Chapter 22

26 4 3
                                    


ඔය විදියට සතිය ගෙවී ගෙන යනවා....සතිය කීවට සතියෙම තිබුනෙ නෑ...දවස් තුනක් තිබ්බෙ..දවසක් ඇර දවසක් වෙන්න....

අන්තිම දවසෙ කොන්සර්ට් එක වෙනකොට යුන්ගි ජිමින් දෙන්නම හෙම්බත් වෙලා...ජිමින්ට මැනේජ්මන්ට් වැඩ එක්ක..යුන්ගි පර්ෆෝමන්ස් එක්ක..යුන්ගිගෙ කටහඩ පවා කතා කර ගන්න තරම් අපහසු තත්වෙට පත් වෙලා තිබුනා..

එත් අන්තිම දවස කියලා නෑ කට්ටියම උනන්දුවෙන් කැපවීමෙන් වැඩ..යුන්ගිට හොද සපෝර්ට් එකක් තිබුනා..

ටිකෙන් ටික කාලෙ ගත වෙලා කොන්සර්ට් එකේ අවසනා හරියට එනකොට යුන්ගි අවුල් යනවා වගේ එකක් ජිමින් දැක්කා..යුන්ගිට සින්දුව කියා ගන්න බෑ...පිච් එක පවා අවුල් යනවා..අනිත් අතට  යුන්ගි කලබල වෙලා වගෙත් පෙනුනා...

එහෙමයි කියලා ජිමින්ට ස්ටේජ් එක මැද්දට පනින්න බෑනේ..සින්ග් කර කර ඉදපු සින්දුව ඉවර වෙනකොටම යුන්ගි ස්ටේජ් එකෙන් බැහැලා පිටිපස්සට ආවා....

"හියුන්ග් මොකක්ද අවුල...."

"මට ඇහෙන්නෙ නෑ...."

යුන්ගි උගුරටත් අත තියන් කතා කලේ එයාගෙ කටහඩ ගොරහැඩි වෙලා තිබුන නිසා....

"හියුන්ග් ඉස්සර වෙලා වාඩි වෙන්නකො..."

ජිමින් යුන්ගිව ඉන්දවලා මූණෙ දාඩිය පිහදැම්මා ....

"හියුන්ග් කලබල නොවී සන්සුන් වෙන්නකො..ආ වතුර ටිකක් බොන්න..."

යුන්ගි එක හුස්මට වතුර එක හිස් කරන්න යනකොට ජිමින් ඒකට ඉඩ නොදී වතුර එක අර ගත්තා...

යුන්ගිගෙ ඇගම දාඩියෙන් තෙත්වෙලා...ඇදන් හිටපු ඇදුම විනිවිද පේනවා..ජිමින්ට ඉතින් මුකුත් නොදැනුනාම නෙමෙයි.....

"හියුන්ග් දැන් කියන්න.."

"In ears වල අවුලක්....මට පැහැදිලිව ඇහෙන්නෙ නෑ..."

"යාහ්...මම බය උනා ඕයි...."

ජිමින් කෑ ගැහුවා..

ජිමින් විතරක් නෙමෙයි යකෝ මාත් බය උනා😒
මන් හිතුවෙ ඇහෙන් නෑ ඇහෙන් නෑ කීවට කන් ඇහෙන් නෑ කීවා කියලා.....

ආත්මයේදී...Where stories live. Discover now