"චිම්....මේ පර්ෆෝමන්ස් එක මග හැරුනට තව එකක් තියනවනෙ......."
ජිමින්ට අවුලක් දැනුන වගේම සොන්ටත් දැනුනා...මොකද ජිමින්ගෙ කිසිම දෙයක් යුන්ගි මග හරිනෙන් නැති බව මේ ටික කාලෙට සොන්ට පවා තේරුනා...
සොන් දෙන්නටම කෝල් ගත්තත් පෝන් වැඩ..ආන්සර් කරන්නෙ නෑ...
මේ අතරෙ ජිමින්ගෙ ෆයිනල් පර්ෆෝමන්ස් එකට වෙලාව...ස්ටේජ් එකට ඇවිත් හැම තැනම ඇස් කැරකුවේ පිස්සුවෙන් වගේ ඒ ඇස් හොයන රූපෙ වෙනුවෙන්..
ජිමින්ට දුකයි...ඒ වගේම කුතුහලයත් තිබුනා....ටිකෙන් ටික අවසානෙට ලං වෙනකොට ජිමින්ට තිබුනෙ ඉහල අවකාශයේ කැරකීම් පැනීම් ටිකක්....ජිමින් උපරිම වේගෙන් ඒ දේවල් කළා..කරන්න තිබුන නිසා...
එන්ඩ් එක තිබුනෙ කේබල් සෙට් කරලා ඩාන්ස් කරන්න...ජිමින්ගෙත් මොන වෙලාවකටද මන්දා කේබල් එක සෙට් නොවී තිබිලා උඩට ඉස්සෙනකොටම බිමට වැටුනා..
ජිමින්ගෙ කෘව් එකයි ඕඩියන්ස් එකයි කලබල වෙලා....සොනුත් මේක දැක්කා..ඒත් සොන්ට ස්ටේජ් එකට නගින්න බැහැ...
ඒත් පහල මෙට්රස් එකක තිබුන නිසා අනතුරක් නොවී බේරුනා...බේරුනා කීවට ජිමින්ගෙ කකුල වැටෙනකොට අනිත් පැත්තට පෙරලුනා..ඒ නිසා ජිමින් කොච්චර නැගිටින්න හැදුවත් නැගිට ගන්න බෑ..නැගිටින පාරට වැටෙනවා..ජිමින්ගෙ ඇස්වල කදුළු පිරිලා...කෘව් එකේ කට්ටිය එකතු වෙලා ජිමින්ව ස්ටේජ් එකෙන් පහලට අරන් ඇවිත් ෆස්ට් එයිඩ් ටීම් එකට භාර දුන්නා...
ඔය වෙලාවෙ සොන් ජිමින් ගාවට දුවන් එන්න හදනකොටම ජින්ගෙන් කෝල් එකක් අඉවා...
"හියුන්ග්...කොහෙද ඉන්නෙ...ජිමින් බලන් ඉන්නවා....දැන් මේක ඉවර වෙලා..ජිමින්ව කේබල් එකෙන් වැටුනා හියුන්ග්.."
සොන් එක දිගට කියාගෙන ගියා...
"සොන්....සන්නසුන් වෙලා මේක අහගන්න...
අපේ කාර් එක ඇක්සිඩන්ට් උනා....""මොකක්...කො..කොහොමද...කොහෙදිද..."
"කෑ ගහන්නෙ නැතුව අහනවා සොන්....යුන්ගිට අමාරුයි.....ජිමින්ට කියන්නෙ නැතුව එක්කන් එන්න හොස්පිටල් එකට....ඉස්සර වෙලා ජිමින් ගැන බලලා ඉන්න..."
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....