අවුරුදු දහයක්...!
හරියටම ඒ දේවල් සිද්ධ වෙලා අවුරුදු දහයක් ගෙවිලා ගිහින්. ආයෙත් හැරිලා බලද්දි හීනයක් වගේ...
අවුරුදු දහනවය ලැබුවා විතරයි අහේතුක හේතු වලට ගෙදරින් එළියට ඇදලා දැම්ම කොල්ලො දෙන්නෙක් ජීවිත හොයාගෙන ගෙන්දගම් පොළවට පය ගැහුවා. දැන් අපිට අවුරුදු විසි නවයක්. ගඟක් වුනත් පටන් ගන්න තැන සැඩපහරවල් වැඩියි. අපේ ජීවිත වලත් හැල හැප්පිලි ගොඩයි. නවතිනවා නම් 'හුස්ම උබ නැවතියන් මට හරි මහන්සියි' කියන්න ගොඩක් තැන් තිබුනා. ඒත් ඒ එක තැනකවත් නවතින්නෙ නැතුව ඉන්න ඒ කොල්ලො දෙන්නට හයිය තිබුනා. උන්ගෙ අත් හරි ශක්තිමත්ව බැඳිලා තිබුනා.
අන්තිම බිංදුවට කඩා වැටුන තැන් නොතිබුනා නෙවෙයි. ගමේ මම කුඩු ගහනවා කියලා මිනිස්සු කතා හැදුවා. ගෙදරින් පැන්නුවා. ඉෂූවත් පැන්නුවා.. පාරක් පාරක් ගානේ ජොබ් හෙව්වා..ඉෂූ සුවිසයිඩ් කරගන්න ගියා.. මානසික වෛද්යවරු හොයන් ඇවිද්දා.. අසනීප වෙලා මැරෙන්න වැටුනා.. අසහනකාරයන්ට නෙලුවා.. ඉෂූට රස්සාව නැති වුනා.. මටත් රස්සාව නැති වෙන්නම ගිහින් දෙන්නටම පාරට බහින්න වෙන තැනටම ආවා. ඉතින් බං ජීවිතේ අතෑරලා දාපන් කියලා මාරයා සිය සැරේකට වඩා කියලා තිබුනා.
මගෙ සඳ...
එදාටත් අදටත් හෙටටත් මගෙ සඳ. මගෙ මූසල කලුවර ලෝකෙට පායපු සෞම්ය සඳවතා. මගෙ ආදරේ. දශමයක් ආදරේ අඩු නෑ මට එදා දැනුනටත් වඩා වැඩි වෙනවා ඇර. බැරි කාලේ අල්ලගත්ත අත් පුලුවන් කාලේ වෙද්දි අතෑරෙනවලු. නෑ.. එහෙම වුණේ නෑ අපිට. එදත් අදත් මේ දැනුත් මගෙ අතේ ඒ දිග ඇඟිලි පැටළිලා තියෙනවා.
සැහැල්ලු හුස්මක් පාත දාන ගමන් මම මගෙ අතේ පැටලිලා තිබුන ඉෂූගෙ අතට තොල් තද කලේ තනි අතින් ඩ්රයිව් කරන ගමන්. පැසෙන්ජර් සීට් එකේ ඔලුව පිටිපස්සට තියාගෙන සනීපෙට නිදාගෙන ඉන්න ඉෂූ දිහා මම බලන් හිටියෙ ට්රැෆික් එකේ ඉන්න ටික වෙලාවට. පහුගිය අවුරුදු ටිකට මේ අත් වලින් මට මොන තරම් ශක්තියක් වෙන්න ඇතිද..? වැටෙන වැටෙන සැරේට මාව දරාගන්න ඇතිද? පිරිමියෙක් අඬන්න ඕනි හොරෙන් කියලා කෑ ගහපු මම එයා ගාව සැනසීමෙන් අඬලා ඇතිද..? මේ අත් මගෙ කඳුලු මොන තරම් පිහලා ඇතිද?
YOU ARE READING
- සියතු පියාපත් - [▪︎COMPLETED▪︎]
Non-Fiction_ සරූට පුළුවන් වුනා නම් ලස්සන කෙල්ලෙක් වෙන්න උබට ඇයි බැරි නියම පිරිමියෙක් වෙන්න... උබට පුලුවන් යකෝ වෙනස් වෙයන්.. උබ වෙනස් වුනොත් අප්පචිචි ආපහු උබ පුතා කර ගනීවි.... _ _ ඔයා අමතක කලා සරූගෙ අප්පච්චි එයා මැරෙන්නත් කලින් සරූගෙ ෆොටෝ එකට සුදු මල් මාලයක්...