ඉතින් කොහොම හරි අර විස්තරෙ තායිලන්ඩ් යන්න කලින් ජින් යුන්ගිට කීවා..යුන්ගිට ජිමින්ව අමතක උනත්...මොකද ආයෙත් ඕකම නොවෙන්න ඕන නිසා..අනික තායිලන්ඩ් ගේ ෂිප් වැඩියි...ඒත් අන්තිමට වෙන්න තියන දේ උනා...
අන්තිමට ජින් කීව දේවල් කල්පනා කරලා කරලා යුන්ගිටත් එහෙමම නින්ද ගියා....
පහුවදා උදේ...උදේ කියන්නෙ පාන්දර හතරට විතර ජිමින්ට ඇහැරෙනකොට යුන්ගි බඩු මුට්ටු ටික ලෑස්ති කරන්නෙ ආපහු යන්න තියන නිසා...මොකද ෆ්ලයිට් එක උදේ හයට...ජිමින් ගාව ඉදපු නිසා රෑ ඒ දේවල් කරන්න බැරි උනා....
ඔය අතරෙ ජිමින් ඇහැරිලා එහෙමම බලන් හිටියෙ අවුල් උන කොණ්ඩෙත් එක්ක එහාට මෙහාට පැන පැන බඩු අස්කරන යුන්ගි දිහා....
ඒ අතරෙ යුන්ගි නිකමට වගේ ජිමින් දිහා බලනකොට දැක්කා ජිමින් නැගිටලා බව..අතේ තිබ්බ ඇදුමත් එක්කම ජිමින් පැත්තට හැරිලා ටිකක් වෙලා බලන් ඉදපු යුන්ගි ආයෙත් ජීමින්ට කඩන් පනින්න ගත්තා..
"තමුන් ඇහැරිලා නම් ඉන්නෙ නැගිටලා එනවා...මේ බඩු අස් කර ගන්නවා..."
යුන්ගි පෙන්නුවෙ එහා පැත්තෙ රූම් එකෙන් ගෙනාව ජිමින්ගෙ ටඩු ටික....
ජිමින් ටික වෙලාවක් යුන්ගි දිහාම බලන් හිටියා....
"නැගිටිනවා ඕයි..ෆ්ලයිට් එක හයට..මම දෑන් තමුන්ගෙ ඒවත් අස් කරන්න ඕනෙද..."
තමන් දිහා බලන් ඉන්න ජිමින්ව දැක්කාම යුන්ගි අර ඇදුම තිබ්බ අතත් දික් කර ගෙනම කීවා..
ජිමින් යුන්ගිගෙ අත දිහා එක පාරක් බලලා යුන්ගි දිහත් බලලා ෂීට් එකෙන් කට තද කරන්න හිනා වෙනවා..
වැඩේ කියන්නෙ යුන්ගිගෙ අතේ තිබ්බ ඇදුම...යුන්ගි අතේ තියන් හිටියෙ යුන්ගිගෙම underpant එකක්....
"ආආයිශ්..."
යුන්ගි ටක් ගාලා underpant එක සූට් කේස් එකට විසික්කා.....
"යාහ් මන් විතරක් නෙමෙයි තමුන්ටත් ඕවා තියන්නෙ..."
"ඉතින් මන් නෑ කීවේ නෑනෙ හියුන්ග්..."
"යාහ් නැගිටිනවාආආආ...."
යුන්ගිගෙ බල කිරීමටම ජිමින් නැගිට්ටා..නැගිටලා ඇදෙන් බහින්න හදනකොට ජිමින්ව වැටෙන්න ගියා..ෂීට් එක පැටලුන නිසා...එතකොටම යුන්ගි ටක් ගාලා ඇවිත් ජිමින්ව අල්ල ගත්තා....ඒත් යුන්ගි හිතුවෙ තාමත් ජිමින්ගෙ කකුල් දෙක පණ නෑ කියලා..
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....