"නූරා....."
"කියන්න හන්සොන්"
"යකෝ කෑ ගහන්න එපා බන්..මගෙ කන් ඇහෙනවා හොදට..."
පිට්ටනියෙ මැච් එකකට සම වැදිලා හිටපු නූරා සද්දෙන් හන්සොන්ට උත්තර දුන්නෙ වට පිටාවෙ සද්දෙ නිසා..
"අපි එලියට යමුද..."
"මොකක්ද.."
නූරා ආයෙමත් හයියෙන් කෑ ගැහුවා..බැරිම තැන නූරාව ඇදගෙන හන්සොන් ආවේ සද්ද බද්ද අඩු තැනකට..
"යාහ්...ඕයි මට මැච් එක බලන්න ඕනා"
"නූරා...මට කතා කරන්න ඕනා.."
පිට්ටනියටම ඉව අල්ල අල්ල හිටිය නූරා හන්සොන්ගෙ සීරියස් වොයිස් එකට කන්පියුස් උනා...
"වේ....මොකක් හරි ප්රශ්නයක්ද හන්සොන්.."
"අනී...මට උඹ ගැන කතා කරන්න ඕනෙ.."
"මම...මම ගැන මොනවද.."
"නූරා....හැමදාම මේ විදියට ඉන්නද හදන්නෙ..ඔයා හොදටම දන්නවා ඒ ඔයා ආදරය කරපු කෙනා නෙවෙයි කියලා...ඇයි යුන්ගී හියුන්ග් ගැන බලාපොරොත්තු තියාගන්නෙ..අන්තිමට ආයෙමත් රිදෙන්නෙ උඹට...
අනික උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද. හැමදාම උඹට පුළුවන්ද උඹව හයිඩ් කරන්න..""හන්සොන්..."
"ආආආයිෂ්....ඔය ටැප් එක නම් ඇර ගන්න හදන්න එපා..."
හන්සොන්ගෙ වචන දෙක තුනට නූරාගෙ ඇස්වලින් කදුළු වැක්කෙරෙනවා..
නූරා හරි බොළදයි වගේ නේද...අනේ ඇත්තටම එහෙම නෑ....ආදරයක් වේදනාවක් තමයි නූරාගෙ ඔය කදුළුවලින් කෑ ගහලා කියන්නෙ..
(මම මැදින් ඇඩ් එකක් දානකොට මෙහෙම දාන්නම් හොදද...😁("අයිගෝ ඔහොම වෙන්න එපා බන්...මීට වඩා ශක්තිමත් වෙයන්..නිකන් ගෑනු ලමයෙක් වගේ හැසිරෙන්න එපා...මේ මම දන්න උඹ නෙවෙයි "
හන්සොන් නූරාට ළං වෙලා එයාව බදා ගත්තා...නූරාව සනසන්න වගේ...මොකද නූරා දිගටම අඩන්න ගත්තොත් ඊළගට හොස්පිට්ල් නවත්තන්න වෙනවා කියන එක හොදටම නිසා..
"නූරා... control yourself..."
නූරා තව තවත් හන්සොන්ගෙ ඇදුම තද කරලා අල්ල ගත්තෙ එයාගෙ හිතට දැනෙන වේදනාවට වගේම දැනටත් එයාගෙ පපුව ටික ටික ඇදුම් කනවා දැනුන නිසා...
ඒත් එක්කම වගේ නූරා තව තවත් තදින් තමන්ව අල්ල ගන්නවා දැනුන නිසා හන්සොන්ටත් හුස්ම පවා හිරවෙන්න ගත්තෙ එයා හිතපු දේ වෙනවා වගේ තේරුන නිසා...
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....