වැස්ස කෙනෙක්ට මහ ගුප්ත හැගීමක් ඇති කරත් තවත් කෙනෙක්ට ගොඩක් සුන්දර හැගීමක් ඇති කරනවා..කට්ටිය කොච්චර වැස්සට ආදරේ කෙරුවත් වහින වෙලාවට හැමෝම අතේ කුඩයක් තියෙනවා..එයාලා කැමති වැස්ස දිහා බලන් ඉන්න විතරයි..තෙමෙන්න නෙමෙයි...මාත් ආසයි වැස්ස දිහා බලන් ඉන්න..ඒත් තෙමෙන්න ආස නෑ..වහිනකොට එන අලුත් සුවද..දූවිලි වැහිලා තියෙන ගස් ටික ටික කොලපාට වෙන විදිහ..ඒක බලන් ඉන්න ගොඩක් ලස්සනයි..වැස්ස ලස්සනයි වගේම භයානකයි..වැස්සට පුලුවන් කෙනෙක්ගේ හැගීම් අල්ලගෙන ඒක අස්සෙම හිර කරන්න..ඒ අතින් වැස්ස ලස්සනයි වගේම භයානකයි..
"ලොකූ හෙට ක්ලාස් ගිහින් ඇවිත් ඇදුම් ලෑස්ති කරන්න බැරි හින්දා ඒ ටික හදාගන්න...හෙට තුන වෙද්දි වත් අපි පිටත් වෙන්න ඕනේ... "
වැස්ස දිහා බලන් හිටපු මම සිහියට ආවේ අම්මගේ කටහඩට..අම්මයි අප්පච්චියි දෙන්නම ලෝයර්ස්ලා..මට මල්ලි කෙනෙක් ඉන්නවා දහය වසරේ..අපේ ගෙදර ඉන්නේ අපි හතර දෙනයි කිරි අම්මයි..ගොඩක් වෙලාවට අම්මයි අප්පච්චියි ගෙදර නැති හින්දා අපි කිරි අම්මා එක්ක තමා ඉන්නේ..කිරි අම්මා මටයි මල්ලිටයි ගොඩක් ආදරෙයි..අද සදුදා..අනිද්දා අපි කතරගම යන්න ඉන්නේ..ගොඩක් දවසක ඉදලා පවුලේ අය ප්ලෑන් කරපු ගමනක්..මට නං යනකං ශුවර් නැතුව හිටියේ..මොකද ගොඩක් වෙලාවට ට්‍රිප් යන්නේ කටින්නේ...
"හරි අම්මේ...ඔයා අයන් කරලා ඉවර වෙද්දි කතා කරන්නකෝ... '
මම කෑ ගැහුවේ ලිය ලිය හිටපු බයෝ ටිවුට් එක පැත්තකින් තියලා..ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා කබඩ් එක ඇරියේ අයන් කරන්න ඕන ඇදුම් ටික ගන්න..අම්මා කියපු විදිහට නං ඇදුම් හයක් ඕනේ..දවස් දෙකකට යන්නේ අපි..ඒත් හෙට නැන්දලගේ ගෙදර යනවා..පහුවදා පාන්දර තමා ඔක්කොමලා යන්නේ...පුංචිලා දෙගොල්ලයි නැන්දලයි අපියි යන්නේ..අපි ඔක්කොම රෑට නැන්දලා ගෙදර යනවා..එහෙට තමා බස් එක එන්නේ..අපේ මමා මන්ත්‍රී කෙනෙක්..නැන්දා නං ගෙදර ඉන්නේ..මාමා ගොඩක් සැරයි..නැන්දා නං හොදයි..මට ඉන්නවා චූටි නෑනෙක්..පවුලේ හැමෝම කියන්නේ එයා මං වගේ කියලා..එයා තාම දෙක වසරේ ඉන්නේ..එතකොට මස්සිනා නං මගේ වයසෙමයි..ඒත් මාමාලා එක්ක කතා කරාට මං එයා එක්ක නං කතා කරන්නෙම නැති තරං..කොහොමත් අපි හම්බෙන්නෙත් ගොඩක් වෙලාවට ට්‍රිප් එකක් ගියාම..නැත්තන් අවුරුදු වලට ආවම වගේ..ඒ කොයි වෙලාවකවත් මා එක්ක එයා කතා කරන්නෑ..සමහර දවස්වලට එයාව ක්ලාස් යනකොට දකිනවා..එයා යාලුවෝ එක්ක යනවා මිසක් මා එක්ක කතා කරන්නෑ..අදුරන්නෑ වගේ ඉන්නේ..අම්මලා ඉන්න වෙලාවට නං කතා කරනවා...ඒත් ඊටපස්සේ අදුරන්නෑ වගේ..එයා මල්ලි එක්ක නං හොදට කතා කරනවා... ඒකට හේතුව මොකක්ද කියන්න මං දන්නෑ..පුංචිලා දෙන්නෙක් ඉන්නවා..එක්කෙනෙක් ටීචර් කෙනෙක් අනිත් එක්කෙනා නර්ස් කෙනෙක්..එයාලත් ඉන්නේ චූටි චූටි ලමයි තමයි..වැඩිමල් මමයි මස්සිනයි තමයි..