නිකමටවත් යුන්ගිට මතකෙ එන්නෙ නැති වෙයිද...මන් කියන්නෙ වර්තමාන කතාව ථැන..මක ඇති නේද..."ආආයිශ්..මොකද කරන්නෙ...මම සමාව ගන්නවද නැද්ද..එක්කො මැසේජ් එකක් දානවා..නැත්තම් නෝට් එකක් තියලා යනවා..."
ජිමින්ට යුන්ගිගෙන් සමාව ගන්න ඕන උනා..ඒත් කතා කරලා සමාව ඉල්ලන් ජිමින්ට අපහසුවක් දැනුනා..ඉතින් මැසේජ් එකක් දාන්නත් හදලා නෝට් එකක් තියලා යන්න කියලා හිතුවා...
ඒත් වෙන්නෙ හිතපු දේ නෙමයි...
ජිමින් නෝට් එක ලියලා ඒක ටේබල් එක ගාවින් අලවලා යුන්ගි ගාවට ඇවිත් හිට ගත්තා..දෙතුන් වතාවක් යුන්ගිගෙ මූණ ඉස්සරහා අත එහෙ මෙහෙ කලේ යුන්ගිගෙ ඇහැරලා ඉන්නවද බලන්න...
"මි...මියානේ හියුනී.."
නින්දෙ යුන්ගි හිටියත් අමාරුවෙන් මියානෙ කියන ටික කියා ගත්ත ජිමින් හෙමින් සැරේ පාත් වෙලා යුන්ගිගෙ තොල්වලින් ජිමින්ගෙ තොල් තිබ්බා..එක පාරක් නෙමයි දෙපාරක්ම එහෙම කලා...
"යාහ්..ඔයාට මට කියන්න තිබ්බනෙ..වට්ටක්කෙ වගේ බුම්මගෙන මන් කියන ඒවා අහන් හිටියෙ..මමද මෝඩයා..ඔයා තමයි මෝඩ හියුනී..මම නෙමයි..."
යුන්ගි ගාවට වෙලා තොල් උල් කර කර පොඩි එකෙක් වගේ කුටු කුටු ගාපු ජිමින් ආයෙ වතාවක් යුන්ගිගෙ තොල්වලට ලං වෙනකොට යුන්ගි අනිත් පැත්ත හැරුනෙ නින්දෙන් වගේ...යුන්ගි ඇහැරුනා කියලා හිතපු ජිමින් ටක් ගාලා දොර ඇරල එලියට පැන ගත්තා..
ඇත්තටම යුන්ගි ඇහැරලා හිටියෙ..යුන්ගිට ඇහුනා ජිමින් කුටු කුටු ගාපුවා..සමාව ඉල්ලපුවා..ඒ වගේම ජිමින් තිබ්බ නෝට් එක පවා යුන්ගි බලන් හිටියෙ...අන්තිම පාරට ජිමින් කිස් කරන්න යද්දි ඒකට ඉඩ නොදී අනිත් පැත්තට හැරුනෙත් හිතලමයි..මොකද ජිමින් අසනීප වෙයි කියන බයට..
කොහොම හරි එලියට පැන ගත්ත ජිමින් පස්ස හැරෙන්නෙ නැතුව සෑහෙන්න දුරක් ආවා...ඒ ඇවිත් ගෙදරට යන්න යන පාරට හැරුනත් ආයෙත් ජිමින් හැරුනෙ යුන්ගිගෙ බෝඩිම පැත්තට...
ජිමින් ආපහු ආවා..කඩේකින් යුන්ගිට කෑමත් අරන් ආපහු එන්න කියලා කඩෙන් එලියට බහිනකොට කොහෙද නැති වැස්සක් කඩන් පාත් වෙද්දි ජිමින් වේගෙන්ම දුවලා ආවේ යුන්ගිගෙ බෝඩිමට...ඒ වෙනකොට යුන්ගි නැගිටලා නෝට් එකත් කියවලා..
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....