53

2.9K 480 15
                                    

පහුගිය ටිකේම ඉෂේක් එක්ක ගිහින්ම එයා කප්කේක්ස් දැම්ම කඩ වල අය මාවත් දන්නවා. ඊයෙ රෑම නින්දක් නැති හින්දා ඉෂේක්ව මහන්සි කරන්න බෑ තවත්. ඒකයි මම ඒ ටික අරන් දාන්න ආවේ.. ඒත් මම ගිහින් එන පැයට එකහමාරට ඉෂූ බත් උයලා පරිප්පු වලට අල තෙල් දාලා. පපඩමකුත් බැදලා. මහ ගොඩක් නෙවෙයි දෙන්නෙක්ටනෙ. ඒත් ඉතින් මහන්සිය.

"මට ඉඳි ආප්ප ගේන්න එපා කිව්වෙ උයන්න හිතාගෙන නේද..පණ්ඩිතකමනෙ බබා තමුසෙගෙ.."

"අපි දෙන්නා සල්ලි ඉතුරු කරන්න ඕනි රශ්‍ර.."

පිඟානට බත් ටික බෙදන ගමන් එයා හිනා වෙවී කියද්දි මම ඒ දිහා බලන් හිටියා. එයා හරි අමුතු කොල්ලෙක්. මහන්සිය නිවන වතුර පොදක්, බඩගින්න නිවන බත් කටක් වගේ. ප්‍රශ්නෙකින් පැනලා නොයා මූණ දෙන කෙනෙක්.

"එන්න මම කවන්නම්.."

"ඇත්තටම? "

එයාගෙ අතින් බත් එක ගන්න ගමන් මම සාලෙට යද්දි එයත් මගෙ පස්සෙන් ඇවිදන් ආවා.මම සෝෆා එකේ ඉඳගනිද්දි එයා මං ගාව බිමින් ඉඳගත්තා.

"ඔය මොකද? උඩට එන්න.."

"මෙහෙම කවන්න ලේසියිනෙ.."

"පැහිච්චකම. මෙන්න මෙහෙ උඩට එනවා.."

මම කෑ ගහද්දි මූණත් බෙරි කරන් මගෙ එහා පැත්තෙන් ඉඳගත්තා.මගෙ ලොකු බත් කටවල් වලට ලොකුවට කට ඇරලා හරි ආසාවෙන් කනවා දැක්කම මට සතුටුයි. පොඩි එකෙක් වගේ එක කටකට පස්සෙ තව කටක් අනනකන් බලන් ඉන්නවා. මම නොකා එයාට කවන්න හැදුවොත් කන්නෙ නෑ. තොල් හිර කරන් ඉන්නවා. ඒ නාඩගම් අස්සෙ බත් ටික කාලා ඉවර වෙද්දි පැය බාගයක්ම ගිහින්.

අස් වීම ගන්න අදම යන්න ඕනි වුනත් හරි මහන්සියක් ඇඟට දැනුනෙ.දවස් ගාණක හරි හමන් නින්දක් නැතිකමටම නිදිමත ඇස් වලින් බේරෙනවා. ඉෂූ ඉව්ව එකේ එයාට වොෂ් එකක් දාන් නිදාගන්න කියලාම කුස්සිය අතු ගාලා අස් කලේ මම ඒ තෙහෙට්ටුවත් එක්ක. කොල්ලා කැමති නොවුනත් චුට්ටක් රැව්ව ගමන් ඉක්මනට බාත්රූම් එකේ. මම දැන් එයාව බාත්රූම් එකේ තියන්නත් බයයි. ඒ හින්දා වොෂ් දාලා ඉවර වෙනකන් එක එක ඒවා කියෙව්වා. අල්ලපු ගෙදර බල්ලා ගැනයි , උඩ තට්ටුවෙන් වෙලාවකට ඇහෙන සද්ද ගැනයි.. එක එක විකාර.

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now