Chapter 20

29 3 6
                                    


ඈත අහසෙ ඉර බැහැගෙන යනවා....මිනිස්සු වැඩ ඇරිලා ගෙවල් වලට යන වෙලාව....ඈතින් වාහන එහා මෙහා යනවා පේනවා..ඈතින් වාහන යන සද්දය ඇහෙනවා.....පහල කාර් පාර්ක් එකෙත් හරි හරියට වාහන එහෙට යනවා මෙහෙට යනවා....

කලින් වැඩ ඇරිලා ඇවිත් පැයක් විතර නිදා ගන්නවා කියලා හිතුවට ජිමින්ට හවස් වෙනකම්ම නින්ද ගියා.....කරන්න දෙයකුත් නැති එකේ ටික වෙලාවක් බැල්කෙනියට වෙලා ඉදලා කාර් පාර්ක් එක පැත්තට යන්න හැදුවෙ කම්මැලිකමක් දැනුන නිසා.....

ඇග මැලි කඩ කඩ ඈනුම් ඇර ඇර එනකොට හම්බුනෙ මාස්ක් එකක් දාගෙන ඉන්න කෙනෙක්ව...හම්බුනේ නම් නෑ හැප්පුනා...හැප්පුනෙත් නෑ...ජිමින් එන ඉස්සරහින් හිට ගත්තා...මොකද ජිමින් ඇග මැලි කඩ කඩ ආව හැටි දැකක් නිසා....

"ආහ්...."

ජිමින් හැප්පුන කෙනාගෙ උඩ ඉදලා යටට බැලුවෙ මොනාගෙද මම හැප්පුනෙ කියලා හිත හිතමයි...
හරියට ඉතින් ගලක හැප්පුනා වගේ ජිමින්ට දැනුනෙ...

"යාහ්..ජන්....."

ජිමින් හයියෙන්ම කෑ ගහන්න ගිහින් නතර කර ගත්තා..මොකද ඒ ජන්කුක් නිසා...

"කොහෙද කොට මොඩල් මේ නිදි මර ගාතෙ යන්නෙ..."

"ආආයිශ්....මම කොට නෑඈඈඈඈඈහ්..."

ජන්කුක් හිනා නොවී හිනා උනා....

"දැන් තමුන් කොහෙද යන්නෙ..."

"ජින් හියුන්ග් හම්බෙන්න..."

"ම්ම්....
මම පහලට යනවා....මට ගෙදර ඉන්න බෑ..කම්මැලි..."

"මාත් එක්ක යන් හියුන්ග්..."

"බෑ...ජන්කුකා යන්න...මන් හිතන්නෙ හියුන්ග් දැන් ඇවිත් ඇති...."

ජිමින් ඇග මැලි කඩ කඩම යන්න හැරුනා...

"ඉන්න හියුන්ග්..."

"වේ..."

"හියුන්ග් ඔහොම ඉන්න අමාරුයි නේද...."

ජිමින් ඇහි බැමි අකුල ගත්තෙ ජන්කුක් ඇහුව දේ තේරුනත් නොතේරුන බව අගවන්න...

"හියුන්ග්..මමත් ආදරෙ කරනවා....
ඔයාට මහන්සි නම් නවතින්න හියුන්ග්...."

ආත්මයේදී...Where stories live. Discover now