Chapter 34

32 5 10
                                    

"උඹ දවසක පසු තැවෙයි යුන්ගියා..."

මතකයිනෙ කලින් කොටසෙ....
_________________________________________

යුන්ගි ඒ විදියට තමන් පසු තැවෙන බව කියනකොට ජින්ට ඊට වඩා පසුතැවීමක් දැනුනා..තමන් ඒ දේ එහෙම කීව එක ගැන...ජින් දන්නවා දැන් කොහොමටවත් ඒ වචන ආපහු ගන්නත් බැහැ..කොයි තරම් සනසන්න හැදුවත් යුන්ගිව සනසන්නත් බැරි බව...

ඒත් ජින් ගාව එකම එක උත්තරයක් තිබුනා..ඒ තමා උණුසුම් වැලද ගැනිමක්..

ජින් එක්ක කතා කරලා ආපහු යුන්ගි ගෙදරට යනකොට ජිමින් නැගිටලා මල හොල්මන වගේ ඇද උඩ..යුන්ගි හිතුවෙ එදා තායිලන්ඩ් වලදි වගේ ජිමින් හීනෙන් ඇවිදිනවා ඇති කියලා..ඉතින් යුන්ගි ටක් ගාලා ලයිට් ඔන් කරලා ජිමින් පැත්තට හැරුනා..

"චිම්..වේ.."

ජිමින්ගෙ මූණෙ කදුළු..ඇස් රතුවෙලා.."

"චිම්..කතා කරන්න..බය උනාද..වේ.."

යුන්ගි කලබලෙන් ජිමින් ගාවට එනකොට ජිමින් අත මිට මොලවලා යුන්ගිගෙ මූණට ගැහුවෙ දත් මිටි කාගෙන....යුනිගිට ඒ පාර සැරටම වැදුනා...

" හැමදේම තමුන්ටම තියාගෙන ඉන්නෙ ඇයි....පසුතැවෙන්න තරම් දෙයක් එතන තිබුනෙ නැහැ...තමුසෙට මාව අමතක වෙලා තිබුන නිසායි තමුසෙ මට එහෙම සැලකුවෙ..."

"චිම්.."

"මම හැම දෙයක්ම අහගෙන හිටියෙ හියුනී...වේ..මාත් එක්ක ඔයාට අමාරු තැන් බෙදා ගන්න බැරි..ආහ්..ඒත් ඔයාට ජින් හියුන්ග් එක්ක ඒක කරන්න පුළුවන්...වේ...ආහ්..වේ.."

යුන්ගි නැගිටලා යනවත් එක්කම ජිමිනුත් ඒ පස්සෙන් ගියා..ජින්ගෙයි යුන්ගිගෙයි කතාව මුලදි නෑහුනත් අවසාන හරිය ජිමින්ට ඇහුනා..මොකද දෙන්නා කයිය ගැහුවෙ දොර ඇරගෙන එලියට එන්න ඔන්න මෙන්න වගේ වෙනකොට...

ඉතින් ජිමින්ට තරහා ආව..මොකද යුන්ගි එයාගෙ අමාරුම හැගීම් ජිමින්ට හංගන නිසා..

ඇත්තටම ඒකට හේතුව උනේ යුන්ගිට ජිමින්ට අවුලක් දෙන්න ඕන උනේ නැතිකම...

ඉතින් කොහොම හරි දෙන්නාගෙ කතාව එතනින් එහාට දිග දුර ගියා..යුනූගිටත් තරහ ගියා..යුන්ගි අනිත් පැත්තට වේදනාව පැත්තක දාලා ජින්ගෙ බෙල්ල හිර කරලා අල්ලා ගත්තා..හේතුව උනේ ජිමින්ගෙ කදුළු..ජිමින්ගෙ කදුළු තමයි යුන්ගි අකමැතිම දේ...ජිමින්ගෙ කදුළු යුන්ගිට වේදනාවක් ගේනවට වඩා ගේන්නෙ තරහක්..කා එක්කද කොයි විදයටද කියන්න දන්නෙ යුන්ගි විතරයි...

ආත්මයේදී...Where stories live. Discover now