"හි...හියුන්ග්...
" ඔයාට ලයිට් කණුව ඇතුලෙන් යන්න බෑ ජිමින්..."
ජිමින් එතකොටයි දැක්කෙ ඉස්සරහා ලයිටි කණුව...ජිමින් ආයෙමත් ඉස්සරහට ඇදෙනකොට යුන්ගි....
"ජිමින් මොකක් හරි ප්රශ්නෙකද..."
මතකද කලින් චැප්ටර් එකේ..ජිමින් යුන්ගි දෙන්නා......
_____________________________________________
"අනී..."
"ම්ම්...එහෙනම් ජිමින් කාටහරි ආදරෙ කරනවද..."
ජිමින් යන්න ගියපු අඩිය එහෙමම නැවතිලා ෆයිල් එකෙන් මූණ ඉස්සුවෙ ගල් ගැහිලා වගේ....
ජිමින් දිහා බලපු යුන්ගි කට කොනින් හිනා වෙලා ඔළුව පැත්තකට හරවලා ඈත ගම්මානෙ දිහා ටිකක් වෙලා බලන් ඉදලා ආපහු ජිමින් දිහාට හැරුනා....
"ජිමින්...ඒ ප්රශ්න අදාල තැනට විතරක් අදාල කර ගන්න..මෙතෙන්ට ඒවා ආදාල නෑ...නැත්තම් වෙන්නෙ ඔයාගෙ හැම වැඩක්ම අවුල් යන එක...."
යුන්ගි කියලා දම්මා...ජිමින් තද බැල්මක් මවාගෙන යුන්ගි පැත්තට හැරුනා...
"මම හිතන්නෙ මම එහෙම දෙයක් කලේ නෑ..අනික තවම අපි වැඩ පටන් ගත්තෙත් නෑනෙ...මට මාව විශ්වාසයි... ඔයා ඒක ප්රශ්නයක් කර ගන්න එපා හියූන්ග්..."
"එහෙම නෙමෙයි නම් කොයි අර මට නිතර දෙවේලේ හම්බෙන ජිමින්..."
යුන්ගි අඩියට දෙනට ජිමින් ගාවට ඇවිත් මූණට පාත් වෙනකොට ජිමින් බෙල්ලෙන් පිටිපස්සට උනා....
පිටිපස්සට වෙලා බලන් හිටියෙ ඇස් දෙකත් පොල් ගෙඩි සයිස් කරගෙන....
"ඔය ඇස්වලින් ඔහොම හැමෝම දිහා බලන්න එපා..."
යුන්ගි අමුතු විධියට කියලා ජිමින්ගෙ නහයට තටිටුවක් දාලා ඉස්සරහට ඇදුනෙ සෙල්ලක්කාර හිනාවකුත් එක්ක....
"යාහ්.....හියූ....ආයයිශ්....ජිමිනා...."
ජිමින් තමන්ටම කුටු කුටු ගෑවේ ඉස්සරහට යන යුන්ගිටත් දිව දික් කර කර මයි...
________________
අදුර වැටෙනකම්ම ගෙවල් ටිකේ ඇවිදපු මේ දෙන්නා අන්තිමට නවත්තපු ගෙදරම නැවතිලා ඒ ගෙදරින් දුන්න බීම විදුරු දෙක හිස් කරන්න පටන් ගත්තා..
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....