සය මසක් ඉක්ම යන තැන......යොංහා මීයැංගෙ නව සහයකයා ලෙසින් ඉතා හොදින් වැඩ කටයුතු සිදු කරගෙන යන අතර හිටපු සහයකතුමා එම තනතුරෙන් ඉවත්ව සිටියත් තවමත් මීයැංගෙ පිටුපසින් හිදිමින් සහයෝගය ලබා දෙනවා...දිනක් උදෑසන යොංහා මීයැංගෙ කුටියට යන අතර මගදී හිටපු සහයකතුමා යොංහාව නවතා කවුරුන්වත් නොගැවසෙන ස්ථානයකට ඇද ගෙන දිව යනවා...
"කුමක්ද ගැටළුව සහයකතුමනි..."
යොංහා දෙඇස් පවා බෝල කර ගනිමින් අවටත් සුපරික්ෂාවෙන් බලා සහයකතුමාගෙන් විමසන්නේ ඔවුන් පිටුපසින් යමකු පන්නා ආ බව සිතූ නිසාවෙනි..
"ඔහු..ඔහු...විවාහයට කැමති...කැමති නැහැ...."
දණහිස් මතට දෙඅත් තබා හති හලමින් කතා කරන සහයකතුමා දෙස යොංහා තව තවත් පුදුමයෙන් බලන්නේ ඔහු පවසන දෙය තවමත් තේරුම් ගැනීමට නොහැකිවයි...
"ඔහු.....
විවාහය...
කැමති නැහැ......
ක....කවුද....කා ගැනද ඔබ පවසන්නෙ...."
"ආආආහ්....කුලප්පු උන ගවයා කියන කතාව ඇත්ත මේකාට නම්..."
සහයකතුමා තමන්ටම මුමණන්නේ හිසද දෙපැත්තටම ගසා දමමින්ය...
"නායකතුමා....
ඔහු විවාහයට අකමැති....ඔබට...
ඔබට තමයි එය කළ හැකි...""කු...කුමක්ද ආහ්...ඔබ මට පවසන්නේ ඔහු සමග විවාහ වෙන්නටද....යාආආආආආආආහ්....කුමක්ද ඔබ පවසන්නේ...."
"යාආආආහ් පෝතකයෝ......මා පැවසුවේ ඔහුව විවාහයකට කැමති කරවා ගන්නා ලෙසයි..ඔබට එය සිදු කළ හැකි බවයි....ආආආහ්...."
"ඕඕඕ..
පැහැදිලිව පවසන්න තිබුනා ඔබට...""එය කළ හැකිද.."
"නිසැකවම..."
යොංහා කළ යුතු යමක් වේ නම් නිසැකවම සිදු කරන බව හිටපු සහයකතුමන් දැන සිටි නිසාවෙන් මීයැංව විවාහයට කැමති කරවා ගැනීමට හොදම මාර්ගය යොංහා වන බව ඔහු තේරුම් ගනී...
_____________________________________________
කුටියෙහි අඩ නින්දෙන් පසු වූ මීයැං පවන්සලා ගනිමින් සිටි අවාන හකුලා දමා නැගිටින්නේ ඈතින් ඇසෙන සීනු හඩ ඉවසා ගත නොහැකි නිසයි....
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....