තායිලන්ඩ් වල ඉදලා ආවට පස්සෙ ජිමින් තීරණය කරනවා ටික දවසකට මේ හැම දෙයකින්ම අයින් වෙලා ඉන්න....ජිමින්ටත් අත් හරින්න ඕන උනාට ජිමින් එහෙම කලේ නෑ..ඉතින් ජිමින් යන්න කලින් යුන්ගිව හම්බෙන්න යනවා....හැබැයි කවුරුවත්ම දන්නෙ නෑ ජිමින් මෙහෙන් යන්න තීරණය කරපු බවක්....
මේ අතරෙ අර මනුස්සයෙක්ව හම්බෙලා ගෙදරට ආව යුන්ගි කොල ටිකත් බල බල බර කල්පනාවක ඉන්නකොට ඩෝ බෙල් එක වැදුනා...
ගිහින් බලනකොට ජිමින්..ජිමින්ව දකිනකොට යුන්ගිටත් නොදැනිම යුන්ගිගෙ අත් මිට මෙල උනා..
"හියුනී....මම ඇතුලට එන්නද..."
"ඕනෙ නෑ..ඔහොම ඉදන් කියන්න තියන දෙයක් කියනවා.. "
ජිමින්ගෙ ඇස්වලට කදුළු නාව එක විතරයි...පපුව සූරගෙන යනවා වගේ හැගීමක් දැනුනෙ....ජිමින්ට කතා කර ගන්න බැරුව ගොඩක් වෙලා නිහඩව හිටියා...බැරිම තැන යුන්ගි දොර වහන්න හදනකොට ජිමින් කතා කලා..
"අ..අඅ...හරි...ඉන්න...හියූනී..."
"මට තමුන් වෙනුවෙන් නාස්ති කරන්න වෙලාවක් නෑ...ඉක්මන් කරනවා..."
"එහෙනම් ඇයි...ඇයි මට මෙහෙම කරන්නෙ හියූනී...මට කියන්න....ඇත්තටම ඔයාට මාව අමතකද..නැත්තම් ඔයා එහෙම රග පානවද..."
"මම තමුන්ට කී පාරක් කියන්නද..මම තමුන්ව දන්නෙ නෑ...මගෙ ජීවිතෙ තමුන් වගේ කෙනෙක් ඉදලත් නෑ...තමුන් වගේ කෙනෙක්ට ඉඩක් ඇත්තෙත් නෑ..."
"එහෙනම් ඇයි ඇයි එහෙම මාව......"
"ඔව් මම ඒ දේවල් කලා තමා....තමුන් ගැන කෙයා කලා..වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි...ජින් හියුන්ට මම ගරු කරන නිසා..."
ඕක බොරුවක් කියලා මේ මට කෑ ගහලා කියන්න පුළුවන් උනා නම් අද වෙන්න යන දේ නවත්තන්න තිබූනා..ඒත් මටත් ඒක කරන්න බෑ....🤕🤕
යුන්ගි ජින් නිසා ඒ දේවල් කලා කියන්නෙ කොහොමද...යුන්ගිත් ඒ තැන්වල තමන්ට දැනෙන හැගීම අස්සෙ අතරමං උන එකේ...😒😒
"තමුන් එතකොට මේ දේවල් කලේ මගෙ බල කිරීම නිසාද යුන්ගි..."
ජිමින් යුන්ගි දෙන්නම හැරුනෙ ජින්ගෙ කටහඩට....
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....