Chapter 38

25 5 5
                                    






අමාරුම දෙයක් තමයි ප්‍රශ්නය දැන ගෙන නොදනන්වා වගේ ඉන්න එක....


එහෙම නේද....???

යුන්ගි දන්නවා ජිමින්ට තියන ප්‍රශ්නය මේකයි කියන්න..යුන්ගිට අහන්න බෑ..ජිමින් ඔය මුකුත් දන්නෙ නෑ..කොහොම හරි දෙන්නගෙ සම්බන්ධය වෙනදා තරම් සම්ප බවක් නෑ..එන්න එන්නම දුරස් වෙක තැනට හැරිගෙන යන ගමන්..

යුන්ගි ඒ පොටෝස් ජිමින් දැක්ක බව දැන ගෙන ජිමින්ගෙ වෙනස්කම් විද විද ඉන්නවා..හැබැයි ඕකට උත්තරයත් සමහර විට යුන්ගි ගාවම තියාගෙන වෙන්නත් පුළුවන්..

_____________________

ජිමින්ට අද නිවාඩු දවසක් වෙද්දි යුන්ගි උදෙන්ම කොලෙජ් ගිහින් ආපහ ආවෙ රෑ 7 ට විතර..

යුන්ගි එනවා දැනෙනකොටම ජිමින් ඇදට වෙලා නිදා ගත්තා...ඒත් මේ වෙනකන් යුන්ගි පරක්කු උන නිසා ජිමින් බයටම ගැහී ගැහී හිටියෙ...

මොකද යුන්ගි පරක්කු වෙන කොයිම මොහොතක උනත් ජිමින්ගෙ ඔළුවට එන්නෙ යුන්ගිට මොකක්ම හරි අනතුරක් වෙලා ද,එහෙම නැත්තම් ප්‍රශ්නයක්ද කියන එක..

අදත් එහෙමයි..බලන්නකො..කොච්චර අවුල් තිබ්බත් දුරස් උනත්...හිත ඇතුලෙ කැකෑරෙන ආදරෙ හන්ගන්න බැරි හැටී..

ඉතින් යුන්ගි ගෙදරට ආවම මුළු ගේම කළුවරයි...ලයිට් ඔන් කරන් ගිහින් කාමරෙට එබිලා බලද්දි ජිමින් හොදටම නිදි....වොච් එක වොලට් එක ඔක්කම ගලවලා දාලා යුන්ගි කිචන් එක පැත්තට ගියෙ හොදටම බඩගිනි  වෙලා..යුන්ගි හිතුවා වෙනද වගේ ජිමින් මොනවා හරි හදලා ඇති කියලා...ඒත් ඒක එහෙම උනේ නෑ...යුන්ගි හිටියෙත් වැඩ කරන්න පුළුවන් තත්වෙක නෙමයි..තද ඔළුවෙ කැක්කුමක් යුන්ගිට තිබුනා...බඩගින්නයි ඔළුවෙ කැක්කුමයි දෙකම අස්සෙ කිචන් එකේ භාජන වල කිසිම දෙයක් නැතිව හිස් බව දකිනකොට යුන්ගි කාමරෙ දිහා බැලුවෙ අසරණම අසරණ බැල්මකින්....

හරියට..ජිමින් ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ වගේ හැගීමකින්.....

ආයෙත් එලියට යන්න කියලා හිතුනත් යුන්ගි එහෙම කලේ නෑ...පුංචි දෙයක් අමාරුවෙන් හරි හදා ගන්න හිතාගෙන පැන්ට්‍රිය දිහාට ඔළුව හැරෙව්වෙ ඇස් වලට උනපු කදුළු පිහදා ගන්න ගමන්...

ආත්මයේදී...Where stories live. Discover now