ජිමින්ව චුට්ටක් අදුන්වලා දෙන්න හිතුවා..චැප් දෙකක් ගිය නිසා....🙆🏻♀️🙆🏻♀️🙆🏻♀️🙆🏻♀️🙆🏻♀️🙆🏻♀️🙆🏻♀️🙆🏻♀️
හතරවෙනි දවස එහෙම නැත්නම් කොලේජ් එකේ අවසාන දවසෙ නූරායි නූරාගෙ යාළුවොයි සේරම හැමදාම වගේ යන මිනි බාර් එක පැත්තට ගියේ විනෝද වෙන්න..මේ බාර් එක එච්චරම ප්රසිද්ධ එකකුත් නෙවෙයි...බාර් එකට ගියත් හරි කට්ටියම එක දිගට බියර්,සෝජු,වයින් බිබී විනෝද වෙන්න ගත්තා..
එයාලා එකට ඉන්න අවසාන දවසත් නිසා...ඒත් සොන්ට හදිසි වැඩකට එලියට යන්න උනා..පැයකින් විතර ආපහු එනවා කියලා නූරාට කියලා තමයි සොන් යන්න ගියෙ...
මෙහෙම කාලය ගත වෙද්දි බාර් එකේ නූරායි යාළුවොයි ඉන්න හරියටම වෙන්න ටිකක් එහායින් හිටපු පිරිමි දෙතුන් දෙනෙක් අතර රණ්ඩුවක් නැගලම යනවා...නූරාට නැතත් යාළුවන්ට මේක ගානක් තිබුනෙ නෑ..කට්ටියම හොදටම මත් වෙලා හිටියෙ..
නූරාත් මත් වෙලා හිටියත් නූරාගෙ අවධානෙ රණ්ඩුව වෙන පැත්තට යොමු වෙලා තිබුනා..ඊටත් වඩා නූරාට දැනුනා එයාගෙ හදවත වේගයෙන් ගැහෙනවා වගේ..
එක පාරටම අර මිනිස්සු , ලග තිබ්බ බෝතල් වීදුරු පොලවෙ ගහන්න ගත්තා..වටේ හිටපු අයත් කලබල වෙලා..හරිම සද්දෙයි...
මිනිස්සු අහටයි මෙහෙටයි බයටම දුවනවා..නූරා එක පාරටම හිටපු තැන බිම ඉදගෙන වකුටු උනා...නූරාව හොදටම වෙව්ලනවා..
එක පාරටම වෙඩි සද්දයක් ඇහුනෙ මිනිහෙක් තව මිනිහෙක්ට වෙඩි තිබ්බ නිසා.ඒ සද්දෙත් එක්ක නූරා හයියෙන් කෑ ගහගෙනම එක අතකින් ඔළුවත් බදාගෙන අනිත් අත පපුවට තියාගෙන හූස්ම අල්ලන්න පටන් ගත්තා...
නූරාගෙ යාළුවොත් කලබලේ අස්සෙ එලියට පැන ගත්තා මිසක නූරාව මතක් උනේ නෑ...මේ අතරෙ නූරා ගාවට දුවන් ආව කෙනෙක් පුළුවන් පරිස්සමට නූරාව බාර් එකෙන් එලියට අරගෙන ආවා..එයාලා අන්තිමට නැවතුනෙ මිනිබාර් එකට තරමක් ඈතට වෙන්න අදුරු පාරක නවත්තලා තිබුන කාර් එකක..ඒ ගේනකොටත් නූරා අමාරුවෙන් හුස්ම අල්ලනවා...
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....