"කොහොමද මහත්තයෝ.... රාත්රිය මනරම්ද....""හියුන්ග් ඔයා නරකම නෑ...."
"යුන්ගියා...උඹ දන්නෙ නෑ මේ හැන්ඩ්සම්ට කරන්න පුළුවන් දේවල්....."
"හියුන්ග් ඒක චිම්ට දුන්නෙ ඇයි...."
"හහ්....ජිමින් මේවා දැන ගන්න ඕනෙ....අනිත් එක මට වඩා හොදට ජිමින් තමුන්ව කන්ට්රෝල් කරන්න දන්නවා...."
ජින් කියවලා තත්පර ගානක් ඉන්න ඇති...යුන්ගි ජින් දිහාම තත්පර ගානක් බලන් හිටියෙ හිස් හැගීමකින්....ජින්ට තේරුනා මොකක් නමුත් අවුලක් තියන බව...
"යුන්ගියා....."
ජින් කතා කරත් ගානකට නොගෙන යුන්ගි මෙඩිකල් සෙන්ටර් එකෙන් එලියට ගියා.....
පිට්ටනියෙන් එහාට වෙන්න තියන මේපල් ගහ ළගට ගියපු යුන්ගි ඇස් දෙකත් පියා ගෙන විනාඩි ගානක් අවටින් හමන සුළං රැල්ල විද ගත්තා...ඔය අතරෙ ජිනුත් එතනට ආවා..."හියුන්ග්ට මතකද මෙතන..."
ජින් හුස්මක් පහල දැම්මෙ යුන්ගිට ඔව් කියන්න වගේ....
එතන තමයි එදා නූරා විදියට ඉද්දි යුන්ගි ජිමින්ට කතා කරපු තැන....
"හියුන්ග්....මට තේරෙන්නෙ නෑ...."
"මොනවද.."
"මම කොහොමද හියුන්ග් කොහෙන්ද පටන් ගන්නෙ...."
"යුන්ගියා...උඹ ප්රශ්නෙ එහෙමම තියාගෙන බලන් ඉන්න එකයි දැන් කරන්නෙ....එහෙම හිටියට විසදුමක් නැහැ නේද"
"ඒත් චිම්....."
"ජිමින් දේවල් දන්නෙ නැතුව ඔහොම තියන් ඉන්න හැදුවට වැඩක් නැහැ...උනේ මොකක්ද කොහොමද උනේ කියලා දැන ගත්තම ජිමින් තීරණයක් ගනී..ඒකට ඉඩ දෙන්න යුන්ගියා....මොකක් උනත් ඒ තීරණයට ගරු කරන්න..උඹත් ඒක පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න...අපිට බැහැ බලෙන් ළග තියා ගන්න...."
ජින් කතා කර කරම අත දුන්නෙ යුන්ගිට නැගිටින්න....එතකොටයි ජින් දැක්කෙ යුන්ගිගෙ වැලමිටට පහලින් තුවාල පාරක් තියනවා....
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....