Chapter 11

49 6 2
                                    





ඉරණම වූ
මරණයකට
මරණය
සොයා ඒමක්.....

___________________




කට්ටියම ජින්ගෙ ගෙදරට එකතු උනේ ජින්ගෙ උපන් දිනය සමරන්න...කට්ටියම කීවට යුන්ගි නම් නෑ..යුන්ගි තායිලන්ඩ් වලනෙ..හිටියෙ ජින් ජිමින් හේසොක් සොන් විතරයි....

"ජිමින්.."

කිචන් එකේ කැරට් කප කප ඉන්නකොට ජිමින්ගෙ අතේ තිබ්බ පිහියයි ඒ එකක්ම බෝල් එකකුයි බිමට වැටුනා.....

ඇහුන සද්දෙට සොන් කිචන් එකට වේගෙන් ඇවිදන් ගියා...ජිනුත් ඒ පස්සෙන්ම ගියා....

"ජිමිනා වේ...."

ජිමින්ට ආයෙමත් අර වචන ටිකම දෝංකාර දිදී ඇහෙනවා...වැඩේ තේරුන නිසා හේසොක් ජිමින් ගාවට ළං උනා..සොන් හේසොක්ට ඉඩ දීලා අයින් උනා...

"ජිමින්...මාව ඇහෙනවද...."

"ජිමින් මට ඇහුම්කන් දෙන්න.."

"ජිමින් ඒ දේ අවධානෙ දෙන්න එපා..."

"හෙමීන් හුස්ම ගන්න...."

හේසොක් උත්සාහ කරන්නෙ ජිමින්ගෙ අවධානෙ තියා ගන්න..ඒ උනාට ජිමින්ට පාලනය කර ගන්න අමාරුයි....

"මට බෑ....බෑ.....අනී....මම...නෑ..."

ජිමින්ට එක දිගට අර වචන ටික ඇහෙන නිසා ජිමින් දගලනවා....සොන් ජින් දෙන්නාත් හේසොක් එක්ක එකතු වෙලා ජිමින්ට කතා කරන්න ගත්තා...

කොහොම කරත් හරියන පාටක් නැති නිසා සොන් ජිමින්ගෙ බෙල්ලට පාරක් ගැහුවෙ සිහිය නැති වෙන්න.....

ජින් අන්දුන් කුන්දුන් වෙලා සොන් දිහා බැලුවෙ මොකක්ද ඒ කලේ වගේ බැල්මකින්....

"මම කලිනුත් එහෙම කරලා තියනවා හියුන්ග්...."

"සොන් දන්නවද ඒ දේ අවධානම් බව..."

"ඒත් හියුන්ග් ජිමින්ට රිදෙනවනෙ..."

කොලේජ් ආව දවසෙ ඉදන් සොන් ජිමින් එක්ක හිටියනෙ...ජිමින්ට ඔහොම වෙන හැම වෙලාවකම සොන් කලේ ඔය දේ තමයි....

ආත්මයේදී...Where stories live. Discover now