31

2.9K 507 20
                                    

ඉෂේක් ඇහැරුණත් ඇඳෙන් නැගිට්ටෙ නෑ ඔහේ ඇස් ඇරගෙන බලාගෙන හිටියා විතරයි. මිනිස්සු හිස් වෙනවා දැකලා තිබුනෙ නෑ මම. ඒ හිතේ මොනවා වැඩ කරනවා ඇතිද කියලා මට හිතාගන්න අමාරු වුනා. කොච්චර පිරිමියෙක් වුනත් කඩා වැටෙන වෙලාවක් තියෙනවා කියලා මම තේරුම් ගත්තා. ඒත් මටත් දැන් කඩා වැටෙන්න බෑ..

"ඉෂේක් ගිහින් ලෑස්ති වෙනවා. අද මං එක්ක අපේ රෙස්ටුරන්ට් එක බලන්න යමු. අලුත් ජොබ් එක සෙට් වුනත් හරි ඒකෙන් කෑවෙ නැත්තම් වැඩක් නෑනෙ. කෝ ගිහින් ලෑස්ති වෙයන්.."

මම කියෝ කියෝ ඒකව තල්ලු කරන් ගිහින් බාත්රූම් එකට දාලා දොර වැහුවා. ඊට පස්සෙ මගෙ එච්චර වෙලා මවාගෙන හිටිය හිනාව අතුරුදහන් වෙලා ගියා.

උයන්න තරම් වෙලාවක් නැති හින්දා උයන්න අදහසක් තිබුනෙ නෑ.. මට පාලු කුස්සිය දකිද්දි දුකක් ඇති වුනා. ඒකා පාන්දර ඇහැරන් දිවත් හපාගෙන ආසාවෙන් කප්කේක් අයිසින් කරන හැටි මම බලන් ඉඳලා තියෙනවා නොදැනෙන්න. ඒත් අද ඒ මොකුත් නෑ. කුස්සියම පාලු වෙලා.

'වතුර වැටෙන සද්දයක් ඇහෙන් නැත්තෙ ඇයි? '

එකපාරටම අකුණක් ගැහුවා වගේ ඔලුවට ආව දේ එක්ක මම කඩාගෙන බිඳගෙන බාත්රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ගියා. යද්දි ඉෂේක් ඔහේ බාත්රූම් එකේ පිළිමයක් වගේ හිටන් ඉන්නවා.. මේක මාව පිස්සු වට්ටනවා..

"මොකද්ද බං වෙලා තියෙන්නෙ.. ආ කෝ එනවා මාත් එක්කම වොෂ් එකක් දාගමු.."

මම ඒකගෙ ලොකු ටී එක ගලවලා දාලා ෂෝට පිටින්ම ෂවර් එක යට හිටෙව්වා. ඉෂේක් මොකුත්ම කලේ නෑ. පණ නැති පිළිමයක් වගේ. අන්තිමට අන්දන්න වුනෙත් මට. කොහොම හරි එහෙම් මෙහෙන් ලැහැස්ති කරන් මම ඒකවත් ඇදගෙන ගෙදරින් එලියට බැස්සෙ ජොබ් එකට ගිය දවසට පහුවෙනිදා පරක්කු වෙන්නවත් නිවාඩු දාන්නවත් බැරි හින්දා.

"මේක කනවා.."

ජනේලෙ අයිනෙ ඉෂේක්ව ඉන්දලා ඊට එහා පැත්තෙන් මමත් ඉඳගත්තා. ඊයෙ රෑටයි අද උදේටයි මොකුත් නොකෑව හින්දා අපි දෙන්නටම එක වගේ බඩගින්න දැනෙන්න ඇති.මම යන ගමන් රෝල්ස් ගත්තෙ ඒකයි. ඒත් ඉෂේක් ඒ දිහා බැලුවෙවත් නෑ.

- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]Where stories live. Discover now