"මේක එපාද එතකොට..."
"මට මුකුත් එපා.."
"මොනවා උනත් ඩයරි එකක්නෙ.."
"මොන කාගෙ ඩයරිද...ආහ් ඩයරි..?
ඇදේ මුනින් අතට වැටිලා ඔහේ කියවපු ජිමින් ඩයරිය කියනකොට හෙන ගැහුවා වගේ නැගිට්ටා...නැගිටලා බලනකොට යුන්ගිගෙ අතේ තිබුනෙ ජිමිනිගෙ ඩයරි එක..ජිමින්ටත් දැක්ක ගමන් පත්තු උනා ඒක එයාගෙ ඩයරි එක බව..
ඒත් ජිමින් දන්නෙ නෑ ඒක කොහෙන්ද කොහොමද යුන්ගි අතට ආවෙ කියලා..ජිමිනූ මේ වෙනකම්ම හිතුවෙ ඩයරි එක එයාගෙ බෑග් එකේ කියලා....යුන්ගිගෙන් උදුරලා අරන් ඇරලා බලනකොට ජිමින්ට තරු පෙනුනා..
_____________________________________________ඔන්න ඉතින් සුපුරුදු පරිදිම ජිමින් ස්පීකර් එක ඔන් කලා ...
"ඔයාට කොහොමද මේක හම්බුනේ.....කියනවා..."
"ජින් හියුන්ග් දුන්නෙ..එයාට කොහෙන්ද හම්බුනේ කියලා දැන් මගෙන් අහන්න එපා...එයාගෙන් අහන්න.."
"ඔයා මේක කියෙව්වද..."
යුන්ගි ඔව් කියන්න ඔළුව වැනුවා....
"යාහ්...ඇයි එහෙම කලේ...."
ජිමින් දිහා ටික වෙලාවක් බලන් ඉදපු යුන්ගි ජිමින්ගෙ තොල්වලට කිස් එකක් දීලා නිකන් හිටියෙ ලාවට හිනා වෙන ගමන්...
යුන්ගිගෙන් උත්තරයක් නැති තැන ආයෙත් කට අරින්න හදනකොට යුන්ගි ඉස්සර උනේ අයෙත් වතාවක් ජිමින්ගෙ තොල් වලට කිස් එකක් දීලා..
"මගේ දේවල් මම කියෙව්වට මොකද වෙන්නෙ.."
යුන්ගි කියාගෙනම පැත්තකට උනා..ජිමින් ආයෙත් ටිකක් හරි බරි ගැහිලා ඉදගෙන කියවන්න ගත්තා..
"යාහ්..ඒක මගෙ ඩයරිය..ඔයාගෙ වෙන්නෙ කොහොමද.."
"ඔයා මගෙන.."
"මම තමුන්ගෙ නෙමයි.."
ජිමින් කටට ආව පලියට කියලා දැම්මා...ඒ කියනකොට යුන්ගි ආපහු ලං උනේ ජිමින්ගෙ මූණ ගාවට..
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....