"ආආයිෂ් ජිමින්...තමුන් මේ තරම් මෝඩද ආහ්....."
"ජින් හියුන්ග්..."
ජින් ජිමින්ට කෑ ගහනකොට හේසොක් ජින්ව නැවැත්තුවා...
"හෝසොකා..ඕනම බූරුවෙක්ට තේරෙනවා උණ තියන මනුස්සයෙක්ව වතුරෙ තියන්න හොද නෑ කියලා..අනිත් එක යුන්ගිගෙ අතේ තුවාලෙ...මේ ඔක්කොම දැක දැකද මේ ගොන් නාම්බා මෙහෙම දෙයක් කලේ....ආහ්...."
යුන්ගිට සිහිය නැති උන වෙලේ ජිමින් ජින්ට කෝල් කළා..ජින් ඒ වෙනකොට ටිකක් දුර ඉදපු නිසා හේසොක්ට පණිවිඩය දුන්නා...
ඒ උනාට ජිමින් වැඩේ නාලනෙ..ජින්ට තරහ ගියා..ජින් කියන දේ ඇත්තනෙ ඉතින්..ඕනම කෙනෙක්ට ඒ දේ තේරෙනවනෙ...
"හියුන්ග් මම බය උනා....අනික හියුනීගෙ ඇග පුරාම ඒවා හැලිලා තිබුනෙ....."
"ජිමින්..යනවා එලියට...."
"හියුන්ග්..."
"කීවාම අහලා යනවා එලියට..."
ජින් කවදාවත් ජිමින්ට එහෙම කතා කරලා නෑනෙ..ජිමින්ට දුක හිතූනා..ජිමින් කදුලු පුරවගෙන කාමරෙන් එලියට ගියා...කාමරෙන් විතරක් නෙමෙයි..යුන්ගිගෙ ගෙදරිනුත් එලියට ගියා....
"හියුන්ග්...."
"කමක් නැහැ හෝසොකා...යන්න දෙන්න..."
"ඒත්..."
"ජිමින්ට ඔහොම careless වෙන්න බැහැ හෝසොකා...එයා පොඩි දරුවෙක් නෙමෙයිනෙ...."
හෝසොක් ඔළුව වනලා ජින්ට එකග උනා...
_____________________________________________
ඊට ටික වෙලාවකට පස්සෙ ජින් ජිමින්ගෙ ගෙදරට ගියා.....ඩෝ බෙල් එකේ සද්දෙට ජිමින් ඇස්වල කදුළුත් පිහ දාගෙන ගිහින් දොර ඇරියා....
දොර අරිනකොට ජින් දැක්කා ජිමින්ගෙ මූණ හොදටම රතුවෙලා තියනවා.....
"කියුට් කොටා...දැන් මාව දොරකඩ මෙහෙම තියන් ඉන්නද හදන්නෙ...."
"අහ්...අ...අනී...."
"එහෙනම් මම ඇතුලට එන්නද...."
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....