ජිමිනුයි ජිනුයි බැල්කෙනියෙ කතා කර කර ඉන්න අතරෙ පහල හිටපු යුන්ගි නිකමට වගේ බැල්කෙනිය දිහා බැලුවා..ජිමිනුත් ඒ වෙලාවෙ යුන්ගි දිහා බලාගෙනයි හිටියෙ.....තමන් දිහා ජිමින් බලන් ඉන්නවා දකින යුන්ගි ආදරණීය විදියට ජිමින්ට හිනා උනා.... ඒත් ජිමින් යුන්ගිට රවලා කාමරයට ආවා....
_______________________________________________
"එයාට කොහොමද හියුන්ග්..."
"දැන් ප්රශ්නයක් නෑ යුන්ගියා.."
"අපි යමු එහෙනම්..."
"ජිමින් මොනවද කීවෙ කියලා දැන ගන්න ඕනෙ නැද්ද..."
යුන්ගි ඔළුව වනලා කීවෙ එයාට කිසිම දෙයක් දැන ගන්න ඕනෙ නැති බව....
අතරමගදි ජින්ට කෝල් එකක් එන්නෙ හේසොක්ගෙන්...මතකනෙ එයා හවසට එනවා කීවා...
වාහනෙ අරන් යන්නෙ ජින් නිසා යුන්ගි පෝන් එක ආන්සර් කරලා ලවුඩ්ස්පීකර් දැම්මා...
"හියුන්ග් දොර අරිනවකො..."
" හේසොකා මම තව විනාඩි දහයකින් ගෙදර..එනකම් ඉන්න.."
"ආ..... ගෙදර නැද්ද...හරි හියුන්ග් හරි..."
______________________________________________
විනාඩි දහයකින් ජින් යුන්ගි දෙන්නා එපාර්ට්මන්ට් එකට ආවා....
"හියුන්ග්ට හවස වැඩක් නෑ කීවා නේද.."
ජින්ව දැකලා හේසොක් කතා කළිට මොකද යුන්ගිව දැක්කෙ ඊට පස්සෙ...
"මට වැඩක් තිබුනෙ නෑ..ඒත් මේ...."
ජින් යුන්ගිව පෙන්නුවා..
"හියුන්ග් මොකක් හරි ප්රශ්නයක්ද..."
හේසොක් බැරෑරුම් විදියට ජින්ගෙන් ඇහුවා...හේසොක් දන්නවා යුන්ගි තායිලන්ඩ් ගිය බව....එයාටත් තිබ්බ ප්රශ්නෙ යුන්ගි හදිසියෙ ආවෙ ඇයි කියන එක...
යුන්ගි කිසිම ගානක් නැතුව දොර ළග ඉන්න හේසොක් ජින් දෙන්නා මැද්දෙන් ගේ ඇතුලට රින්ග ගත්තා....
"ආආයිෂ්..මූ නම් ගල් ආදෙක් හේසොකා.."
ජිනුත් යුන්ගිට බැන බැන ගේ ඇතුලට ආවා....
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....