Chapter 28

26 5 22
                                    







දින තුනකට පසු...

යුන්ගි දැන් දවස් තුනක්ම කොලේජ් එක ගාවින් එහාට මෙහාට යනවා..ඒත් ජිමින්ගෙ සේයාවක්වත් නෑ....එකම වතාවක් හරි ජිමින්ව පේන්න එපැයි..ඒත් නැහැ....

"මූ පෝන් ගන්නෙත් නෑ..."

ජිමින්ගෙ යාළුවො දෙන්නා කොලේජ් එකට එන ගමන් ජිමින්ට කෝල් ගන්න ට්‍රයි කලා..ඒත් ජිමින් පෝන් එක ගන්නෙ නෑ...

"ගන්නෙ නැද්ද.."

"නෑ.."

"ගෙදර යමු..."

"යකෝ ඔම්මලා..."

"එහෙනම් තව එක විදියයි තියෙන්නෙ.."

"මොකක්ද.."

"යුන්ගි හියුන්ග්.."

"මොකක්..උඹට පිස්සුද..."

"මට පිස්සු නෑ බන්..උඹට තේරෙන්නෙ නැද්ද යුන්ගි හියූන්ග් ගාව ජිමින් කන්ට්‍රෝල් වෙන හැටි..ඕපන් වෙන හැටි .

"උඹ කොයි වෙලේද ඕවා බැලුවෙ.."

"යකෝ..අමුතුවෙන් බලන්න ඕනෙ නෑ පේනවනෙ..යකෝ අපිට ඇගට අතක්වත් තියන්න නොදුන්න එකා එදා යුන්ගි හියුන්ග් ඇදුම් මාරු කරපු එකට රිඇක්ට් කලේ කොහොමද..."

"ම්ම්..."

"අනික උඹට මතක නම් ඉස්සර වගේ ජිමින් චුයින්ගම් කන්නෙත් නෑ... අඩුවෙන් කන්නෙ..."

"ම්ම්..."

"ආයයිෂ්..හැම ලබ්බටම හූම් ගාන්න එපා..

"දැන් එතකොට උඹ කියන්නෙ අපි ගිහින් යූන්ගි හියුන්ග්ට කියමු ජිමින් ඔයාට කැමතියි..දැන් ජිමින් අතුරදන් වෙලා..අපිට හොයලා දෙන්න කියලා එහෙමද.."

"කොහෙද බන් ජිමින් අතුරුදන් වෙලා ඉන්නෙ..බූරුවා.."

සෝ මින් , මින් හෝ ගෙ ඔළුවට තද පාරක් ගහලා ඉස්සරහට ඇදුනා..

ඔය අතරෙ නිකමට වගේ පිටිපස්ස හැරිලා මෙඩිකල් යුනිවර්සිටි එක දිහාට ඇස් යවපු සෝ මින් අහම්බෙන් යුන්ගිව දැක්කා..යුන්ගිත් මේ ටයිම් එකට ජිමින් කොලේජ් එක හරියෙ ගැවසෙන බව දැන දැනම ඒ පැත්තට ඇහැ යවාගෙන හිටියෙ...

ආත්මයේදී...Where stories live. Discover now