Chapter 26

26 5 13
                                    


යුන්ගි ජිමින්ගෙ ඩයරි එක ඕපන් කරන්න කලින් දෙන්නගෙ ආදරෙ පටන් ගත්ත විදියෙ ඉතුරු ටික මම කියලා ඉන්නම්...මොකද යුන්ගි සෑහෙන්න බිසී වෙලා...ගෙදරට එන්නෙත් නැති වෙයිද කොහෙද...

එදා ජිමින්ගෙන් ගුටි කාපු ලමයව යුන්ගි භාර දීලා අවනෙ..සිකියුරිටි යුන්ගිව ඇතුලට එක්කන් යන්න හැදුවත් යුන්ගි එකග උනේ නෑ...ඒ නිසාම ජිමින්ට ලැබුන දඩුවම හිතන තරම් බරපතල උනේ නැහැ..ඒත් ආයෙත් එහෙම දෙයක් ජිමින් අතින් උනොත් අනිවාර්යයෙන්ම එයාගෙ පන්ති තහනම් කරන බව ජිමින්ගෙ දෙමව්පියන්ට දන්වව්වා....

"ආආආයිශ් මේ මනුස්සයා ඩේසි මල් අරන් කොහෙද යන්නෙ...."

එදා ජිමින් කොලේජ් එකට එනකොට පරක්කු උනා...ඇවිත් බහිනකොටම ජිමින් දැක්කෙ ඩේසි මල් පොකුරකුත් අරන් යුනිවර්සිටි ගේට් එකෙන් එලියට යන යුන්ගිව.....

ඒ දැක්ක පාර ජිමින් කොලේජ් යෑම පැත්තක දාලා යුන්ගි පස්සෙන් ගියා...

"ජිමිනාආආආ..කොහෙද යන්නෙ..කොලේජ් එක මෙහෙ බන්..ඔහෙ නෙමයි..."

කොලේජ් ගේට් එක පහු කරන් යන ජිමින්ව දකින සෝ මින් කෑ ගැහුවා...

"ආආයිශ්..මේකගෙ කට නම්..."

"මෙහෙ වරෙන් යකෝ..."

ජිමින් උත්තර නොදී ඉස්සරහට ඇදුනා....සෝ මිනුත් ජිමින් පස්සෙන් පන්නන් ආවේ ජිමින් කරන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව.....

"යාහ් ජිමිනා...කොහෙද මේ යන්නෙ..."

"කට වහගෙන එනවා නම් වරෙන්..නැත්තම් පලයන්..."

"හරි හරි එන්නම්...යකෝ හෙමින් යමන්..."

ජිමිනුයි යාළුවයි දෙන්නා යුන්ගි පස්සෙන් ගිහින් අන්තිමට නැවතුනෙ ඒ හරියම තිබ්බ ආදහනාගාරය ගාව....

"උඹ මොකදට මෙතෙන්ට ආවේ..."

"මම ආවේ නෑ බන්...මම ආවේ යුන්ගි හියුන්ග් පස්සෙන්..."

"ඇහ්...මොකා කීවා..."

"යුන්ගි හියුන්ග් බන්..යුන්ගි හියුන්ග්.."

ආත්මයේදී...Where stories live. Discover now