති. ආයෙ ඇහැරවන්න කෝල් කරන්නෙ නැතුවම 'එයා හොඳින් අයියෙ' කියලා මැසේජ් එකක් දාලා මම එන ටිකට ඉෂූ කෝපි එකකට වතුරත් රත් වෙන්න ගහලා පිටි එකටම චොක්ලට් පව්ඩර් දාලා පෙනේරෙකින් හලනවා. මම එයාගෙ පිටිපස්සෙන් ඇවිත් තුරුලු වෙද්දි එයා මං දිහා බලලා මගෙ කම්මුලට එයාගෙ කම්මුලක් හේත්තු කලා..

"මැණිකට මහන්සි නැද්ද? "

"නෑනෙ.. මගෙ සතුටටම බඩ පිරිලා වගේ.. නටන්න හිතෙනෝනෙ.."

ඉස්සර මම දැනන් නොහිටිය තරම් දඟකාර හුරතල් කෙනෙක් ඉෂේක් ඇතුලේ ජීවත් වෙනවා කියලා මට හිතුනා. ඇස් හීනි කරන් හිනා වෙවී කියන විදිහට මමත් හිනා වෙලා ඒ බෙල්ලෙ තොල් තද කලා.

"ඔය ටික ෂොප් වලට දාලා අපි දවල් වෙනකන් නිදියමු.."

මම ඒ පිටි එකෙන්ම ඇඟිල්ලක් අරන් ගිහින් පිටි එයාගෙ මූණෙ ගාලා ඈත් වෙද්දි එයාගෙ අත් දෙකේ වේගෙන් හැලෙමින් තිබුන පිටි එක ස්ලෝ වුනා මම දැක්කා. එයාගෙ හිනාව පවා මැකිලා යද්දි මම ඇස් හීනි කරලා බැලුවේ ඇයි කියලා.

"මොකද්ද ප්‍රශ්න ඉෂූ..? "

"ඔයාගෙ ජොබ් එක මං හින්දා නැති වුනානෙ.. අපි දැන් මොකද කරන්නෙ? මටත් ජොබ් එක නෑනෙ.. "

"ආ ඔව්නෙ මට ඒක අමතක වුනා. අපි දෙන්නා මේ බෙලෙක් කෝප්ප දෙකක් අරන් පාරට බහිමු හාද..? "

"ඇත්තටම? "

මම හිනා වෙවී කියද්දි මේ මැටි අල ගෙඩිය ඇස් ලොකු කරන් බලන් ඉන්නවා. අතේ තිබුන පෙනේරෙත් පිටිත් අවුස්සන් පිටි එකටම වැටුනා. මම ඒක සීරියස් විදිහට කිව්වත් එයාගෙ බය වුන මූණ දැක්කම මගෙ හිනාව පුපුරලා ගියා.

"අර් මගෙ මැටි අලේ.. මෙහෙ එනවා..ලෝකේ සන්තකේට තිබුන ජොබ් දෙකම අපිට නැති වුනා නෙවෙයි. තව ජොබ් ගොඩාක් තියෙනවා. ජීවත් වෙන්න අමාරු වෙයි. ඒත් ජීවත් වෙමු.. මම ඉන්නවනෙ බය වෙන්න එපා. මම ආයෙ වැරැද්දක් අඩුවක් වෙන්න තියන්නෙ නෑ.."

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now